දියවන්නා තරගයට අපේක්ෂකයන් 10,000ක් Featured

Published in පුවත්
Saturday, 12 October 2024 10:27

පාර්ලිමේන්තු මන්ත්‍රිවරු 225 දෙනකු තෝරා පත් කර ගැනීම සඳහා නොවැම්බර් 14 වැනි දින පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයට අපේක්ෂකයෝ 10,000කට ආසන්න සංඛ්‍යාවක් ඉදිරිපත්ව සිටිති.

මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 764ක් නාමයෝජනා පත්‍ර භාරදුන් බවත්, ඉන් නාමයෝජනා පත්‍ර 74 ක් ප්‍රතික්ෂේප වූ බවත් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පැවැසීය.

ඒ අනුව මෙවර මැතිවරණයේදී මැතිවරණ දිස්ත්‍රික්ක 22 සඳහා දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්වලින් කණ්ඩායම් 690 ක් තරග කරන බවද ඔහු කීවේය.

වැඩිම නාමයෝජනා පත්‍ර සංඛ්‍යාවක් දිගාමඩුල්ල මැතිවරණ දිස්ත්‍රික්කය සඳහා ඉදිරිපත් කර තිබූ අතර එම සංඛ්‍යාව 64 ක් විය. අඩුම නාමයෝජනා පත්‍ර සංඛ්‍යාවක් ඉදිරිපත් කර තිබුණේ පොළොන්නරුව සහ මඩකලපුව දිස්ත්‍රික්කවලිනි. එම දිස්ත්‍රික්කවලින් නාමයෝජනා පත්‍ර 15 බැගින් ඉදිරිපත් කර තිබිණි.

පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ නාම යෝජනා පත්‍ර භාර ගැනීමේ කටයුතු ඉකුත් සිකුරාදා (11 වැනිදා) මධ්‍යහ්න 12 න් අවසන් විය. නාම යෝජනා සඳහා විරෝධතා ඉදිරිපත් කිරීමට පෙරවරු 11.30 සිට පස්වරු 12.30 දක්වා පැයක කාලයක් ලබාදී තිබුණි. ඉකුත් බ්‍රහස්පතින්දා (10 වැනිදා) වනවිට ඉදිරිපත් කර තිබූ නාමයෝජනා පත්‍ර සංඛ්‍යාව වූයේ 241කි. නාම යෝජනා භාරදීමේ අවසන් දිනය වූ සිකුරාදා දිනයේදී නාමයෝජනා පත්‍ර 523 ක් ඉදිරිපත් කර තිබිණි.

පාර්ලිමේන්තු මැතිවරණයේදී ඡන්දයෙන් මන්ත්‍රිවරු 196 දෙනකු තෝරා පත්කර ගැනීමට නියමිතය. ඉතිරි 29 දෙනා තෝරා ගනු ලබන්නේ ජාතික ලැයිස්තුවෙනි. ඉකුත් 2020 පාර්ලිමේන්තු මැතිවරණයේදී නාමයෝජනා පත්‍ර 697 ක් ලැබී තිබූ අතර ඉන් පිළිගත් සංඛ්‍යාව 617 ක් විය. එවර නාම යෝජනා පත්‍ර 80 ක් ප්‍රතික්ෂේපවී තිබිණි. එම මැතිවරණය සඳහා දේශපාලන පක්ෂවලින් අපේක්ෂකයන් 3,652 ක් ද,ස්වාධීන කණ්ඩායම්වලින් අපේක්ෂකයන් 3800 ක් ද බැගින් අපේක්ෂකයන් 7,452 ක් තරග කළහ.

-p.m

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us