අයහපත් කාලගුණයෙන් පවුල් 18,795කට පීඩා Featured

Published in පුවත්
Sunday, 13 October 2024 10:26

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වනවිට දිස්ත්‍රික්ක 11ක පවුල් 18,795කට අයත් පුද්ගලයින් 76, 218 දෙනකු බලපෑමට ලක්ව තිබේ.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ ජලගැලීම්, අධික සුළං සහ ගස් කඩා වැටීම් හේතුවෙන් එම තත්ත්වය නිර්මාණය වී ඇති බවය.

මෙහි වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයට වන අතර එහි පවුල් 16,707කට අයත් පුද්ගලයින් 68,672 දෙනෙකුට බලපෑම් එල්ල වී තිබේ.

ආපදා තත්ත්වයන් හේතුවෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය.

අර්ධ හානි වූ නිවාස සංඛ්‍යාව 233ක් වන බව සඳහන්ය.

මේ අතර ගතවු පැය 24ක කාලය තුළ සැලකිය යුතු වර්ෂාපතනයක් නොලැබීම හේතුවෙන් අත්තනගලුඔය හා කැලණි, ගිං, නිල්වලා සහ කළු යන ගංගාවල ජල මට්ටම් පහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු පැහැදිලි කරන වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ වාරිමාර්ග ඉංජිනේරු ජී.ඩබ්ලිව්. සකුරා දිල්තාර මහත්මිය.

"ගතවු පැය 24 තුළ බොහෝ ප්‍රදේශයන්ට සැලකිය යුතු වර්ෂාපතනයක් නොලැබී තිබුණා. මේ තත්ත්වය හමුවේ අත්තනගලුඔය ද්‍රෝණියෙත්, කළු, කැලණි, ගිං යන ද්‍රෝණිහි ජල මට්ටම් මේ වනවිට අඩුවෙමින් පවතිනවා. නමුත් තවමත් ජලයෙන් යට වූ ප්‍රදේශ පවතින නිසා ජනතාව ඒ පිළිබඳව දැඩි අවධානයෙන් කටයුතු කිරීම අත්‍යාවශ්‍ය වනවා. විශේෂයෙන්ම අත්තනගලුඔය ද්‍රෝණියේ තවමත් ජලයෙන් යටවූ පහත්බිම් ප්‍රදේශවල ජනතාව ඒ පිළිබඳව දැඩි අවධානයෙන් කටයුතු කළයුතු වෙනවා. ඒ වගේම කැලණි ගංගාව අවට පහත් බිම් තවම ජලයෙන් යටවී පවතිනවා. කෙසේවෙතත් මෙම තත්ත්වය ක්‍රමක් ක්‍රමයෙන් අඩුවීමක් බලාපොරොත්තු වෙනවා. වර්ෂාව අඩුවීමත් සමග මෙම ගංගා ද්‍රෝණින්හි ජල මට්ටම් ඉතාමත් ඉහළ මට්ටමක තමයි පවතින්නේ එම නිසා ඉදිරියේදී සැලකිය යුතු වර්ෂාවක් ලැබුණොත් මෙම ගංගා ඉතා ඉක්මනින් නැවතත් ඉහළ ගංවතුර තත්ත්වයන් දක්වා පැමිණිමට හැකියාවක් පවතිනවා."

මේ අතර ප්‍රදේශ කිහිපයක් සඳහා නාය යෑමේ අනතුරු ඇඟවීම් තවදුරටත් බලපැවැත්වෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

ඒ අනුව දිස්ත්‍රික්ක 09 ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 47ක් සඳහා නිකුත් කළ නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇගවීමේ නිවේදනය අද පස්වරු 4 දක්වා බලපැවැත්වෙන බව එම සංවිධානය පැවසීය.

-p.m

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us