රාජ්‍ය ආයතන විකිණීම හෝ නොවිකීණිම ගැන තීන්දුව ඡන්දෙන් පස්සේ

Published in පුවත්
Monday, 14 October 2024 12:01

ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඇතුළු රජය සතු ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීම සහ මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ පැවරීම පිළිබඳ ප්‍රධාන ප්‍රතිපත්තිමය තීරණ මහ මැතිවරණය අවසන් වනතුරු රජය විසින් අත්හිටුවා ඇතැයි වාර්තා වේ.

පසුගිය රජය රජය සතු ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමේ ඒකකය (State Owned Enterprises Restructuring Unit) මඟින් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස්, ශ්‍රී ලංකන් එයාර්ලයින්ස්, ශ්‍රී ලංකා කජු සංස්ථාව සහ ශ්‍රී ලංකා ටෙලිකොම් වැනි රාජ්‍ය වාණිජ ව්‍යාපාර 130 ක් ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා හඳුනාගෙන තිබිණි. ඇතැම් ආයතන සම්බන්ධයේ පියවර ගෙන ද තිබිණි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජය බලයට පත්වීමත් සමඟම එම ඒකකයේ අධ්‍යක්ෂ මණ්ඩලය ඉල්ලා අස්විය.

අදාල වාර්තා අනුව මෙම ඒකකය පිළිබඳ තීරණය ගැන විමසූ විට නව රජයේ ඉහළ නිලධාරියෙකු පවසා තිබුණේ එම ඒකකය සම්බන්ධයෙන් හෝ රජය සතු ඕනෑම ආයතනයක් ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ඕනෑම තීරණයක් මහ මැතිවරණය අවසන් වූ පසුව ගන්නා බවයි.

එම නිලධාරියා පැවසුවේ ජාතික ගුවන් සේවය විකුණා නොදමන නමුත් රජය විසින් මෑතකදී පත් කරන ලද නව කළමනාකාරීත්වය සමඟ සාකච්ඡා කර නව සංවර්ධන ආකෘතියක් සකස් කරන බවයි. ඒ අතර ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම වැනි ලාබ ලබමින් තිබෙන ආයතනයක් ඈවර කීරීමට තීන්දු කිරීම ගැන ආන්දෝලනයක් ඇතිව තිබිණි.

මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ ඉන්දීය රුසියා හවුල් ව්‍යාපාරයකට පැවරීමට ද පසුගිය රජය තීරණය කළේය. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් වන වාණිජ ගිවිසුම සඳහා නීතිපතිවරයා තවමත් කැමැත්ත ලබා දී නොමැත.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේදී ඉදිකරන ලද මෙම ගුවන් තොටුපළ ඇමෙරිකානු ඩොලර් මිලියන 209ක පහසුකමකි.

මීට අමතරව , කොළඹ - රත්නපුර අධිවේගී මාර්ගය සහ කුරුණෑගල මහනුවර සහ දඹුල්ල යා කරන මධ්‍යම අධිවේගී මාර්ගයේ තුන්වන සහ හතරේ අදියරේ ඉදිකිරීම් පිළිබඳව නව රජය තවමත් ඉදිරි පියවර සලකා බලා නැත.

එමෙන්ම මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත - මීරිගම කොටසේ වැඩකටයුතු චීනයේ EXIM බැංකුව ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් පසු තවමත් මුදල් ලබාදී නොමැති බැවින් ඒ අතරමඟ නැවතී ඇත.

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us