කමිටු වාර්තාව රජය පිළිගන්නේ නැහැ. රවී, ශානි ඉවත් කරන්නේ නැහැ. Featured

Published in පුවත්
Tuesday, 22 October 2024 12:14

කිසිදු අවස්ථාවක රවී සෙනෙවිරත්න සහ ශානි අබේසේකර වර්තමානයේ සිටින තනතුරුවලින් ඉවත්කිරීමට රජය සුදානම් නැති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා, පාස්කු කමිටු වාර්තාවක් උපුටා දක්වමින් අදාළ නිලධාරීන් දෙදෙනාව ඉලක්ක කර ඇත්තේ, ඔවුන් දෙදෙනා වර්තමානයේ දරන තනතුරු ඉවත් කරගැනීමේ අවශ්‍යතාවය මත බව අමාත්‍යවරයා කියා සිටියේය.

අද (22) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා පවසා සිටියේ, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඉතා අපක්ෂපාති පරීක්ෂණයක් එම නිලධාරීන් දෙදෙනා අතීතයේ සිට සිදුකළ බවය.

පාස්කු වින්දිතයින් පවා එම නිලධාරීන් දෙදෙනා අපක්ෂපාති බව හොඳින් දන්නා බවත්, විවිධ අවශ්‍යතා ඇති අයට ඔවුන්ව තනතුරුවලින් ඉවත් කිරීමේ අවශ්‍යතාවයක් මතුව ඇතැයි ද විජිත හේරත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

ප්‍රශ්නය - අපරාධයකට ළඟින් හෝ යන අයෙක් යම් තනතුරකට පත්කර නීති කටයුතු සිදුකරන්නේ නෑනේ. ඔබතුමා හිතන්නේ නැද්ද මේ පත්කිරීම නොකර මේක ඉවර කරලාම ජාතික ජන බලවේගයේ ආණ්ඩුවේ වෙනත් නිලධාරීන් පත්කරලා, මේක කරගෙන යන්න තිබුණා කියලා.

"ඉතා පැහැදිලිවම මේ පරීක්ෂණ අපක්ෂපාතිව පවත්වාගෙන ගියේ එවකට CID හිටපු රවී සෙනෙවිරත්න මහතා සහ ශානි අබේසේකර මහතා ඇතුළු කණ්ඩායම. ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වුණා පළමු දඩයම කළේ ශානි අබේසේකරව එතැනින් ඉවත් කළ එක. ඒක අපි දන්නවා. පරීක්ෂණවලට බාධා කළේ දේශපාලන අධිකාරිය. අපි එහෙම බාධා කරන්නේ නෑ. අපි පරීක්ෂණ කරගෙන යනවා.

ඔය පරීක්ෂණ කරන්නේම ඔතැනින් මේක ගලවන්න. ගම්මන්පිල ප්‍රශ්න කරන එකේ වාර්තාවේ විවිධ අයගේ නම් තියෙනවා. ඒ අය ගැන ගම්මන්පිල ප්‍රශ්න කරන්නේ නෑ. ගම්මන්පිලට ඕනේ ශානි අබේසේකර සහ රවී සෙනෙවිරත්නව මෙතැනින් ඉවත් කරන්න. අපි ඒක කරන්නේ. ඒ වුවමනාවට අපි යටවෙන්නේ නෑ..."

මෙම කමිටු වාර්තාවේ පැහැදිලි ඉලක්කය වෙලා තියෙන්නේ වෙන කවුරුවත් නොවෙයි රවී සෙනෙවිරත්න සහ ශානි අබේසේකර මහත්වරු ව. මීට පෙර මානව හිමිකම් උල්ලංඝනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් තිබ්බා...තීන්දු දුන්නා. හිටපු ජනාධිපතිවරයා ට විරුද්ධව, නිලන්ත ජයවර්ධන ට විරුද්ධව, හිටපු පොලිස්පතිවරයාට විරුද්ධව තීන්දු දුන්නා. ඒ නඩුවේ ශානි අබේසේකර මහත්තයාගේ නම සඳහන් වෙලා තිබුණේ නෑ. ඒ නඩුවේ රවී සෙනෙවිරත්නගේ නම සඳහන් වුණා. හැබැයි නඩු තීන්දුවේ කිසිදු තැනක ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවන් 7 දෙනෙකුගෙන් යුක්ත පූර්ණ විනිසුරු මණ්ඩලයක විභාග කළ නඩු වාර්තාවේ රවී සෙනෙවිරත්න මහත්මයා කිසිදු චෝදනාවකට වරදකරුවෙක් වුණේ නැහැ. ඒ තීන්දුවේ ඔහුගේ නමවත් සඳහන් වෙලා නෑ. ඉතින් එහෙම තියෙද්දී තමයි මේ හදිස්සියේ විශ්‍රාමික පොලිස් සාමුහිකයේ කටයුතු ආරම්භ කරපු ගමන් සාගල රත්නායක රවී සෙනෙවිරත්න ව මුණ ගැහිලා තමන්ගේ කටයුතු සඳහා සහාය දෙන්න මෙතැනින් ඉවත්වෙන්න කියලා ඉල්ලීමකුත් කරලා තියෙන තත්ත්වයක් යටතේ දැන් මේ කමිටුවක් පත්කරලා වාර්තාවක් ඉදිරිපත් කරලා තියෙන්නේ.

ඒ වාර්තාවේ තවත් අය පිළිබඳව සඳහන් කරලා තියෙනවා. හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහත්මයා පිළිබඳවත් තවත් විවිධ අයත් පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කරලා තියෙනවා. ගම්මන්පිලට ඒවා පෙන්නේ නෑ. ඒවා දකින්නේ නෑ. දැන් මේ මෙච්චර කාලයක් නිදාගෙන ඉඳලා..ඔහු ආණ්ඩුවේ අමාත්‍යධුර දැරුවා. විපක්ෂයේ හිටියා. ඒ මොකක්වත් නැතිව දැන් මේ වුවමනාව කාගේද කියලා පැහැදිලියිනෙ හරියටම ජන්ද ප්‍රචාරක කටයුතු ඉවරවෙන්නේ සැප්තැම්බර් 18, 17 තමයි මේ වාර්තාව ලබා දෙන්නේ. මේක නිකම්ම නිකම් කමිටු වාර්තාවක්."

ඊයේ මාධ්‍ය හමුවේ විශ්‍රාමික විනිසුරු ඒ.එම්.ජේ ද අල්විස් කමිටු වාර්තාවේ 40 වැනි පිටුවේ අඩංගු කරුණු උපුටා දක්වමින් ගම්මන්පිල මහතා පැවසුවේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රධානම චූදිතයෙකු ලෙස රවී සෙනෙවිරත්න මහතාව නම් කර ඇති බවයි.

එබැවින් ඔහුව වහාම මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ධුරයෙන් ඉවත් කළ යුතු බව උදය ගම්මන්පිල මහතා පැවසීය.

මෙම චෝදනා සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දක්වමින් කැබිනට් ප්‍රකාශක විජිත හේරත් මහතා පැවසුවේ එම කමිටුව දේශපාලන අවශ්‍යතා මත පිහිටවූ බවයි.

එබැවින් එම කමිටු වාර්තා රජය පිළිනොගන්නා බව ඔහු පැවසීය.

"ජනක ද සිල්වා කොමිසම් වාර්තාවේ කිසි තැනක රවී සෙනෙවිරත්න මහත්මයා ව වරදකරුවෙක් කරලා නෑ. එහෙම තියෙද්දී තමයි හිතා මතා මේ වගේ කමිටු වාර්තාවක් ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ නිසා මේ නිර්දේශ ඒ විදියටම අපි පිළිගන්නේ නෑ. රජයක් විදියට මේ දේශපාලන වුවමනාවට පත්කරපු විෂමාචාර චෝදනාවලට ලක්වෙච්ච හිටපු මහාධිකරණ විනිසුරුවරියක් විශ්‍රාම ගියාට පස්සේ සම්බන්ධකරගෙන පත්කරපු වික්‍රමසිංහ ගේ මේ දේශපාලන පළිගැනීමේ ඉලක්ක කරගෙන පිහිටවපු මේ කමිටුව අපි පිළිගන්නේ නෑ. ඒ නිසා අපි රජයක් විදියට ඉතා වගකීමෙන් යුක්තව මේ සියලුම වාර්තාවල තියෙන කරුණු සහිතව පූර්ණ විමර්ශනයක් සහිත නව පරීක්ෂණයක් පවත්වනවා. ඒ පරීක්ෂණයෙන් අපි මේ අසාධාරණයට ලක්වෙච්ච වින්දිතයින්ට සාධාරණය ඉටු කරන්නත් මේ රටේ නීතිය ස්ථාපිත කරන්න අවශ්‍ය පියවර ගන්නත් වගකීම් සහගතව කටයුතු කරනවා...මට කියන්න කනගාටුයි මම මේවා කියන්න හිටියේ නෑ.

මේ විනිසුරුතුමිය ගැන මේවා අපි කියන්න හිටිය දේවල් නොවෙයි. නමුත් එතුමිය මේ වගේ මරාල කර ගහන්න හදනකොට තේරුම් ගන්න ඕනේ මේ අනුන්ගේ පව් කරගහන්න ගිහිල්ලා වෙන තත්ත්වය. ඉතින් මේ වගේ කමිටුවලින් දෙන වාර්තා අපිනම් කොහෙත්ම පිළිගන්නේ නෑ. ගම්මන්පිල මහත්තයා උස්සන්ගියාට අපිට කරන්න දෙයක් නෑ. අපි මේ පිළිබඳව අපක්ෂපාතී සාධාරණ පරීක්ෂණයක් කරලා කවුරුහරි නිලධාරියෙක් ඒ වගකීම් පැහැර හැරලා තියෙනවා නම් අපිට ඒකෙ තරාතිරමක් නැහැ. ඒකෙ හංගන්න දෙයක් නැහැ අනිවාර්යෙන්ම ඕනෑම පුද්ගලයෙක් රජයේ නිලධාරියෙක් හෝ වෙනත් පුද්ගලයෙක් මෙතන වැරද්දක් කරලා තියෙනවා නම් එය සාධාරණ අපක්ෂපාතී පරීක්ෂණයකින් අපි අනිවාර්යේන්ම නීතිය ක්‍රියාත්මක කරනවා. අපි ඒකට පැකිලෙන්නේ නෑ."

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us