වට්ටම් සහිත ගණිකාවෝ

Published in පුවත්
Thursday, 03 July 2014 09:54

මේ දිනවල ලොව පුරා අවධානයට ලක්ව තිබෙන පාපන්දු ලෝක කුසලානයේ සැඟවුණු තොරතුරු පහතින් බලන්න.


වට්ටම් සහිත ගණිකාවෝ!

පාපන්දු ලෝක කුසලානය ආරම්භ වන තුරු ඇඟිලි ගනිමින් බලාගෙන සිටි බ්‍රසීල ගණිකාවන්ට නම් දැන් හොඳ කාලයක් උදා වී තිබේ. රියෝහි විලා මිමෝසා රතු ලාම්පු දැල්වෙන දිස්ත්‍රික්කය දැන් රෑ සමනළියන්ගෙන් පිරී ඉතිරී ගොස් ඇත. ව්‍යාපාරය කෙතරම් සරුසාර වී ද යත් ගනුදෙනුකරුවන් ට වට්ටම් සහිතව සේවාවක් සපයන්නට ඔවුහු දැන් නැඹුරු වී සිටිති.

“මම බලාගෙන ඉන්නේ බ්‍රිතාන්‍ය ජාතික ගනුදෙනුකරුවන් එනතුරු. ඔවුන් සමඟ කතා කරන්න මම භාෂාවක් දන්නේ නැහැ. ඒත් ඔවුන් සමඟ කොහොම හරි මගේ අදහස සන්නිවේදනය කරගන්න මට පුළුවන්. ඊට අවශ්‍යය ක්‍රම සහ විධි මම දන්නවා. ඔවුන්ට මගේ කාලයෙන් පැය භාගයක් මම ලබාදෙන්නේ රියාල් 60 කට. ඒත් පැයකට මම අය කරන්නේ රියාල් 100ක් පමණයි. මොකද, ඔවුන් හුඟ දුරක් ගෙවාගෙන මෙහි පැමිණි අය නේ...” යැයි කියා කියන්නේ වට්ටම් සහිතව සේවා සපයන ගණිකාවකි.


නිරුවත් පාපන්දුව

මේ අතර ‘නේකට් ෆුට්බෝල්’ හෙවත් ‘නිරුවත් පාපන්දුව‘ ත් කළ එළි බැස්සේ ය. එනමින් හැඳින්වුණේ පාපන්දු තරගයකි. තරගය පැවැත්වුණේ බෙලෝ හොරිසොන්ටේ හි දීය. එහි විශේෂත්වය තරගයේ එක් පිලක් බ්‍රසීල ගණිකාවන්ගෙන් සමන්විත වීම යි. අනෙක් පිලේ සිටියේ අමෙරිකානු ජාතික කතෝලික කාන්තාවන් පිරිසකි.

බ්‍රසීලයේ මිනාස් ගෙරයිස් හි පිහිටි ගණිකා සංගමය තරගය සංවිධානය කරන්නට මුල්තැන ගෙන තිබිණි. තරගයේ ජය හෝ පරාජය හෝ ගැන කිසිවක් සඳහන් වන්නේ නැත. ඒ වගේම ඒ ජය හෝ පරාජය හෝ කාටවත් වැදගත් වන්නේත් නැත. ඒත් තරගය පැවැත්වීමේ අරමුණ නම් මුළු මිනිස් සංහතියට ම වැදගත් ය. එකී අරමුණ විවරණය කෙරෙන ප්‍රකාශ හැම තැනෙක ම දකින්නටත් පුළුවන් විය.

“හැම දෙනකු ට ම තිබෙන්නේ එක හා සමාන අයිතීන්. ගණිකාවක් වුණා කියලා ඒ අය අනෙක් අයගෙන් වෙනස් නැහැ. ඔවුන් ද අනෙක් අය භුක්ති විඳින අයිතීන් භුක්ති විඳිය යුතු පිරිසක්” යැයි කියා අරමුණ පැහැදිලි කර දී තිබුණේ එක් ගණිකාවකි. ඇගේ කතාවෙන් විවරණය වන කාරණාවල හැටියට නිරුවත් පාපන්දුව මහ පොළොව මත පෙරැළී තිබෙන්නේ ගණිකාවන්ගේ අයිතීන් වෙනුවෙනි.


නිමක් නැති විඥානයක් !

මෙවර පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ දී ක්‍රීඩා ලෝලීන්ගේ හැසිරීම අන්කවදාටත් වඩා කැපී පෙනේ. වාර්තාවල සඳහන් වන ආකාරයට ලෝක ජනගහනයෙන් බිලියන 3කට අධික පිරිසක් මොනයම් ක්‍රමයකින් හෝ පාපන්දු තරග නරඹති. බ්‍රසීලයට ම ගොස් සියැසින් ම තරග නරඹන මිලියන ගණනක පිරිසකුත් වෙති. මිලියන ගණනක් වුණු ඒ අය අතර විවිධාකාර ප්‍රේක්‍ෂකයෝ සිටිති.

සමහරුන් තරග නරඹන්නට එන්නේ ම අඩ නිරුවතිනි. ගැහැනුන් පිරිමින් යැයි කියා වෙනසක් එහි නැත. විවිධාකාර විකාර රූපී ඇඳුම්වලින් සැරසී එනවා තරම් තවත් විනෝදයක් නොලබන අයත් ඒ අතර සිටිති. පිළිවෙළක් නැති එක එක කාලයේ අරුමෝසම් පලඳනා එල්ලාගෙන පිටියට එන අය ගණනක් මිම්මක් නැති තරම් ය.

සමහරුන් පිටියට එන්නේ නොයෙක් ආකාරයේ රූප ලාංඡන පින්තාරු කර ගෙන ය. තමන්ගේ රටේ ජාතික ධජය හෝ එහි වර්ණ හෝ රටේ නම හෝ මුහුණේ පින්තාරු කරගත් අය ප්‍රේක්‍ෂකාගාරවල සුලබ ය. තවත් අය තමන් කැමැති දේ පින්තාරු කරගෙන තිබෙන්නේ පපු පෙදෙසෙහි ය. දුටුවන්ගේ මුවට සිනහවක් නඟන තාලයේ වෙස් මුහුණු පැලඳගෙන සිටින ක්‍රීඩාලෝලීන් ප්‍රේක්‍ෂකාගාර තුළ හිඟ නැත.

ඔවුන්ගෙන් සමහරු සතුන්ගේ මුහුණු ආකාරයේ වෙස් මුහුණු පැලඳගෙන විනෝද වෙති. තවත් අය පැලඳගෙන සිටින වෙස් මුහුණුවල අර්ථය සොයන්නට මේ ලෝකයේ කිසිවකුට බැරි ය.


ගොරහැඩි රස

ඒ සියල්ලටම වඩා අමුත්තක් ඇත්තේත් නැති නැත්තේ නැති සිද්ධිය නම් පාපන්දු පිටියේ උණුසුම විඳින අය හොරෙන් හොරෙන් මත්පැන්වල ගොරහැඩිකමත් විඳීම යි. පාපන්දු තරග පැවැත්වෙන ක්‍රීඩාංගණනවලට පිවිසෙන කාටවත් මත්ද්‍රව්‍ය ඒවා තුළට ගෙන ඒමට ඉඩක් නැත. බ‍්‍රසීල බලධාරීන් ඒ ආකාරයට නීති පනවා තිබුණත් ඇත්ත තත්ත්වය නම් ශීතල පාන අතරේ රහමෙරත් පිට්ටනි තුළට පිවිසීමයි.

ප්‍රේක්ෂකාගාර තුළ සිටින මහා ජන ගඟ කන බොන දේවල් එකක් එකක් ගෙනහැර පරීක්‍ෂා කරන්නට ගියහොත් ආරක්‍ෂක අංශවලට වෙනත් දෙයක් කරන්නට වෙලාවක් නැති වේ. ක්‍රීඩාවේ උද්වේගකාරී බව විඳීන්නට නොදන්නා මත්ලෝලීන්ට ඒ හිදැස හොඳට ම ප්‍රමාණවත් ය.


හාස්කම්

ලෝක ඉතිහාසයේ මෙතුවක් පැවැති කිසිදු පාපන්දු තරගයක දී සිදු නොවුණු දෙයක් ප්‍රේක්‍ෂකාගාරයක සිදු වුණේ මෙවර පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ දී ය. ආබාධිතයන් ලෙස රෝද පුටුවලින් ප්‍රේක්‍ෂකාගාරයට පිවිසි ක්‍රීඩාලෝලීහු පිරිසක් එක්වරම රෝද පුටුවලින් නැඟී සිටියහ. මෙවර පාපන්දු ලෝක කුසලාන තරගාවලිය හාස්කම් සිදුවන තැනක් දැයි කියා සමහරවිට ඔබ සිතනවා විය හැකිය. විසිවන පාපන්දු ලෝක කුසලාන තරගාවලිය තුළ එවැනි දෙයක් සිදුවුණේ අනෙකක් නිසා නොව වංචා සහ දූෂණ නිසයි. ලෝක පාපන්දු පෙඩරේෂණය ආබාධිත ක්‍රීඩාලෝලීන් සඳහා සීමිත ප්‍රවේශපත් සංඛ්‍යාවක් වෙන්කර තිබිණ.

ඒ හැරුණු විට විශ්‍රාමිකයන්ටත්, ශිෂ්‍යයන්ටත්, අධික ස්ථුලතාවයෙන් යුතු අයටත් තරග නරඹන්නට ප්‍රවේශපත් කිසියම් ප්‍රමාණයක් වෙන් කෙරිණි. මේ ටිකට් පත් ඉලක්ක ගත පාපන්දු ප්‍රේක්‍ෂකයන් වෙතට ගියේ ද යන සැකය දැන් මතුව තිබේ. එසේ නොවන්නට රෝද පුටුවලින් ආ ප්‍රේක්‍ෂකයන් තරගය අතරතුර දෙපයින් නැඟී නොසිටිනවාට සැකයක් නැත.

පාපන්දු තරග නරඹන්නට නිකුත් කළ ප්‍රවේශ පත්‍රවලින් සැලකිය යුතු කොටසක් කළුකඩ ජාවාරම්කරුවන් අතට ගොස් ඇති බව පාපන්දු බලධාරීන්ගේ කන වැටුණේ තරග ඇරඹෙන්නටත් පළමුවයි. ඒත් ජාවාරම අල්ලාගන්නට දැල එළීම ඒ තරම් ලෙහෙසි දෙයක් නොවේ. ඇතැම් ප්‍රවේශ පත් සමාජ වෙබ් අඩවි හරහා විකිණී තිබීම ඊට හරස් කැපූ තවත් කාරණයක් විය. තවත් සමහර මාධ්‍යය කල් ඇතිවම වාර්තා කර තිබුණේ ව්‍යාජ ප්‍රවේශ පත්‍ර භාවිතයට ඇති බවකි. කොහොම වුණත් ආබාධිත ප්‍රේක්‍ෂකයන් ලෙස ආ අය හදිසියේ හාස්කම් පෑමේ සිද්ධිය නම් ආරක්‍ෂක අංශවල දැඩි අවධානයට ලක්ව ඇත.


පාපන්දුව විශ්වීයයි !

20වන පාපන්දු වසන්තයේ රසය ඒ හැටියට ම විඳ ගන්නට බාධා ඇති අය වෙනුවෙන් විශේෂ සේවා රැසක් ක්‍රීඩාංගණ තුළ තිබේ. ආබාධිත අයට භාවිත කළ හැකි වැසිකිළි පද්ධති සමහර ක්‍රීඩාංගණ තුළ ඉදිකර ඇත. සාමාන්‍ය ප්‍රේක්‍ෂකාගාර තුළ රැඳී සිටියත් අන්ධ බවට පත් අයටත් බිහිරි බවට පත් අයටත් පාපන්දුව පෙරළෙන අත ගැන දැන ගන්නට විදියක් නැත. ඒ අය වෙනුවෙන් විශේෂ ශ්‍රව්‍ය දෘශ්‍යය සේවාවක් ක්‍රීඩාංගණ හතරක් තුළ ක්‍රියාත්මක වේ. අන්ධ අය වෙනුවෙන් ම පවත්වාගෙන යන ගුවන් විදුලි විස්තර විචාරයක් ඇත.

එය සාමාන්‍ය ගුවන් විදුලි විස්තර විචාරයකට වඩා වෙනස් ය. අන්ධ අයට තේරුම් ගැනීමට හැකි ආකාරයට භාෂාව හසුරුවන්නට දන්නා සන්නිවේදකයෝ එහි විස්තර විචාරකයෝ ය. තරග බිම තත්පරයක් තත්ත්පරයක්, පාසා සිදුවන දෙය ඇසීමෙන් ම සිතේ මවාගන්නට පුළුවන් තරමේ ප්‍රබල විවරණයක් ඔවුහු ගෙන එති. බිහිරි අය වෙනුවෙන් අංගචලන සහිත විස්තර විචාරයක් ගෙන එන්නේ ශ්‍රව්‍යය – දෘශ්‍යය මාධ්‍යය භාවිතයට ගනිමිනි.

..... “පාපන්දු විශ්ව ක්‍රීඩාවක්. එයට සමීපවෙන්න හැම කෙනකුට ම පහසුකම් තිබිය යුතුයි. ආබාධිත ක්‍රීඩාලෝලීන් වෙනුවෙන් සේවා රැසක් ලබා දීමට අපි මෙවර කටයුතු කළේ ඒ නිසයි” කියා කියන්නේ අන්තර් ජාතික පාපන්දු පෙඩරේෂනයේ සභාපති ජෝසප් එස් බ්ලැටර් ය.


තරග උණුසුමට චීන්නු මියයති

තරගවල උණුසුම ඒ හැටියෙන් ම බෙදාදෙන නිසාදෝ පාපන්දු තරග රූපවාහිනියෙන් නරඹමින් සිටි චීන ජාතිකයන් තිදෙනකු මිය ගොස් ඇත. මේ අය මිය යන්නට ආසන්නතම හේතුව වී තිබෙන්නේ අධික ලෙස නිදිමරමින් තරග නැරඹීමයි. නිදිමැරීමේ වෙහෙස නිසා හෘද රෝග, අධික රුධිර පිඩන තත්ත්වය ඔවුන් තුළ මතුව ඇත. ඒවා ගැන හිතන්නටවත් ඉඩක් නොතබා තරග නරඹන අතර තුරදීම ඔවුන් ජීවිතක්‍ෂයට පත්ව ඇත.


විභාගයක් නැති නඩු

ලෝක කුසලාන පාපන්දු තරගාවලිය පැවැත්වෙන කාලය තුළ නීති රීති කඩ කරන කාටත් ජීවිතයේ අමිහිරිතම දඬුවම්වලට යටත් වන්නට සිදුවන බව බොහෝ දෙනෙක් නොදනිති. දඩුවම් අමිහිරි ම තත්ත්වයට පත්ව ඇත්තේ බ්‍රසීල බන්ධනාගාරවල පවත්නා තත්ත්වය හොඳ නැති මට්ටමක පැවැතීම නිසයි. වරදක් කරනු ලැබු කෙනකුට සිදු වන්නේ බන්ධනාගාර ගත වන්නටයි.

මේ ආකාරයට විදේශිකයෝ විශාල පිරිසක් දැනටමත් බන්ධනාගාර ගත වී සිටිති. ඉතාලි ජාතික ඡායාරූප ශිල්පි ගියුසෙපේ බිසාරි බ්‍රසීල බන්ධනාගාරවල ඇතුළාන්තය අනාවරණය කෙරෙන ඡායාරූප පෙළක් සමඟ වාර්තාවක් පළකර තිබිණි. මේ ඡායාරූපවලින් පෙනෙන ආකාරයට බන්ධනාගාර තුළ දැනට සිටින අය අතර සැලකිය යුතු සංඛ්‍යාවක් ඉංගී‍්‍රසි ජාතිකයෝ වෙති.

සිරමැදිරි තුළ රඳවා ඇති අයට ප්‍රමාණවත් තරම් පහසුකම් නැත. අඩුම තරමින් එකකුගේ සිරුරේ නොහැපී නොගැටී හාන්සි වී සිටින්නට හෝ සිටගෙන සිටින්නට හෝ අවශ්‍ය වන තරමේ ඉඩක් ඒවායේ නැත. ඉවක් බවක් නැතිව ‘අසුරා’ ඇති මේ මිනිස් කැල භයානක රෝගවලට ගොදුරු විය හැකි බවට අනතුරු ඇඟවේ. විශේෂයෙන් ම ක්‍ෂය රෝගය බෝවීමේ අවදානමක් තිබේ. බ්‍රසීලය තුළ ක්‍ෂය රෝගය අද වන විට පැතිර යන්නේ අන් කවදාටත් වඩා භයානක පරිමාණයකිනි. එවැනි පරිසරයක් තුළ බන්ධනාගාරවල ලගින මිනිසුන්ගේ වග, විභාග වන්නේ කොයි ලෙසකින් දැයි කියා සිතීම බොහෝ දුෂ්කර ය.


ජෙනිෆර් මාර්ක් ගෙන් ඉවතට

පාපන්දු කුසලාන තරගාවලියේ උණුසුමට මැකී ගිය ඕනෑ තරම් දුක්බර සිද්ධි ලෝකය පුරා තිබේ. ජෙනිෆර් ලොපෑස්ගේ විවාහය කටු ගෑ වී යෑම එවැනි එක් සිද්ධියකි. පාපන්දු ලෝක කුසලාන තරගාවලියත් සමඟ ජෙනිෆර් ලොපෑස්ගේ නම ඈඳෙන්නේ ඈ එහි නිල ගීතය ගායනා කළ නිසයි. එම ගීතය ජනපි‍්‍රය වීම කෙසේ වෙතත් ජෙනිෆර්ගේ විවාහය කැටු ගෑවී යාම නම් ඊට වඩා බොහෝ ජනපි‍්‍රය විය.

දුක්බර සහ වේදනාකාරී සිද්ධිවලින් ගහන පාපන්දු ලෝක කුසලාන තරගාවලිය ක්‍රීඩාවේ සොඳුරුතම තැන ලෙස හඳුන්වා දෙන්නට සමහර විචාරකයෝ උත්සාහ දරති. ඒත් දරිද්‍රතාවයෙන් මිරිකී මිරිකී ජීවත් වන මිලියන සංඛ්‍යාත බ්‍රසීල ජනයාගේ ජීවිත සුඛිත මුදිත කරනවා තරම් සොඳුරු බවක් බ්‍රසීලයට තවත් නැත.

විසිවැනි පාපන්දු වසන්තය හරහා බ්‍රසීලය ලබන ජනපි‍්‍රයත්වය, ආයෝජන සහ විදේශ විනිමය තුළින් එතැනට ළඟා විය හැකි ද? බ්‍රසීල බලධාරීන් කියන්නේ රැකියා අවස්ථා දස දහස් ගණනක් පාපන්දු කුසලාන තරගාවලිය හරහා නිර්මාණය වන බවකි. එවැන්නක් සිදු වුණොත් එය දුගී දුප්පතුන්ගේ වාසනාවකි. අනෙක් අතට බ්‍රසීල ජනයාගේ ආරක්‍ෂාව සහ මහජන සෞඛ්‍ය නංවාලීමට පාපන්දුවෙන් වැඩපිළිවෙළක් මතුවේ ද? යන්නත් ගැටලුවකි. ඒවා මොනවා වුණත් මේ වසරේ දී බ්‍රසීල මැතිවරණය නම් පැවැත්වෙනු ඇත. තම තමන්ගේ බලය රැක ගන්නට ප්‍රචාරණ වැඩපිළිවෙළක් පාපන්දුව හරහා දියත් කරන වග තවත් තැනෙක පැවැසේ.

(මංජුලා විජයරත්න )

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us