ඒ අනුව වීසා නොමැතිව මෙරට තුළ රැඳී සිටින පුද්ගලයන් සම්බන්ධව වහාම පියවර ගන්නා ලෙස ආගමන විගමන පාලක ජනරාල්වරයාට දැනුම් දී තිබේ.
ඊශ්‍රායලය, පාකිස්තානය, ඉන්දියාව, රුසියාව, මියන්මාරය, නයිජීරියාව, චීනය ඇතුළු රටවල් රැසකින් මෙරටට පැමිණ වීසා නොමැතිව රැකියාවල යෙදී සිටින විදේශිකයන් ගැන ආරක්ෂක අංශ තොරතුරු අනාවරණය කරගෙන ඇත. මෙරට හෝටල් පවත්වාගෙන යන විදේශිකයන් ගැනද අනාවරණය වී ඇත.
-p.m