IMF අනුමැතිය ලැබුණොත් 2025 අයවැයෙන් රාජ්‍ය අංශයට රු. 7,500 ක වැටුප් වැඩිවීමක්.

Published in පුවත්
Sunday, 03 November 2024 10:46

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ මස නව පාර්ලිමේන්තුව රැස්වූ වහාම මුදල් අමාත්‍යවරයා වශයෙන් රාජ්‍ය වියදම් වෙනුවෙන් අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කිරීමට නියමිතය.

අතුරු සම්මත ගිණුම නව කැබිනට් මණ්ඩලය අනුමත කළ පසු එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇත.

ඒ අනුව ලබන අප්‍රේල් දක්වා මාස හතරක කාලයක් රජයේ සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාමට අදාල් මුදල් වෙන්කිරීම සිදු කරනු ලබන අතර ඉන් පසුව රජය 2025 සඳහා අයවැය යෝජනා වලිය ඉදිරිපත් කරනු ඇති බව මුදල් අමාත්‍යාංශය තොරතුරු මාර්ග පවසයි. නව පාර්ලිමේන්තුව නොවැම්බර් 21 වැනිදා පළමු වරට රැස්වීමට නියමිතය.

ඉදිරි මාස හතර සඳහා රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ගෙවීමට ප්‍රතිපාදන සම්පාදනය කිරීම අතුරු ගිණුමෙන් සිදු වන නමුත් රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිකිරීමේ ප්‍රතිපාදන ඊට ඇතුළත් නොවන බව ද පැවැසේ.

වත්මන් ආර්ථික වර්ධනය සැලකිල්ලට ගනිමින්, රාජ්‍ය අංශයේ වැටුප් වැඩිවීමක් රුපියල් 6,500 සහ 7,500 ත් අතර අගයකට ඇස්තමේන්තුවක් යෝජනා කිරීම මුදල් අමාත්‍යාංශය සිදු කර ඇත. එම මුදල 2025 අයවැය හරහා භාණ්ඩාගාරයට අනවශ්‍ය ලෙස බර පැටවීමකින් තොරව ලබා දිය හැකි බවද පැවැසේ. මෙය දැනටමත් සකස් කර ඇති නමුත්, එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ සාකච්ඡා කර එකඟතාවයකට පැමිණිමට අවශ්‍ය වනු ඇත.

කෙසේ නමුත් රාජ්‍ය අංශයේ වැටුප් වැඩි කිරීම සඳහා භාණ්ඩාගාරයට සිදුවන අමතර බර පියවා ගැනීම සඳහා රජයට බදු වැඩි කිරීමට සිදුවනු ඇති බවත්, මෙයට බොහෝ විට එකතු කළ අගය මත බද්ද (වැට්) සියයට 1 කින් හෝ 2 කින් වැඩි කිරීමට සිදුවනු ඇතැයි එම තොරතුරු මාර්ග අනාවරණය කරයි.

මේ අතර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, රජයෙන් ඉල්ලා සිටින්නේ රාජ්‍ය අංශයේ වැටුප් වැඩි වීම ඔහු ජනාධිපතිව සිටියදී පත්කළ උදය ආර් සෙනෙවිරත්න කමිටු වාර්තාවේ නිර්දේශ කර ඇති පරිදි අදියර දෙකකින් රුපියල් 20,000 ක් ලබා දිය යුතු බවය.

හිටපු ජනාධිපතිවරයාගේ රජය සමයේ නිර්දේශ කරන ලද වැටුප් වැඩි කිරීම සඳහා මුදල් අමාත්‍යාංශය අයවැය ලේඛනගත කර ඇත්තේ එය එවකට පැවති රජයේ ආර්ථික ප්‍රතිපත්තියට අනුගතවය. ඒ කෙසේ වෙතත්, වත්මන් රජයේ ආර්ථික ප්‍රතිපත්තිය ඊට වෙනස් වන අතර, වැටුප් වැඩිවීමක් සඳහා ජාමූඅ සමඟ සාකච්ඡා කර එම එකඟතාවයන් අනුව වැටුප් වැඩි කිරීම සිදු වෙනු ඇත.

-p.m

Leave a comment

waruna ad 1

mahesh

KJ 300 250 

ld add copy

Gossip

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us