සුකර මස් කර්මාන්තය රැකගන්න ඕන නිසා නීති ලිහිල් කරමින් නව ගැසට් නිවේදනයක්

Published in පුවත්
Wednesday, 06 November 2024 08:18

අප්‍රිකානු සූකර උණ රෝග තත්ත්වය හේතුවෙන් නිකුත් කළ ගැසට් නිවේදනයේ පනවා තිබූ නීති ලිහිල් කරමින් නව ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට පියවර ගෙන ඇති බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය හේමාලි කොතලාවල මහත්මිය සඳහන් කළේ, ඒ අනුව නිරෝගී සතුන් ප්‍රවාහන කිරීම සඳහා අවසර ලබා දී ඇති බවය.

"ක්ෂේත්‍රයේ පැවැත්මට සහ වර්තමානයට අනුව මේ සතිය වෙද්දි ව්‍යාප්තියේ යම් යම් අඩුවීම් වෙලා තියෙනවා. කර්මාන්තයත් රැක ගන්න ඕනේ නිසා. අපි ගැසට්ටුව යම් කාරණා සම්බන්ධයෙන් ලිහිල් කරලා තවත් ගැසට්ටුවක් අලුතින් නිකුත් කළා. නොවැම්බර් 4 වෙනිදා සිට නැවත දැනුම්දෙන තුරු එම ගැසට් පත්‍රය බලාත්මකයි. ඒ ගැසට්ටුව අනුව අපි කලින් කිව්වේ සතුන් ප්‍රවාහනය බැහැමයි කියලා නමුත් අලුත් ගැසට්ටුව මඟින් නිරෝගි ගොවිපොළවල ඇති කරන ආසාධනය නොවූ සතුන් පශු වෛද්‍යවරයෙකුගේ සත්ත්ව සෞඛ්‍ය වාර්තාවක් මත ප්‍රවාහනය කිරීමට හැකියාව ලැබෙනවා. ඒ වගේම ඒ සතුන් ඝාතනය කළ හැක්කේ සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ පළාත් කාර්යාලයේ ලියාපදිංචි වුණු සම්මත ආකාරයට පවත්වාගෙන යන ඝාතකාගාරවල පමණි. බලයලත් නිලධාරියෙක් සහතික කරලා තමා ඒ සඳහා ලියාපදිංචිය ලබාදෙන්නේ. ඒ අනුව ඝාතකාගාර, එයින් එළියට යන මස් ගබඩා කරන ශීතකරණ ලියාපදිංචි කළ යුතුයි. ඒ වගේම එයින් එළියට යන මස් සකස් කරන්නත් අවසර දීලා තියෙනවා. සකස් කරන මස් විකුණන්න වගේම නියමාකාරයෙන් ආසාධනය නොවූ සතුන්ගේ මස් භෝජනාගාරවල විකුණන්නත් මේ ගැසට්ටුවෙන් අවසර ලබාදී තිබෙනවා."

මේ අතර අප්‍රිකානු සූකර උණ රෝගී තත්ත්වය හේතුවෙන් බස්නාහිර පළාත තුළ පමණක් මුළු සූකර ගහණයෙන් සියයට 50ක් පමණ මේ වනවිට මියගොස් ඇති බව බස්නාහිර පළාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ කේ. කේ. සරත් මහතා පැවසුවේ මින් වැඩිම සූකර ප්‍රමාණයක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් මියගොස් ඇති බවය.

-p.m

 

 

 

 

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

දැන් ගැහැණු අමුතුය

දැන් ගැහැණු අමුතුය

ජීවිතයේ සියලුම කඩා වැටීම්, අසමත්වීම්, හඬන්නට උවමනා වන මොහොතුත් අතරින් පවා, දැන් ගැහැණු අමුතුය. ඔවුන්...

Connet With Us