ඉන්සියුලින් නොමැතිවීම නිසා රෝගීන් දැඩි අසීරුතාවට

Published in පුවත්
Thursday, 28 November 2024 09:39

දිවයිනපුරා රෝහල්වලට පැමිණෙන දියවැඩියා රෝගින්ට ලබා දෙන ඉන්සියුලින් නොමැතිවීම නිසා සායනවලට ඊයේ (27 වැනිදා ) පැමිණි රෝගීන් දැඩි අසීරුතාවට පත්වූහ.

කොළඹ ජාතික රෝහල ඇතුළු දිවයින පුරා රෝහල් රැසක ඉන්සියුලින් නොමැති බව වෛද්‍යවරුන් රෝගීන්ට ප්‍රකාශ කර තිබේ.

මික්සටාර්ඩ් (Mixtard ) නමැති මෙම ඉන්සියුලින් රෝගීන්ට ලබා දෙන්නේ නිවෙස්වලට ගොස් එන්නත් කර ගැනීම සඳහායි. එන්නත් හිඟයට හේතු වී ඇත්තේ එන්නත් කුප්පි හත්ලක්ෂ පනස් දෙදහසක් ලබා ගැනීම සඳහා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ටෙන්ඩර් කැඳවා එම ඇණවුම සමාගමකට ලබා දී ඇති නිසා බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

එහෙත් සමාගම ඉන්සියුලින් සඳහා ලියාපදිංචිය යාවත්කාලීන කර ගැනීමට ජාතික ඖෂධ නියාමන අධිකාරියට අයැදුම්පතක් ඉදිරිපත්කර ඇතත් මෙතෙක් ඊට අනුමැතිය ලබා නොදීම නිසා එම ඉන්සියුලින් සැපයීමට නොහැකි වී ඇත. මේ පිළිබඳව හිටපු සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාලගේ ප්‍රධානත්වයෙන් පසුගිය 21 වැනිදා පැවැති ඖෂධ සමාලෝචන රැස්වීමේදීද අවධානය යොමු කර ඇත. එම අවස්ථාවේදී ජාතික ඖෂධ නියාමන අධිකාරිය ප්‍රකාශ කර ඇත්තේ යාවත්කාලීන කරන ලද බලපත්‍රය සූදානම් කර ඇති බවයි. එහෙත් මෙතෙක් මෙම බලපත්‍රය ලබානොදී නොමැත.

මේ නිසා මෙම ඉන්සියුලින් හිඟය නිර්මාණය වී තිබේ.

මෙරට දියවැඩියා රෝගීන් සංඛ්‍යාව දාහතර ලක්ෂ දාහත් දහසකට අධික වෙයි. ඉන්සියුලින් සඳහා ලියාපදිංචිය යාවත්කාලීන කර ගැනීමට ජාතික ඖෂධ නියාමන අධිකාරියට ඉදිරිපත් කර ඇති අයැදුම්පත ට අනුමැතිය ලබා නොදීම සම්බන්ධයෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රමගෙන් විමසීමක් කළ අතර එහිදී ඔහු ප්‍රකාශ කළේ මේ සම්බන්ධව පුවත්පතට අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කරන බවයි.

-p.m

 

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

දැන් ගැහැණු අමුතුය

දැන් ගැහැණු අමුතුය

ජීවිතයේ සියලුම කඩා වැටීම්, අසමත්වීම්, හඬන්නට උවමනා වන මොහොතුත් අතරින් පවා, දැන් ගැහැණු අමුතුය. ඔවුන්...

Connet With Us