නාරාහේන්පිට විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ බෝංචි කිලෝවක් ඊයේ (02 වැනිදා) සිල්ලරට අලෙවි කෙරුණේ රුපියල් 1000 කටය.
කොළඹට වැඩි වශයෙන් එළවළු සපයන කැප්පෙටිපොල ආර්ථික මධ්‍යස්ථානයේ බෝංචි කිලෝවක තොග මිල ලෙස ඊයේ (02 වැනිදා) සටහන් වුයේ රුපියල් 800 කි. මීට පෙරදී බෝංචි කිලෝවක තොග මිල වුයේ රුපියල් 600 කි.
අධික වැසි තත්ත්වයත් සමග බෝංචි අස්වනු නෙළීමට නොහැකි වීමත්, යල කන්නයේ බෝංචි අස්වැන්න අවසන් වීමත් නිසා මෙලෙස බෝංචි මිල ගණන් ඉහළ ගොස් තිබේ.
-p.m