එම නිසා ඊට පිළියමක් ලෙස ව්‍යාපාරිකයන් පෙන්වා දෙන්නේ කඩිනමින් ඉන්දියාවෙන් ලුනු ආනයනය කළ යුතු බවය.
වර්ෂාව හේතුවෙන්ලුනු නිෂ්පාදනයක් සිදු වී නොමැති අතර ඉතා සුළු වශයෙන් හෝ ලේවායන්වල නිෂ්පාදනය වූ ලුනු වැස්ස හේතුවෙන් නෙළා ගැනීමටද ව්‍යාපාරිකයන්ට නොහැකි වී ඇත.
මේ අතර වැසි ජලය ලුනු පාත්තිවලට එකතු වීම නිසා විශාල වශයෙන් ලුණු දියවී විනාශයට පත්ව ඇති බවද ව්‍යාපාරිකයෝ සඳහන් කරති.
සෞඛ්‍ය අංශ සඳහන් කරන ආකාරයට පුද්ගලයකු දිනකට සාමන්‍යයෙන් ලුනු ග්‍රෑම් 05ක ප්‍රමාණයක් ආහාරයට ගත යුතු වේ.
ඊට අමතරව කෙටි ආහාර සහ කරවල නිෂ්පාදනයටද ලුණු කිසියම් ප්‍රමාණයක් භාවිත කරන අතර තවත් පිරිසක් කෘෂිකාර්මික කටයුතුවලටද ලුනු යොදා ගනිති.
ඒ අනුව බලන විට වසරකට අවම වශයෙන් ලුනු මෙට්‍රික් ටොන් 38325ත්, මෙට්‍රික් ටොන් 46,000ත් අතර ප්‍රමාණයක් අවශ්‍ය වේ.
හම්බන්තොට, පුත්තලම, යාපනය සහ මන්නාරම ප්‍රදේශයේ ඇති පෞද්ගලික සහ රජයේ ලේවායන්වල පමණක් මෙරට ලුනු නිෂ්පාදය කරති.