අත්අඩංගුවට ගත් සැකකරුවකු ඝාතන කළැයි චෝදනාවකින් STF එක නිදහස් කෙරේ

Published in පුවත්
Wednesday, 11 December 2024 19:10

අත්අඩංගුවට ගත් සැකකරුවකුට පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් වෙඩි තැබූ බවට එල්ල කර තිබු චෝදනා ඊයේ දින බලපිටිය ගරු මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිෂ්ප්‍රභ කර ඇත.

 2022.10.12 වන දින සංවිධානාත්මක අපරාධ කණ්ඩායමක් විසින් බලපිටිය RIU හෝටලය ආසන්නයේදී ත්‍රීරෝද රථ රියැදුරෙකුට වෙඩි තබා බරපතල තුවාල සිදු කිරීමේ සිද්ධියකට අදාළව එවකට පොලිස්පතිගේ නියෝග අනුව පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් කණ්ඩායමක් විසින් විමර්ශනයක් ආරම්භ කරන ලදී.

අදාළ විමර්ශනය පොලිස් විශේෂ කාර්ය බලකායේ පොලිස් පරීක්ෂක කොළඹගේ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදු කළ අතර එම විමර්ශනයේදී මෙම අපරාධය මෙහෙය වන ලද ප්‍රධාන සැකකරු දික්වැල්ල පොලිස් වසමේ සැඟව සිටියදී අත්අඩංගුවට ගන්නා ලදී. මෙසේ අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදු කරන ලද දීර්ඝ ප්‍රශ්න කිරීම් වලදී අනාවරණය කරගත් කරුණු අනුව වෙඩි තැබීම සඳහා යොදාගත් කාර් රථයට ව්‍යාජ අංක තහඩු සවිකරන ලද සැකකරු, අපරාධය සිදු කළ වෙඩික්කරු සහ වෙඩි තැබීමට යොදාගත් ගිනි අවියද සොයා ගන්නා ලදී.

මෙම අපරාධය දැනට බෙලරුස් රාජ්‍යයේ අත්අඩංගුවේ පසුවන කරන්දෙණියේ සුද්දා සහ ලොකු පැටී නැමති සංවිධානාත්මක අපරාධකරුවන්ගේ ආධාර අනුබල දීම මත මෙරට රැදී සිටින මහේෂ් ඉන්දික නොහොත් ඇඹිලිපිටියේ පොඩි ඉන්දික නැමැති සැකකරුගේ මෙහෙයවීමෙන් සිදු කර ඇති බවට කරුණු අනාවරණය වී ඇත.

ඒ අනුව අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු වන මහේෂ් ඉන්දික නොහොත් ඇඹිලිපිටියේ පොඩි ඉන්දික නැමැත්තා විශේෂ කාර්ය බළකා විමර්ශන නිලධාරීන් විසින් වැඩිදුර විමර්ශන කටයුත්තක් සඳහා අහුන්ගල්ල ප්‍රදේශයට රැගෙන ගොස් සිටියදී සැකකරු විසින් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ට සිදු කරන ලද වෙඩි තැබීමකදී, ඊට විශේෂ කාර්ය බළකායේ පොලිස් පරීක්ෂක කොළඹගේ නිලධාරියා විසින් ප්‍රතිප්‍රහාර එල්ල කිරීමේදී සැකකරු බරපතල තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත් විය.
ජීවිතක්ෂයට පත් වූ සැකකරු අවස්ථා කිහිපයකදී අපරාධයන් සඳහා පොලිස් අත්අඩංගුවට පත්ව ඇත. එනම්,

01. 2016.08.09 වන දින ගොඩකවෙල පොලිස් වසමේ නිවසකට රාත්‍රී කාලයේ ඇතුළු වී ලක්ෂ 37ක් වටිනා මුදල් සහ දේපළ කොල්ල කා පළායාමේදී කල්තොට පොලිස් වසමේදී අත්අඩංගුවට පත්ව ඇත.
02. 2017.06.26 වන දින රාගම පොලිස් වසමේදී T-56 ගිනි අවියක් පෙන්වා බිය ගන්වා මුදල් කොල්ලකෑම
03. 2020.01.29 වන දින තණමල්විල පොලිස් වසමේදී හෙරොයින් සන්තකයේ තබා ගැනීම සම්බන්ධව අත්අඩංගුවට පත් වීම

සැකකරු වෙඩි හුවමාරුවකදී මිය යාමට අදාළව බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වූ නඩුව සම්බන්ධව සිදු කළ දීර්ඝ විමර්ශනයකින් පසු 2024.07.21 වන දින තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විශේෂ කාර්ය බළකායේ වෙඩි තැබීම සිදු කළ පොලිස් පරීක්ෂක කොළඹගේ නිලධාරියා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට අධිකරණය විසින් නියෝග කර ඇත.

ඉහත අධිකරණ නියෝග අනුව අහුන්ගල්ල පොලිස් ස්ථානය වෙත විශේෂ කාර්ය බළකා නිලධාරින් කැඳවා වැඩිදුර ප්‍රකාශ සටහන් කර විමර්ශන ගොනුවක් සහ ඉහත නඩුවට අදාළ සියලු කාර්යය සටහන් සහිත නඩුවේ ලිපි පිටපත් සහිත ගොනුවක් ගරු නීතිපතිතුමාගේ උපදෙස් සඳහා යොමු කරන ලදී.

ගරු නීතිපතිවරයා විසින් ඊට අදාළව ලිපියක් යොමු කරමින් මෙම නඩු කෘත්‍යට අදාළව කිසිදු පුද්ගලයෙකුට එරෙහිව අපරාධ චෝදනාවක් ගොනු කිරීම සඳහා ප්‍රමාණවත් කරුණු / සාක්ෂි අනාවරණය වී නොමැති බැවින් වැඩිදුර නෛතික පියවර ගැනීමට අපේක්ෂා නොකරන බවට දන්වා ඇත.

ඒ අනුව මෙම නඩුව 2024.11.05 වන දින බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ කැඳවූ අවස්ථාවේ නීතිපති තුමාගේ ලිපිය ඉදිරිපත් කරන ලද අතර, ගරු මහේස්ත්‍රාත්තුමා විසින් මේ සම්බන්ධව අවසන් නියෝගයක් ලබා දීම සඳහා නඩුව නැවත 2024.12.10 වන දිනට කැඳවීමට නියම කරන ලදී.

ඒ අනුව අදාළ නඩුව 2024.12.10වන දින බළපිටිය ගරු මහේස්ත්‍රාත් අධිකරණයේදී නැවත කැඳවන ලද අතර එහිදී බලපිටිය ගරු මහේස්ත්‍රාත්තුමා විසින් මෙම නඩුව නිෂ්ප්‍රභ කරන ලදී.

එසේම මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරුගේ අනියම් බිරිඳ විසින් 2022.11.02 වන දින බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්ව විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා සිවිල් ඇඳුමින් සැරසී වෑන් රථයකින් පැමිණි බවටද බොරු සාක්ෂි ලබා දී ඇත.

ඒ අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා 2023.06.13 වන දින බලපිටිය ගරු මහේස්ත්‍රාත්තුමා දැනුවත් කීරීමට කටයුතු කළ අතර, ඊට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින්ද විමර්ශනයක් සිදු කරන ලදී.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිද්ධිය සම්බන්ධව ගරු නීතිපති තුමා වෙත කරුණු වාර්තා කර ඇති අතර ඊට අදාළව ලද නීතිපතිතුමාගෙන් ලද උපදෙස් අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් බොරු සාක්ෂි ලබාදීම යන චෝදනා මත අදාළ කාන්තාව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇත. මීට අදාළ නඩුව නැවත 2025.03.25 දින කැඳවීමට නියමිතව ඇත.

Leave a comment

ld add copy

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us