ඉතාලියේ ශ්‍රි ලංකිකයන්ගේ රියදුරු බලපත්‍ර ගැටලුවට මේ ආණ්ඩුවෙනුත් විසඳුමක් නැහැ.  

Published in පුවත්
Thursday, 02 January 2025 22:54

ඉතාලියේ ඉතාලියේ ස්ථීර පදිංචිය ශ්‍රී ලාංකිකයන්ට කලකට පෙර මෙරට වලංගු රියැදුරු බලපත්‍රය භාවිතා කරමින එරට වාහන ධාවනයේ යෙදීමේ අවසරය ලැබී තිබිණි. නමුත් වසර තුනක පමණ කාලයක සිට මෙරට බලපත්‍රය ඉතාලියේ පාවිච්චි කිරීමේ අවසරය යළි අහිමිව ඇත. මේ නිසා ඉතාලියේ රියැදුරන් ලෙස රැකියාව කළ පිරිසකට රැකියා අහිමි විම සහ තම ප්‍රවාහනය වෙනුවෙන් පෞද්ගලික වාහන පාවිච්චි කළ බොහෝ පිරිසකට එම වාහන ගෙදර තබා පයින් යෑමට සිදුව තිබේ.

ඉතාලියේ ස්ථීර පදිංචි ශ්‍රී ලාංකිකයන්ට කලකට පෙර මෙරට වලංගු රියැදුරු බලපත්‍රය භාවිතා කර ඉතාලියේ වාහන පැදවීමට කිසිදු පරීක්ෂණයකින් තොරව අවසර පත්‍රයක් ලබා දීමට 90 දශකයට පෙර අවස්ථාව තිබු බවත් ඇතමුන් පවසයි.

පසු කාලීනව නව නීති මගින් ලංකාවේ රියදුරු බලපත්‍රය ඉතාලියේ රියදුරු බලපත්‍රයට හරවා ගැනීමට අවස්ථාව ලබා දුන්නේ ඉතාලියට පැමිණ වසර හතරක් ඇතුලතය. වසර හතරක් ඇතුළත ලංකාවේ රියදුරු බලපත්‍රය ඉතාලියේ රියදුරු බලපත්‍රයට හරවා ගැනිමෙන් පසු එරට වාහන ධාවනයේ යෙදීමේ අවසරය ලැබී තිබිණි.

නමුත් වසර තුනක පමණ කාලයක සිට මෙරට බලපත්‍රය ඉතාලි රියදුරු පලපත්‍රයට හරවා ගැනීමේ අවසරය අහිමිව ඇත. මේ නිසා ඉතාලියේ රියැදුරන් ලෙස රැකියා කිරිමට බොහො අවස්ථා තිබුනත් එම අවස්ථා අහිමි වී තිබේ. තම මූලික අයිතිවාසිකම් වන රියදුරු බලපත්‍රය ලබා ගැනිමට හැකියාව නොමැති කම හේතුවෙන් පෞද්ගලික වාහනයක් හෝ පාවිච්චි කිරිමට නොහැකි වී තිබේ. මෙවැනිම සිදුවීමක් 2006 වසරේ සිට 2010 වසර දක්වා සිදු විය. එදා එම අසාධාරණයට ලක් වූ පිරිසට අදටත් ඉතාලියේ රියදුරු බලපත්‍රයක් ලබා ගැනිමට නොහැකි වී තිබේ.

ශ්‍රී ලංකාවේ රියැදුරු බලපත්‍රය ඉතාලියෙ දී වලංගු වීමට අවශ්‍ය නෛතික ප්‍රතිපාදන ශ්‍රී ලංකා රජය සහ ඉතාලි රජය අතර පැවති ද්විපාර්ශ්වික ගිවිසුමක් අනුව ලැබී තිබිණි. නමුත් මේ වන විට එම පහසුකම ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට අහිමි වීමට හේතුව වී ඇත්තේ 2022 වසරෙන් පසුව මෙම ගිවිසුම අලුත් කිරීමට මෙරට බලධාරීන් කටයුතු නොකිරීම නිසාය. මෙම ගිවිසුම අත්සන් කර තමන් මුහුණ දෙන ගැටලුව විසඳා දෙන ලෙස මේ වසර තුනක කාලය මුළුල්ලේම පැවැති ආණ්ඩු තුනෙන්ම දැඩි ඉල්ලීම් කර ඇතත් මේ දක්වා දේශපාලන බලධාරීන් මෙය විසඳීම සිදු කර නැත.

මේ නිසා ඉතාලියෙන් මෙරටට ලැබෙන රියැදුරු රැකියා අවස්ථා සහ රියැදුරු බලපත්‍ර අත්‍යාව්‍යශ රැකියා අවස්ථා විශාල ගනනාවක් අහිමි වීමද සිදුව ඇත.

එනමුත් මෙරටින් මුල් වරට ඉතාලියට යන අයට මෙරට රියැදුරු බලපත්‍රය වසරක පමණ කාලයක් පාවිච්චි කිරීමට ඉතාලියේ අවසරයක් ලැබෙන බවත් පැවැසේ. ඒ අනුව ඉතාලියේ රිය පැදවීමට ආධුනික අයට වසරක කාලයක් ලැබීමත් ඉතාලියේ වසර දහය පහලොවක සිට ස්තීරව පදිංචිව සිටින අයට එම අවස්ථාව නොලැබීමත් විකාර සහගත බව එරට ශ්‍රී ලංකිකයන් පවසයි.

එමෙන්ම ඉතාලි රජයේ රියැදුරු බලපත්‍රය ලබාගැනීමට ඉහළම ඉතාලි භාෂා දැනුමක්, නීති රීති ගැන ඉහළ දැනුමක් අවහ්‍ය වන අතර එය ඉතාලි ජාතිකයන්ට පවා අසීරු විභාගයක් බවත් පැවැසේ. මේ වන විට ඉතාලියේ නිත්‍යාකූල රියදුරු බලපත්‍රයක් ලබා ගැනීමට නොහැකිව ශ්‍රි ලංකිකයන් නීතියෙන් පිට විවිධ ක්‍රම යොදාගැනීම් නිසා විශාල දඩ මුදල් වලට පවා ලක් වූ අවස්ථා වාර්තා වේ.

මේ නිසා පෙර පැවැති ක්‍රමවේදය අනුව මෙරට රියැදුරු බලපත්‍රය ඉතාලියේදී වලංගු භාවයක් ලබා දීමේ ගිවිසුමට අත්සන් කරන ලෙස දැඩි ඉල්ලීමක් වත්මන් ආණ්ඩුව වෙතද සිදු කෙරී ඇත.

වරින්වර රජයන් විසින් අලුත් කරනු ලබන මෙම ගිවිසුම අනුව මෙරට බලපත්‍ර ලබා තිබූ ශ්‍රී ලාංකිකයන්ට ඉතාලියෙන් නැවත ඉතාලි රියැදුරු බලපත්‍රයක් ලබා ගැනීමට අවශ්‍ය නොවිණි.

අවසන් වරට 2016 වසරේදී මෙම ගිවිසුම අලුත් කිරීම කර ඇති අතර එම ගිවිසුමෙන් ඒ වන විට වසරකට ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 11,000ක් පමණ ප්‍රතිලාභ ලැබ තිබේ.

කෙසේ නමුත්, 2022 වසරේදී එවකට ඉතාලියේ සිටි ශ්‍රී ලාංකික තානාපති ආචාර්ය ජගත් වැල්ලවත්ත මෙම ද්විපාර්ශ්වික ගිවිසුම අලුත් කිරීමට කටයුතු කළේ නැත. ඊට විවීධ හේතු ඉදිරිපත් කරමින් ඒ මඟ හැර තිබිණි.

කෙසේ නමුත් මෙතෙක් එම ගිවිසුම අලුත් කිරීමක් සිදුව නොමැති අතර, 2023 වසරේ ජූනි 01 වන දා ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් නිකුත් කරන ලද නිල නිවේදනයක දැක්වෙන්නේ, "ශ්‍රී ලංකා රජය සහ ඉතාලි රජය අතර රියැදුරු බලපත්‍ර අන්‍යෝන්‍ය පිළිගැනීම සඳහා වන ද්විපාර්ශ්වික ගිවිසුම අලුත් කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු සිදුකෙරෙමින් පවතින," බව ය.

2023 වසරේදී පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ සභාපතිත්වයෙන් රැස් වූ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව ද මේ සම්බන්ධයෙන් අවධානය යොමු තිබුණ ද මෙතෙක් එම ගිවිසුම අලුත් කිරීම සිදුව නොමැත.

ආචාර්ය ජගත් වැල්ලවත්ත ඉතාලියේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස කටයුතු කළ සමයේ පැන නැගුණු මෙම ගැටලුව විසඳීමට ඉන් පසුව පැමිණි තානාපතිවරු කටයුතු නොකළේය. මේ වන විට මීට විසඳුම් ඉල්ලා පාර්ශව කිහිපයක් නව තානාපතිවරයා වෙත සහ වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිපි යොමු කර තිබේ.

ඉතාලි රජය හා ශ්‍රී ලංකා රජය අතර ඇති මෙම රියැදුරු බලපත්‍ර සම්බන්ධ ගැටලුව විසඳීමට වත්මන් රජයේ ප්‍රවේශය කුමක්දැයි විමසීමට බීබීසී සිංහල පවත් සේවය විසින් පසුගියදා විදේශ කටයුතු සහ විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් සහ විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර සම්බන්ධ කරගැනීමට උත්සහ දැරු බව සඳහන් කතර ඇති නමුත් එහිදී විජිත හේරත් ඇමතිවරයාගේ කාර්යමණ්ඩලයේ මාධ්‍ය ලේකම්වරයා ලබා දුන් පිළිතුරෙහි සඳහන් වන්නේ

"දැනට අපි සියලු ම තානාපති කාර්යාල හරහා සංක්‍රමණික ශ්‍රමිකයන්ගේ ප්‍රශ්න මොනව ද කියලා කැඳවලා තියෙනවා. ඉතාලිය සම්බන්ධයෙන් මේ ප්‍රශ්නය සහ රැකියා විසා ලබා නොදීම සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවා. තව ම විදේශ කටයුතු ඇමතිතුමා ඉතාලි තානාපතිතුමා මුණ ගැහිලා නෑ. ඉදිරියේදී තානාපතිතුමා සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා," යන්නය.

මේ අනුව වත්මන් රජයටද මෙය සැලකිය යුතු ගැටලුවක් නොවන බව පෙන්වා තිබේ.


Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us