අගමැතිනියගෙන් අලුත් සැලසුමක්

Published in පුවත්
Tuesday, 07 January 2025 11:16

"ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය" යටතේ අර්ධ වශයෙන් සම්පූර්ණ වූ පාසල් සම්බන්ධව සමාලෝචනයක් සිදු කිරීමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසයි.

ඇය මේ බව පැවසුවේ අද (07) පාර්ලිමේන්තුවේදි අදහස් දක්වමිනි.

"අපි ඇත්ත වශයෙන්ම මේ මොහොත් ඒ ව්‍යාපෘතිය යටතේ ඒ තොරාාගත් පාසල් පිළිබඳව සමාලෝචනයක් කරනවා. ව්‍යාපෘතියට තෝරාගත් බොහෝ පාසල් අඩක් නිමකරලා අතරමග නැවතිලා තියෙනවා.

ඒ නිසා ඒ සියලු පාසල් සමාලෝචනය කරමින් අපේ සැලැස්ම අනුව සියලුම දරුවන්ට කිලෝමීටර් 3ක සීමාව ඇතුළත යන්න පුළුවන් ප්‍රාථමික පාසලක්, එහෙම පාසල් ගණනාවක් එකතු කරමින් යන්න පුළුවන් අංගසම්පූර්ණ ද්වීතික පාසලක් වෙනුවෙන් වර්ධනය කර ගැනීම සඳහා සැලසුම් කරගෙන යනවා. ඒ වගේම 80%- 90%ක් වැඩ ඉවර කරලා තියෙන පාසල්වලට අපි ප්‍රමුඛතාව ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. "

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

Connet With Us