මේ නිසා කොටස් වෙළෙඳපොළේ ශීඝ්‍ර වර්ධනයක් ඇතිවිය. ඒ අතර බැංකුවල තැන්පතු මෙලෙස පිටතට ඇදී යාම හේතුවෙන් බැංකුවල ද්‍රවශීලතාව (මූල්‍ය ශක්තිය) පිළිබඳ අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින බවද වාර්තා වෙයි.
බැංකුවලට පමණක් නොව පිළිගත් මූල්‍ය සමාගම්වලටද මෙම අර්බුදය බලපා ඇත. මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කරන ආකාරයට මෙරට බැංකුවල තැන්පතු ගිණුම් මිලියන 65 ක් පමණ තිබේ. ඒවායේ ඇති මුළු තැන්පත් මුදල් ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 1.7 කට (බිලියන 1700 කට) ආසන්නය.
දේශය පවත් පත ඇසුරෙනි