ආර් ප්‍රේමදාස, ඩීබී විජේතුංග, චන්ද්‍රිකා කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන, ගෝටාභය රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ, අනුර කුමාර දිසානායක යන ජනාධිපතිවරු සම්භන්ධ වුනා බොහෝ වෙලාවල්වල මට ඇසුරු කරන්න ලැබුනා.
ඒ හැම කෙනෙකුගෙම පුංචි කතාවක් එක බැගින්වත් කියන්නත් හිතුනා. මොකද සමහර අය හිතනවා මේ ජනාධිපතිලත් එක්ක තරහට මම මේකේ අදහස් පල කරනවා කියල. එහෙම නැහැ. රටට යම් විපතක් වෙන්න යනවනම් ඒගැන ඔවුන්ව දැනුවත් කිරීම එදත් කළා අදත් එලෙසමයි.
ඒ ජනාධිපතිවරුන් එදා සිට අද දක්වාම සියලුම අය මාව හොඳින් දන්නා අය. ඔවුන් හා සතුටු සාමිචියේ යෙදිල ඉඳලත් තියනවා. යහළුවෝ ගනනට ඇසුරු කරපු කාලත් තිබුනා. රටට යම් අයහපතක් වෙන්න යන ඇතැම් අවස්ථාවල ඔවුන් මගේ සහය ලබාගෙනත් තියෙනවා. ඔවුන්ගේ රාජ්‍ය පාලන කාලවලදී, රටටම අමාරුම වෙලාවල් වලදී, ජනාධිපතිවරුන් දෙතුන් දෙනෙක්ම බොහෝ දේවල් මගෙන් ඉගෙන ගෙනත් තියෙනවා.
ඉන් එක් ජනාධිපතිවරකුගේ ජනාධිපති කාලයේදීම ඔහුගේ ජීවිතය නැතිවෙන්න ගිය අන්තිම තත්පරයේදී මම ඔහු බේරගෙනත් තියෙනවා. ඒ මම කියල කිසිවෙකුත් නොදැන සිටියත් ඔහුගේ ජීවිතය බේරුවේ මමයි කියල ඔහු බුද්ධි අංශ මගින් සොයා ගත්තා. ඒ ඩීබී විජේතුංග කියන මෙරටේ සිටි අහිංසකම ජනාධිපතිතුමා. ඔහු මට දුන් පින් බොහෝමයි. තවත් එක ජනාධිපතිවරයෙකුත් එලෙස බේරාගෙන තියෙනවා. ඒවා ඕනේ නැහැ. ඒ, ඒ කාලේ. ඒ මෙරටේ සිටි රාජ්‍ය නායකයින්. රටේ ඒ ඒ කාල වල මිනිසුන්ගේ ආදරය දිනාගෙන සිටි හෝ සිටින රාජ්‍ය නායකයින්. ඔවුන් රටම නියෝජනය කරනවා. ඔවුන්ට යම් විපතක් වෙනවනම් එය රටටම විපතක් වෙනවා.
ඒ ඉහත නම් දැක්වූ සෑම කෙනෙක්ම මට ඒ හැම කාලයකදීම බොහෝ ලෙන්ගතුයි. ඉන් ජනාධිපතිවරු දෙදෙනෙක්ගේ කාලයේදී ඔවුන් වෙනයම් හේතුවලට අසීමිත කේන්තියෙන් ඉන්න වෙලාවල් වල මම දුටු විගස ඔවුන්ගේ කේන්තිය නිවිලා යන අයුරුත් මම දැක තියෙනවා. ඔයාල කතා අහන්න ආස නම් විතරක්, අග සිට මුලට පටන් ගන්නම්.
මම ඒ දිනවල ඕස්ට්‍රේලියාවේ ඉන්න කාලේ. මම ලංකාවට ආපු වෙලාවක අනුර කුමාර දිසානායක සහෝදරයාගෙන් ඉල්ලීමක් ලැබුනා. හමුවෙන්න බොහෝ කැමැත්තකින් ඉන්නවා කියල. ඔහු එතකොට කෘෂිකර්ම ඇමති. මම එනකල් ඔහු බලාගෙන හිටිය. ඒ මීට වසර 20 කට පෙර 2005. අපි දෙන්න විතරක් පැය ගානක් සතුටු සාමිචියේ යෙදිල හිටිය. වරුවකටත් වැඩියි. ඔහු මගෙන් බොහෝ දේ ඉගෙන ගත්ත. ඔහුට එදා මම ඔහුගේ ජීවිතයේ මුල් වතාවට AI (කෘත්‍රිම බුද්ධිය) ගැන ඉගැන්වුවා. ඒ නිසා කාලය බොහෝ සේ නොදැනීම ගෙවී ගියා. වරෙක තේ බිබී වරෙක සිනා සිසී, විහිලු තහලු කරමින් මම ගොඩක් දේවල් ඉගැන්වුවා. ඔහු බොහෝ දේ අසාවෙන් විමසමින් ඉගෙන ගත්ත. ඔහු වඩාත් කැමතිවුනේ කෘෂි තාක්ෂනය වැව් තාක්ෂණ ගැන අහගන්න. ඒත් මම හැම එකක්ම AI වලට හරවල ඒ ගැනම කියල දෙන්න වුනා.
එදා ඒ පුංචි කොල්ලගෙන් ඔහු ගොඩක් දේවල් විමසමින් ඉතාමත් අසාවෙන් ඒවා ඉගෙන ගත්ත. මමත් හැම දේම කියල දුන්න. ඒ උගන්නපුවා මට අදත් හොඳින්ම මතකයි. මම ඔහුට කිව්වා මේ කෘත්‍රිම බුද්ධිය පුංචි කඩදාසියකින් පවා අනාගතයේදී ඔබ හමුවට එන්න පුළුවන් කියල. හොඳ පැති ගැන ඉගැන්නුවා. එහි ඇති භයානක පැති ගැනත් කියල දුන්න. 'උදාහරණ එක්ක කියල දුන්නොත් මේ බරපතල කතාව ටිකක් තේරුම් යාවි' කියල එයා මට කිව්වා. ඉතිං එදා මම උදාහරණයක් විදියට තාක්ෂණික හැඳුනුම් පතකට මේ කෘත්‍රිම බුද්ධිය කවන්න පුළුවන් කියල කියල දුන්න. මතු යම් දවසක ඒ හැඳුනුම් පත මේ රටට ආවොත් අපේ මිනිසුන් නැවතත් අන් ජාතියකට යටත් විය හැකි බව කියල දුන්න. එසේ වුනොත් නොදැනීම තාක්ෂණික පාලනයකට අපේ රටත් අපේ මිනිසුනුත් යටත් වන බව එදා හොඳින්ම කියල දුන්න. මම එදා එලෙසින් පැවසූ මතු යම් දවස, ඒ දේවල් එදා මගෙන් ඉගෙන ගත් එයාගෙ පාලන කාලයේදීම වේවි කියල මම එදා හීනෙකින්වත් හිතුවේ නැහැ. ඒ උගන්වපු කිසිවක් ඔහුට අද මතක නැහැ. සමහර විට ඒ තනතුරේ තියෙන අධික වැඩ රාජකාරිත් එක්කම ඒ සියල්ල අමතක වෙලත් ඇති. ඒත් මම දන්නවා මේ සටහන ඔහුගේ නෙත ගැටෙනවා කියල.
මොකද මීට පෙර කාලයකදී සිටි එක් ජනාධිපතිවරයෙක් මම පිටරට ඉන්න කාලේ මම නිකන් ඉන්න වෙලාවට ලියන සටහන් බලන එක පුරුද්දක් කරගෙන තිබුනා. එතකොට මුළු රටම ඔහුට නමස්කාර කරන කාලේ. ඒ ජනාධිපතිතුමාගේ නිදන කාමරේ තියෙනවා අතිශය පෞද්ගලික රාජකීය පණිවුඩ ලැබෙන fax එකක්. ඒකට රෑට පණිවුඩ එවන්නේ හරියට කියනවනම් රටක් එක්ක යුද්දෙට යනකොට තීන්දුව ගන්න වගේ රටට වැදගත් දේවල්. අපි ලියන වල්පල් යවන්න නෙවෙයි. ඉතින් මට එක දවසක් එහෙට කෝල් එකක් දීල ඒ ජනාධිපතිතුමා කියනවා එයා නිදාගන්න ඉස්සෙල්ල මම කියන ඒවා බලන්න ඕනේ ඒකට අර විදියටම ලියල එවන්න කියල. ඒක කව්රුවත් බලන්නේ නැහැ නිදන කමරෙමයි තියෙන්නේ මම විතරයි බලන්නේ කියලත්. මමත් ඉතින් මට හිතෙන හොඳ දේවල් ලියල එව්වා රටේ මිනිස්සු වෙනුවෙන් කරන්න ඕන හොඳ දේවල්. අපරාදේ කියන්න බැහැ ඒ හැම සිතුවිල්ලක්ම පසුව ක්රියාවේ යොදවන හැටිත් මම එහෙ ඉඳන් ආසාවෙන් බලාගෙන හිටිය. ඊට පස්සේ සිටි දෙන්නෙක්ම මගේ fb සටහන් නොවැරදීම බලන බව පසුව මට එතන ඉන්න අය කියලත් තිබුනා. රුදුරු තීන්දු කිහිපයක්ම ඒ අනුව අකුලගත්ත බවත් මට දැනගන්න ලැබුනා. මේ වැඩේ මෙයාටත් වදිනවා කියන්නේ ඉතිං වැඩේ අබ්ලික් කියල තමයි එවෙලේ එදා එතුමා කිව්ව කියන්නේ.
එවැනි තත්වයක් යටතේ මේ කෙනෙක් දෙන්නෙක් මගේ පෝස්ට් දැකල උරණ වුනත් අපේ හොඳ නායකයො එයාලගේ හොඳ කාලේ මගේ සටහන් ආසාවෙන් කියවපු බව මම හොඳින්ම දන්නවා. ඊටත් ගුරුවරයෙක් බනින්නේ තරහට නෙවෙයිනේ. උගන්නපු දේ මතක නැති වුනාම නේ.
මහින්ද පාතෙගම මහතාගේ ෆේස්බුක් සටනකි.