රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් ඔහු සඳහන් කලේ ලීසිං ආයතන විසින් ලක්ෂ 5 කට පමණ තිබූ ත්‍රීරෝද රථයක් කෘත්‍රිම තක්සේරුකරණය (Artificial Valuation) හරහා ලක්ෂ 15 කට පමණ තක්සේරු කර ජනතාවට ණය ලබාදුන් බවයි.
ඒ අනුව වාහන අලුතින් ආනයනය කරන විට ත්‍රීරෝද රථයක් ලක්ෂ 5 ට වෙළඳපොලට පැමිණියහොත් පෙර ලබාදුන් ණය අවධානමකට ලක්වන බැවින් වාහන මිල අඩු නොකරන ලෙස ලීසිං ආයතන රජයට බලකර ඇති බවද ඔහු ප්‍රකාශ කළ අතර කෘත්‍රිම තක්සේරුකරණය (Artificial Valuation) හරහා වාහනවලට විශාල තක්සේරු ලබාදීම හරහා ලීසිං ආයතන කඩා වැටීම වැළැක්වීමට එයට ගැලපෙන ලෙස අලුතින් ආනයනය කරන වාහන සඳහා බදු පැනවීමට රජයට සිදුවූ බවද ඔහු සඳහන් කළේය.
කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් නිශාන්ත වීරතුංග වැඩිදුරටත් ප්‍රකාශ කළේ කෘත්‍රිම තක්සේරුකරණය (Artificial Valuation) නොකර සත්‍ය වටිනාමකට තක්සේරුව සිදුකළේ නම් ජනතාවට අඩු මුදලකට වාහනයක් ලබා ගැනීමට හැකියාව ලැබීමට තිබූ බවයි.