එහි පරිසර අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය ශ්‍යාමලී වීරසේකර මහත්මිය පැවසුවේ, අදාළ පර්යේෂණවලදී එම ජලයේ ඔක්සිජන් ප්‍රමාණයේ විශාල අඩුවීමක් වාර්තා වී ඇති බවය.
"ජෛව රාසායනික ඔක්සිජන් ඉල්ලුම කොච්චරක්ද කියලා බලන්න බේර වැවෙන් ලබාගත් ජල සාම්පලවල ඒ පරාමිතය සිදුකරන්න අඩුම තරමේ දවස් 05ක් ඕනේ. අපි සිකුරාද තමයි බේරේ වැවෙන් ජල සාම්පල ලබාගත්තේ එතකොට අද තමයි දවස් 05 සම්පූර්ණ වෙන්නේ. එතකොට අද හවස් වෙද්දි ඒ පරාමිතය විශ්ලේෂණය කරලා එහි ප්‍රතිඵල මොනවාද කියලා කියන්න පුළුවන්. දැනට සිදුකරපු පරීක්ෂණවලින් අපිට පෙනෙන්නට තියෙන්නේ අපිට රසායනිකව ඔක්සිජන් ඉල්ලුම වැඩි අගයක් තියෙනවා කියලා අනාවරණය වුණත් අපට තියෙන එක දෙයක් තමයි මේකේ මැරිලා තියෙන්නේ තාරාවෝ විතරයි. බේරේ වැවේ මාළු මැරුණා කියලා අපිට කිසිම විදිහකින් අනාවරණය වෙලා නැහැ. සාමාන්‍යයෙන් මෙවැනි තත්ත්වයක් තියෙනවානම් තාරවන්ට කලින් ගොඩක් වෙලාවට මාළු මැරෙන සන්සිද්ධීන් තමයි අපිට ගොඩක් බේරේ වැවෙන් වාර්තා වෙලා තියෙන්නේ කලින් කලට. මේ අවස්ථාවේදී අපිට අනාවරණය වුණේ තාරාවෝ විතරක මිය යනවා කියන එක. එම නිසා තවදුරටත් නාරා ආයතනය සිදුකළ පරීක්ෂණවලට අමතරව නිර්දේශ කරනවා පශූ වෛද්‍ය එසේ නැතිනම් කුමන හෝ පරීක්ෂණ ආයතනයට කියලා මේ මියගිය තාරවන් කාලා තියෙන්නේ මොනවද ? ඒ අය රුධිර සාම්පල්වල මොනව ද තියෙන්නේ ? ඊට අමතරව අභ්‍යන්තර ඉන්ද්‍රීන්ගේ මොනවද තියෙන්නේ ? ඒ සම්බන්ධයෙන් වාර්තාවක් ලබා ගන්නවානම් හොඳයි කියලා මම විශ්වාස කරනවා."
මේ අතර කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන පශූ වෛද්‍ය නිලධාරී මොහොමඩ් ඉජාස් මහතා සඳහන් කළේ සිදුකළ පර්යේෂණවලින් අවසන් නිඟමනයකට එළැඹීමට තවත් පරීක්ෂණ කිහිපයක් සිදුකළ යුතු බවය.