ලංගම සභාපති අස්වෙයි - හේතුව මෙන්න

Published in පුවත්
Wednesday, 29 January 2025 12:44

ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති රමාල් සිරිවර්ධන මහතා සිය ධූරයෙන් ඉල්ලා අස් වී තිබේ.

ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න කුමාර ගුණසේන මහතා පවසා සිටියේ, රමාල් සිරිවර්ධන මහතාගේ ඉල්ලා අස්වීමේ ලිපිය අමාත්‍යංශය වෙත ලැබී ඇති බවය. 

වත්මන් රජය බලයට පත් වීමෙන් පසු සභාපති ධූරයකින් ඉවත් වූ දෙවන පුද්ගලයා වන්නේ රමාල් සිරිවර්ධන මහතා බව සදහන්ය.

රමාල් සිරිවර්ධන සිය ධූරයෙන් ඉල්ලා අස් වී ඇත්තේ, බිමල් රත්නායක ඇමතිවරයා සමග ඇති කර ගත් මතභේදාත්මක හේතුවක් මත යැයි සමාජ මාධ්‍යවල අදහස් පළ වී තිබේ.

ඒ පිළිබඳව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න කුමාර ගුණසේනගෙන් විමසීමක් කළ විට ඔහු  පැවසුවේ, එවැන්නක් සිදුව නොමැති බවත් පෞද්ගලික හේතුවක් මත සභාපතිවරයා ඉල්ලා අස්වී ඇති බවත් ය.

රමාල් සිරිවර්ධන අවස්ථා කිහිපයකදී, විවිධ රජයයන් යටතේ මීට ඉහතදී තුන් වරක් ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ධූරයට පත් කර තිබේ.

සිව් වන වරට 2024 ඔක්තෝබර් මාසයේදී රමාල් සිරිවර්ධන ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපතිවරයා ලෙස පත් කරනු ලැබුවේ, එවකට ප්‍රවාහන අමාත්‍ය ධූරය දැරූ විජිත හේරත් විසිනි.

1994 සිට 2001 චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිනිය වී සිටි සමයේත්, 2006 සිට 2007 දක්වා මහින්ද රාජපක්ෂ පාලන සමයේ මෙන් ම 2015 සිට 2019 දක්වා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ධූරය දරන සමයේත් රමාල් සිරිවර්ධන ලංගම සභාපතිවරයා ලෙස කටයුතු කළේ ය.

ඔහු එම ධූරය නොදැරුවේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රට පාලනය කළ සමයේ සිට අනුර කුමාර දිසානායක ජනාධිපති ධූරයට පත්වන තෙක් කාලය තුළ පමණි.

තව ද ඔහු ජාතික ජන බලවේගය නියෝජනය කරමින් අපේක්ෂයෙකු ලෙස ගම්පහ මහ නගර සභාවට තරග කිරීම සඳහා නාම යෝජනා ද ලබා දී තිබිණි.

2019 වසරේදී රමාල් සිරිවර්ධන ලංගම සභාපතිවරයා ලෙස කටයුතු කරන සමයේදී සැක සහිත රක්ෂණ ගනුදෙනුවක් පිළිබඳ චෝදනාවක් ද ඔහුට එල්ල වී තිබිණි.

එම චෝදනාවලින් පසුව ඔහු සිය ධූරයෙන් ඉල්ලා අස්වූ අතර ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණේ, එවකට ප්‍රවාහන අමාත්‍යවරයා වූ අර්ජුන රණතුංග සමග ඇති කර ගත් මතභේදයක් හේතුවෙන් ඔහු ධූරයෙන් ඉල්ලා අස්වූ බව ය.

එහෙත්, එම අවස්ථාවේ ද ඔහු මාධ්‍යයට පවසා තිබුණේ පෞද්ගලික හේතුවක් මත ධූරයෙන් ඉල්ලා අස්වූ බව ය.

මෙවර සභාපති ධූරයෙන් ඉවත් වීම සම්බන්ධව විමසීමට දුරකතනය ඔස්සේ ඔහු ඇමැතීමට ගත් උත්සහය සාර්ථක වූයේ නැත.

එහෙත්, ඉල්ලා අස්වීම පිළිබඳව විමසමින් වට්ස්ඇප් ඔස්සේ බීබීසි සිංහල සේවය යොමු කළ කෙටි පණිවිඩ කිහිපයට පිළිතුරු ලැබිණි.

“අතිශය පෞද්ගලික කරූණක් නිසා ඉල්ලා අස්වූ” බවට අප යොමු කළ කෙටි පණිවිඩයට පිළිතුරු ලෙස ලබා දී තිබිණි.

බිමල් රත්නායක ඇමැතිවරයා සමග මත ගැටුමක් සිදුවු බවට පැතිර යන රාවය ගැන ද අපි ඔහුගෙන් විමසීමු.

“කිසිදු මත ගැටුමක් ඇති නොවිණි,” යැයි වට්ස්ඇප් ඔස්සේ කෙටි පණිවිඩයකින් පිළිතුරු දුන්නේ ය.

“මා මෙම රජය බලයට පත්කිරීමට ගම්පහ ආසනයේ ඉතාමත් ම ක්‍රියාකාරීව පසුගිය අවුරුදු තුනේදි ම වැඩ කළේ කිසිදු තනතුරක් අපේක්ෂාවෙන් නෙමෙයි,” කෙටි පණිවිඩයකින් පිළිතුරු ලබා දෙනු ලැබුවේ නැවත රජයේ වෙනත් තනතුරක් ලබා දුනහොත් බාර ගන්නේ දැයි යොමු කළ පැනයට ය.

අමාත්‍ය බිමල් රත්නායක සමග කටයුතු කරන්න බැරි තත්ත්වයක් උද්ගත වුණා ද? ඔහු ඔබට ඉල්ලා අස්වන්න කිව්ව ද? යනුවෙන් අප යොමු කළ කෙටි පණිවිඩවලට ඔහුගෙන් පිළිතුරු ලැබුණේ නැත.

රමාල් සිරිවර්ධන ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ලංගම සභාපති ධූරයට පත්වන නව සභාපති කවුදැයි ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න කුමාර ගුණසේනගෙන් බීබීසි සිංහල සේවය විමසීමක් කළේ ය.

එහදී ඔහු සඳහන් කළේ, ඒ සම්බන්ධව මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව ය.

පසුගිය වසරේ දෙසැම්බර් 26 වන දා, මාස තුනකට ආසන්න කාලයක් දැරූ රූපවාහිනී සභාපති ධූරයෙන් සෙනේෂ් දිසානායක බණ්ඩාර ඉල්ලා අස්විය.

ඉල්ලා අස්වීම පිළිබඳව සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු සටහන් කර තිබුණේ එම තනතුර භාර ගනු ලැබුවේ මාස තුනක කාලයක් සඳහා පමණක් බව ය.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්සගේ ආරාධනයකට අනුව 2025 නව වසරේ සිට තවත් ජාතික වගකීමක් දරමින් කටයුතු කිරීමට සිදුව ඇතැයි ද සෙනේෂ් දිසානායක එම සටහනේ සඳහන් කර තිබිණි.

එහෙත්, ඔහු රජයේ වෙනත් තනතුරක් හෝ වගකීමක් භාර ගත් බවට මෙතෙක් දැන ගැනීමට නැත.

– BBC

Last modified on Wednesday, 29 January 2025 13:17

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

දැන් ගැහැණු අමුතුය

දැන් ගැහැණු අමුතුය

ජීවිතයේ සියලුම කඩා වැටීම්, අසමත්වීම්, හඬන්නට උවමනා වන මොහොතුත් අතරින් පවා, දැන් ගැහැණු අමුතුය. ඔවුන්...

Connet With Us