ප්‍රශ්න පත්‍ර පිටවීමේ සිද්ධියක් හේතුවෙන් උතුරු මැද පළාතේ පාසල්වල 11 වන ශ්‍රේණියේ අවසන් වාර විභාගය අවලංගු කර තිබුණි.
ඒ අනුව රජයේ සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමේදී සිදු කරන පොලිස් ආරක්ෂාව යටතේ මෙම වාර විභාගය පැවැත්වීමට අවශ්‍ය කටයුතු යොදා ඇති බව උතුරුමැද පළාත් අධ්‍යාපන ලේකම් සමන් කුමාර ජයලත් මහතා පැවසුවේය.