විදුලි කප්පාදුව අදත්

Published in පුවත්
Tuesday, 11 February 2025 08:14

අද (11) දිනයේත් දිවයින පුරා මිනිත්තු 90ක කාලයක් විදුලි කප්පාදුවක් සිදුකිරීමට නියමිතව තිබේ.

කාණ්ඩ 4ක් යටතේ මෙම විදුලි කප්පාදුව පස්වරු 3.30 සිට රාත්‍රී 10 දක්වා කාලය අතරතුර සිදුකෙරෙන බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළේය.

ඊට අමතරව පාරිභෝගික ගිණුම් අංකය කෙටි පණිවිඩයක් මගින් 1987 ක්ෂණික දුරකථන අංකයට යැවීමෙන් ද විදුලි කප්පාදුව සිදුවන වේලාවන් පිළිබඳ දැනගත හැකි බව ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කළේය.

මේ අතර ඊයේ දිනයේ ද දිවයින පුරා මිනිත්තු 90ක කාලයක් විදුලි කප්පාදුව සිදුකෙරුණි.

නොරොච්චෝලේ ගල් අගුරු බලාගාරය ලබන සිකුරාදා වන විට ජාතික විදුලි බල පද්ධතියට සම්බන්ධ කිරීමට බලාපොරොත්තු වන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

එහි මාධ්‍ය ප්‍රකාශක කැලණිතිස්ස සංයුක්ත චක්‍රීය බලාගාරයේ ප්‍රධාන ඉංජිනේරු ධම්මික විමලරත්න මහතා සඳහන් කළේ, කඩිනමින් නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරයේ විදුලි උත්පාදන කටයුතු ආරම්භ කිරීමට උත්සහ දරමින් සිටින බවය.

කෙසේවෙතත් අදාළ බලාගාරය ජාතික පද්ධතියට සම්බන්ධ කරන තෙක් විදුලි සැපයුමට බාධා එල්ල විය හැකි බව ධම්මික විමලරත්න මහතා සඳහන් කළේය.

විදුලි කප්පාදුව සිදුවන වෙලාවන් සහ කලාප පිළිබඳ තොරතුරු පහතින් දැක්වේ.

විදුලි කප්පාදුව සිදුවන කාලසටහන ප්‍රකාශයට පත් කෙරේ by poornima on Scribd

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us