මේ පිළිබඳව මාධ්‍යවේදි චානක ඩි සිල්වා මහතා පළ කළ ෆේස්බුක් සටහන
සන්ඩේ ඔබ්සවර් ක්‍රීඩා කතෘ කැලිස්ටස් ඩේවි විරෝධය පා ඉල්ලා අස්වේ
වර්තමාන රජය මාධ්‍ය නිදහස පිළිබඳ දරණ ආකල්පය පිලිබඳ පැහැදිලි අදහසක් ලබාදෙන ආන්දෝලනාත්මක සිදුවීමක් පසුගිය සතියේ බ්‍රහස්පතින්දා ලේක්හවුස් ආයතනයේ දී සිදුවී තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අවාසි සහගත පුවත් පල කිරීම තහනම් කරමින් ලේක්හවුස් සභාපතිවරයා ලබා දුන් නියෝගයකට පිලිතුරු ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දූෂිත ක්‍රියාකාරකම් පිළිබඳ මනා විස්තරයක් සභාපතිවරයාට ඉදිරිපත් කළ ඩේවි මහතා, එවැනි දේ සඟවා සිටීමට නම් තම පුවත් පතට ක්‍රීඩා කතෘ වරයෙකු අවශ්‍ය නොවන බවත්, එසේ කලහොත් තමාද පඹයෙකුගේ තත්වයට පත්වන බවත් පවසා වහාම සේවයෙන් ඉවත්වී ගොස් තිබේ.
දේශපාලන බලය හෝ මුදල් බලය තුට්ටුවකට මායිම් නොකරන ඒ මහතා, 2016 වසරේ යහපාලන රජය බලයට පැමිණ මාස කිහිපයකට පසු රාජකීය-සාන්ත තෝමස් මහා ක්‍රිකට් තරගයේදී එවකට අගමැති රනිල් වික්‍රමසිංහ සහ එවකට ජනාධිපතිවරයාගේ පුත්‍රයා වන දහම් සිරිසේන පෙනීසිටි කුසලාන ප්‍රධානයේ ඡායාරූපයක් වෙනුවට ක්‍රීඩකයන් තරගයේ යෙදෙන ඡායාරූපයක් පලකිරීම නිසා එවක ලේක්හවුස් සභාපති කාවන් රත්නායක (සාගල රත්නායකගේ සොහොයුරා) විසින් ඩේවි මහතා මාස දෙකක වැටුප් සහිත අනිවාර්ය නිවාඩු යවන ලදී.
ඊට පෙර සිලෝන් ටුඩේ පුවත් පතේ ක්‍රීඩා කතෘ ලෙස සේවය කරද්දී ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරියකුගේ දූෂිත ක්‍රියාකාරකම් හෙලිකල අවස්ථාවක එම පුවත්පත් ආයතනයේ සභාපතිවරයා වන ටිරාන් අලස් එවැනි පුවත් පල නොකරන ලෙසට අණ කල අවස්ථාවේ එයට විරෝධය පා ඩේවි මහතා ඉල්ලා අස්විය.
මේ අතර, ලේක්හවුස් ආයතනය විසින් වාර්ෂිකව පවත්වන වසරේ පාසැල් ක්‍රිකට් ක්‍රීඩකයා තෝරන උත්සවය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අති විශාල මුදලක අනුග්‍රහයක්ද පිරිනමන බවට තොරතුරු ලැබේ.
Sunday Observer Sports Editor Callistus Davy resigned last week, protesting censorship at Lake House. During a meeting with editorial staff, the Lake House Chairman reportedly instructed journalists not to publish news critical of Sri Lanka Cricket. Davy challenged this, citing alleged corruption within the organization, and argued that suppressing such information rendered his role as sports editor pointless. He promptly resigned. Davy, a veteran journalist with over 35 years' experience in English-language media, is known for his integrity and courage. This is not the first time he has resigned over editorial interference. In 2016, he was forced to take leave after publishing an action shot from the Royal-Thomian cricket match instead of a photo of politicians at the trophy presentation. He also resigned from Ceylon Today after refusing to comply with a similar censorship request. Sri Lanka Cricket is reportedly a major sponsor of Lake House's annual School Cricketer of the Year awards."
ලේක්හවුස් සභාපතිවරයාගේ අත්තනෝමතික මැදිහත් වීම රැසක් පසුගිය කාලය තුළ වාර්තා වී තිබිණි. මේ වන විට සිළුමින පුවත්පලෙහි නියෝජ්‍ය කතුවරිය ලෙස කටයුතු කළ සුමුදු චතුරානි මහත්මියද එම තනතුරින් ඉවත් කිරීමට ගත් තීන්දුවට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඇත. මීට පෙර සභාපතිවරයා ලේක් හවුස් සේවකයන්ට තර්ජනය කිරීම කිහිපයක්ද වාර්තා විය.
සබැඳි පුවත්
ලේක්හවුස් ලොක්කන් සේවක දඩයමක. සුමුදු චතුරාණිවත් එළවයි.
ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි