ආදරවන්තයන්ගේ දිනය යෙදෙන පෙබරවාරි මාසයේදී රතු රෝස සඳහා විශාල ඉල්ලුමක් පවතියි. නමුත් මෙරට වගාකරන රතු රෝස මෙම කාලසීමාවේදී පවතින ඉල්ලුමට කිසිසේත් ප්‍රමාණවත් නොවන බව ඔවුන් පෙන්වා දුන්නේය.
එමෙන්ම බහුතරයක් දේශීය රෝස මල් පෙනුමෙන් කුඩාවීම හේතුවෙන් අලෙවි කිරීමට අසීරු වන බව වෙළෙඳසල් හිමියෝ පැවැසූහ. නමුත් ආනයනික රතු රෝස මලෙහි පෙනුම ඉහළ මට්ටමේ පවතින බවත් එම මල් ආනයනය කිරීමෙන් පසු දින කිහිපයක් තබාගත හැකි වුවත් දේශීය මල් එලෙස නොවන බව අලෙවිකරුවෝ පෙන්වා දුන්හ.