දේශීය ඖෂධ නිෂ්පාදකවරන්ගේ සංගමය දන්වා සිටියේ ආනයනික ඖෂධ සැපයුම්කරුවන්ට සියයට සියයක බදු සහනයක් ආණ්ඩුවෙන් දී ඇතත් තම නිෂ්පාදනයන්ට අදාළව විදෙස් රටවලින් අමුද්‍රව්‍ය ආනයනය කිරීමේදී 24% ක බදු පනවා ඇති බවයි.
මෙරට නිෂ්පාදනය කරනු ලබන විවිධ නිෂ්පාදන සඳහා දේශීය ව්‍යාපාර රැකගැනීමේ අරමුණින් ආනයනික භාණ්ඩ සඳහා බදු පනවා තිබෙනවා. නමුත් එම ප්‍රතිපත්තිය ඖෂධ නිෂ්පාදකයන්ට පමණක් අදාළ වන්නේ නැහැ. විදෙස් රටවලින් ඖෂධ ආනයනය කරන පුද්ගලයන්ට බදු සහන දුන්නත්, දේශීය ඖෂධ නිෂ්පාදකයන්ට අවශ්‍ය අමුද්‍රව්‍ය ඇතුළු උපකරණ මෙරටට ගෙන්වීමේදී බදු සහන දෙන්නේ නැහැ. ඒ වෙනුවෙන් ආණ්ඩුව 24% ක බදු මුදලක් අපෙන් අය කරනවා.’’ යැයි දේශීය ඖෂධ නිෂ්පාදකවරුන්ගේ සංගමයේ සභාපති නලින් කන්නන්ගර පැවසුවේය.