එමෙන්ම ක්‍රීඩා උත්සව පැවැත්වීමට පෙර ඒ සඳහා සුදුසු වටපිටාවක් තිබේද යන්න සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන්ගෙන් උපදෙස් ලබා ගන්නා ලෙස ද ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපති උපුල් රෝහණ අධ්‍යාපන නිලධාරීන්ගෙන් ඉල්ලීමක් කරයි.
"මේ දිනවල දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අධික හිරු රශ්මියක් පතින වන බවක් දක්නට තිබෙනවා. මෙම තත්ත්වය එළිමහනේ වැඩ කටයුතු කරන අයට දැඩි ලෙස බලපෑම් කරන්න පුළුවන්. ඒ නිසා අපි මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ හිරු රශ්මිය තිබෙන අවස්ථාවල එළිමහනේ වැඩ කරනවා නම් හෝ වෙනත් කටයුත්තක නියැළෙනවා නම් ඒ සම්බන්ධයෙන් වැඩි අවදානයක් යොමු කරන ලෙසයි. පසුගිය කාලයේ ඇතැම් ප්‍රදේශවලින් ද මේ ආකාරයේ අවාසනාවන්ත සිදුවීම් වාර්තා වී තිබුණා. නැවතත් එවන් තත්ත්වයක් ඇති වන්නට පෙර තමයි අපි මේ පූර්ව දැනුවත් කිරීම අධ්‍යාපන බලධාරීන්ට සහ මහජනතාව වෙත නිකුත් කරන්නේ." යැයි ඔහු කීවේය.