ගණේමුල්ල සංජීව ඝාතනයට අදාළව සිරකරුවන් 8 දෙනකුගෙන් ප්‍රශ්න කිරීමක්

Published in පුවත්
Friday, 28 February 2025 09:06

සංවිධානාත්මක අපරාධකරුවකු බව කියන සංජීව කුමාර සමරරත්න හෙවත් ගණේමුල්ල සංජීව ඝාතනය සම්බන්ධයෙන් කරන පුළුල් විමර්ශනයට අදාළව බන්ධනාගාරයේ සිටින සිරකරුවන් 8 දෙනකුගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගැනීමට අධිකරණය පොලිසියට ඊයේ (27 වැනිදා) පස්වරුවේ අවසර දුන්නේය.

කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්. එම්. ජී. රත්නායක සමග පෙනී සිටි පොලිස් සැරයන් (51237) එම්.ඒ.එස්.ඩී. බණ්ඩාර විසින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලිගේ නිල මැදිරිය වෙත වාර්තාවක් ඉදිරිපත් කරමින් දැක්වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව එම අවසරය දී තිබිණි.

මෙම මස 19 වැනිදා පෙරවරුවේ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ අංක 05 අධිකරණ ශාලාවේ නඩු විභාග වෙමින් පවතින අතරතුර විත්තිකූඩුවේ සිටි සංවිධානාත්මක අපරාධකරුවකු බව කියන ගණේමුල්ල සංජීව නමැත්තා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව කොළඹ අපරාධ කොට්ඨාසය මගින් පුළුල් විමර්ශනයක් පවත්වනු ලබයි.

ග​ණේමුල්ල සංජීව ඝාතනය සම්බන්ධයෙන් කරන පුළුල් විමර්ශනයට අදාළව බන්ධනාගාරයේ සිටින සිරකරුවන් පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට අවශ්‍ය වී ඇතැයි කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීහු දන්වා සිටියහ.

ඒ අනුව මේ වන විට බන්ධනාගාරයේ සිටින ලක්සිරි ප්‍රනාන්දු, අමල් මධුසංඛ, අමරසිරි ෆැන්සිස් ඇතුළු සිරකරුවන් 08 දෙනකුගෙන් බන්ධනාගාරය තුළ දී ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගැනීමට අවසර දෙන මෙන් ඉල්ලා සිටි කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරින් ඒ සඳහා අවශ්‍ය පහසුකම් සපයන ලෙස බන්ධනාගාරයට නියෝග කරන මෙන් ඉල්ලා සිටියේය.

ඒ අනුව අදාළ සිරකරුවන්ගේ ප්‍රකාශ සටහන් කර ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාසයට අවසර දුන් ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය ඊට අදාළ පහසුකම් සලසන ලෙස බන්ධනාගාරයට නියෝග කළාය.

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us