රූපලාවන්‍ය ප්‍රමිතිකරණය ලත් තැනම ලොප්

Published in පුවත්
Wednesday, 01 October 2014 09:15

පසුගියදා රූපලාවන්‍ය සැත්කමක්‌ සිදුකර ගැනීමට ගොස්‌ එන්නතක්‌ විෂ වීමෙන් වෛද්‍යවරියක මිය යැමේ සිද්ධියෙන් පසුව දිවයිනේ සියලු රූපලාවන්‍යාගාර නිසි ප්‍රමිතියට ලක්‌ කරන බවට බලධාරීන් ප්‍රකාශ කර සිටියද මෙතෙක්‌ කිසිදු රූපලාවන්‍යාගාරයක්‌ ප්‍රමිතියට ලක්‌ කර නැති බව රජයේ චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරු පවසති.



තවමත් ඇතැම් රූපලාවන්‍යාගාර විසින් නීති විරෝධී අයුරින් පිළිගත් චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරුන් විසින් පමණක්‌ සිදු කළ යුතු කුරුළෑ ඉන්නන් හා ලප සඳහා වන විශේෂඥ වෛද්‍ය ප්‍රතිකාර ලබාදෙන බවට ප්‍රසිද්ධියේ පුවරු ප්‍රදර්ශනය කරමින් සිටින බවට ඔවුහු කියා සිටිති.

මෙම තත්ත්වය මත මහජනතාව නොමග යෑවීමක්‌ සිදුකරන බවත් චර්ම වෛද්‍යවරුන් විසින් සිදුකළ යුතු චර්ම රෝග ප්‍රතිකාරයන් රූපලාවන්‍යාගාර හරහා කර ගැනීමට යැමෙන් එම ප්‍රතිකාර වැරැදි රජයේ චර්ම රෝග සායන වෙත පැමිණෙන රෝගීන්ගේ සංඛ්‍යාව තවමත් වැඩි බව රජයේ රෝහල් චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරු පවසති.

බලධාරීන් ප්‍රකාශ කළ පරිදි රූපලාවන්‍යාගාර පුළුල් මට්‌ටමින් වැටලීමක්‌ සිදු වන බවක්‌ පෙනී නොයන බවද ඔවුහු කියා සිටිති.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us