නාවලපිටිය ඡන්ද කොට්ඨාශයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු සම්බන්ධයෙන් රැස්වීමක් පැවැත්වීමට නියමිතව තිබූ නිවසකට අඟහරුවාදා ගල් ගසා පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඇති බව කැෆේ සංවිධානය කියයි.
දින පහක් ඇතුළත විපක්ෂයේ අපේක්ෂකයන් සහ ආධාරකරුවන් ඉලක්ක කර එල්ල වූ තෙවැනි ප්‍රහාරය මෙය බව එම සංවිධානය කියා සිටියි.
ආණ්ඩුවෙන් 'ප්‍රහාර'
‘ප්‍රබල ආධාර ඇතිව විපක්ෂ දේශපාලනඥයන් ඉලක්ක කරලා ආණ්ඩුව ප්‍රහාර ගණනාවක් දියත් කරලා තියනවා. මේ ප්‍රහාර වේගයෙන් වර්ධනය වෙන්න පුළුවන්’ යනුවෙන් කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂක කීර්ති තෙන්නකෝන් පැවසුවේය.
මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා සඳහා නාවලපිටිය ඡන්ද කොට්ඨාශය ප්‍රසිද්ධියක් උසුලන අතර දෙදහස් දහය වසරේ පැවති මහ මැතිවරණය එම කොට්ඨාශයේ නැවත පැවැත්වීමට සිදු විය.
ඉහත කී ප්‍රහාරය එල්ල වූ නිවසේ පැවැත්වීමට නියමිතව තිබූ රැස්වීම එක්සත් ජාතික පක්ෂයේ නාවලපිටිය නව ආසන සංවිධායක ආනන්ද අලුත්ගමගේ විසින් සංවිධානය කර තිබූ අතර ඊට එම පක්ෂයේ ජාතික සංවිධායක දයා ගමගේ ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් සහභාගී වීමට නියමිතව සිටි බව කැෆේ සංවිධානය නිකුත් කළ නිවේදනයේ සඳහන්වේ.
මීට අමතරව ගිරිඋල්ල ප්‍රදේශයේදී ද එක්සත් ජාතික පක්ෂ අධාරකරුවන් ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල වී ඇති බව කැෆේ සංවිධානය වැඩි දුරටත් පවසයි.
එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංගේ බණ්ඩාරට අයත් කරුවලගස්වැව හොටලයකටද සඳුදා ප්‍රහාරයක් එල්ල කෙරුණු බවත් කැෆේ සංවිධානය වාර්තා කරයි.
ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කර ආණ්ඩුව විපක්ෂය මර්දනය කිරීමේ උපාය මාර්ගයක නිරත වී සිටින බවට කැෆේ සංවිධානය චෝදනා කරයි.
ජනාධිපතිවරණයට පෙර විපක්ෂ ක්‍රියාකාරීන් නිහඬ කිරීමේ එම සැලැස්මේ කොටසක් වශයෙන් පසුගියදා ප්‍රහාර කිහිපයක්ම එල්ල කර ඇති බව නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වන ව්‍යාපාරය (CaFFE) පවසයි.
Leave a comment
Gossip
පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි
මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...
වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.
මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...
බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.
ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...
සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!
මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං
ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)
කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...
ක්‍රීඩා
තරුෂි වසර 39ක් පැරණි කනිෂ්ඨ මලල ක්‍රීඩා වාර්තාවක් අලුත් කරයි
ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකා තරුෂි අභිෂේකා වසර 39ක් පැරණි ශ්‍රී ලංකා කනිෂ්ඨ (අවුරුදු 20න් පහළ) මලල ක්...