ගුරු දිනයේදී ගුරුවරුන් උද්ඝෝෂණයක

Published in පුවත්
Monday, 06 October 2014 10:12
ලෝක ගුරු දිනය අදයි, එහෙත් ලෝකයම ගුරු දිනය සමරද්දි ශී‍්‍ර ලංකාවේ ගුරුවරුන් උද්ඝෝෂණයකට සූදානම් වන බව ලංකා ගුරු සංගමය පවසයි.  යාපනය නගරයේදී මෙම උද්ඝෝෂණය සිදු කිරීමට නියමිතව තිබේ. 
ශී‍්‍ර ලංකාවේ ගුරුවරුන්ට අද මුහුණදීමට සිදුවී ඇති තත්වයන් ජාත්‍යන්තර පිළිගැනීම්වලටද පටහැනි බව මේ සබ්බන්ධයෙන් අදහස් දක්වමින් එම සංගමයේ   ප‍්‍රධාන ලේකම් ජෝශප් ස්ටාර්ලින් මහතා පෙන්වා දෙයි. වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පෙන්වා දෙන්නේ අවස්ථා ගණනාවකදී තමන් ඉදිරිපත් කළ ඉල්ලීම් ආණ්ඩුව විසින් නොසලකා හැරීම සිදු කළ බවයි. 
 
ලෝක ගුරු දිනය සම්බන්ධව යුනෙස්කෝ සංවිධානය මෙවර කියලා තියෙන්නේ ගුරුවරුන් සඳහා කෙරෙන ආයෝජනය අනාගතය සඳහා කෙරෙන ආයෝජනයක් කියලා. ඔවුන් සඳහන් කරලා තියෙනවා පැහැදිළිව ගුරුවරුවන්ගේ සේවා තත්ත්වයන්, පුහුණුවීම්, ගුරුවරුන් සඳහා සුබසාධනය පිළිබඳ වැඩි අවධානයක් යොමු කළොත් තමයි 2015 සංවර්ධන ඉලක්ක සපුරා ගත හැක්කේ කියලා. අද ගුරුවරුන් සඳහා ආයෝජනය කෙසේ වෙතත් අද ලංකාවේ ගුරුවරු අපි ගත්තොතත් විශේෂයෙන් විදුහල්පතිවරුන්ට 2008 සිට වසර හයක් තිස්සේ උසස්වීම් ලබාදී නැහැ. එසේම ගුරුවරුන්ට 2010 සිට වසර හතරක් තිස්සේ උසස්වීම් ලබාදී නැහැ. 
 
 වැටුප් සම්බන්ධයෙන්ද ගුරුවරුන්ට අසාධාරණයක් සිදුව ඇතැයි ජෝශප් ස්ටාර්ලින් මහතා මෙහිදී පෙන්වා දුන්නා.
 
 1998  සිට ගුරුවරුන්ගේ වැටුප් විෂමතවක් ඇති වී තිබෙනවා. එම වැටුප් විෂමතා ඉවත් කිරීමට රජය කිසිදු පියවරක් ගෙන නොමැති බවද ඔහු පැවසුවා. එසේම 2009 වර්ෂයේදී ආණ්ඩුව අතිවැටුප් යෝජනාවක් ගෙන ආවා. නමුත් එයද කි‍්‍රයාත්මක නොකළ බවයි ජෝශප් ස්ටාලින් මහතා පවසන්නේ. එසේම 1994දී ගුරු සේවා ව්‍යවස්ථාව සහ විදුහල්පති සේවා ව්‍යවස්ථාව සංශෝධනය කර නව සේවා ව්‍යවස්ථාවක් ගෙන ඒමට ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයාගේ ප‍්‍රධානත්වයෙන් පත් කළ කමිටුවේ වාර්තාව ගැන කිසිදු සඳහන් නොමැති බවත් ඔහු පෙන්වා දුන්නා.
 
ඔක්තෝබර් 6 ලෝක ගුරු දිනයට පෙර ගුරුවරුන්ගේ උසස්වීම් සහ මෙම ගැටලු සඳහා විසඳුම් ලබාදිය යුතු බවට පසුගිය 23 වැනිදා සමුළුවක් තබා තීරණයක් ගත්තා. ඒ අනුව මුලින්ම පළාත් මට්ටමින් උද්ඝෝෂණ පැවැත්වීමට කටයුතු යොදා තිබෙන බවත් එහි පළමු පියවර අද දිනයේ යාපනයෙන් ආරම්භ කරන බවත් ජෝශප් ස්ටාලින් මහතා පැවසුවා. 
 
(මූලාශ්‍රය නෙත් )

 

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us