පාප්තුමා, සජින් මුණ නොගැසීම: 'ජනපති කෝපයෙන්' Featured

Published in පුවත්
Tuesday, 07 October 2014 09:52

සජින් ද වාස් ගුණවර්ධන මන්ත්‍රීවරයාට වතිකානයෙදී පාප් වහන්සේ මුණගැසීමට අවස්තාව නොලැබීම පිළිබඳව කෝපයට පත් ජනාධිපති මහින්ද රාජපක්ෂ බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් දොස්තර ක්‍රිස් නෝනිස්ගේ ඉල්ලා අස්වීම පිළිගැනීමට තීරණය කළ බව ජනමාධ්‍ය වාර්තා කරයි.

කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා සහ නෝනිස් පවුල අතර පවතින සමීප සම්බන්ධතාවය හේතුවෙන් වාස් ගුණවර්ධන මන්ත්‍රීවරයාට ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ මුණ ගැසීමට අවස්ථාවක් නොලැබුනැයි ජනාධිපතිවරයා විශ්වාස කරන බව සන්ඩේ ටයිම්ස් පුවත්පත පවසයි.

කෙසේ නමුත් කාදිනල්තුමා විමසූ අවස්ථාවේ සිදුවූ දේ පැහැදිලි කිරීම හැරුණු කොට දොස්තර නෝනිස් වතිකානයේ තීරණය සම්බන්ධයෙන් කිසිදු බලපෑමක් කොට නැති බව ස්වාධීන මාර්ගවලින් අනාවරණය විය.

සන්ඩේ ටයිම්ස් වාර්තා කරන ආකාරයට දොස්තර නෝනිස් සහ වාස් ගුණවර්ධන මන්ත්‍රීවරයා අතර උණුසුම් දෙබසක් ඇති වී තිබෙන්නේ නිවුයෝක් නුවර සිටින ශ්‍රී ලංකා එයාර්ලයින්ස් ආයතනයේ නියෝජිත දිලාන් ආරියවංශ ගේ නිවසේදීය. 


'කනට පහරක්'


එහිදී විදේශ ලේකම් ක්ෂෙනුකා සෙනවිරත්න පිළිබඳව නොමනා අන්දමින් කතා කළේ මන්දැයි මන්ත්‍රීවරයා විමසූ අවස්ථාවේ "මගේ කටට වචන දාන්න හදන්න එපා," යනුවෙන් දොස්තර නෝනිස් මන්ත්‍රීවරයාට පවසා තිබේ.

එවිටම ගුණවර්ධන මන්ත්‍රීවරයා තවදුරටත් කෑගසමින් දොස්තර නෝනිස්ට පහර කිහිපයක් ගැසූ බවත් ඔහුගේ කනට තදින් පහරක් වැදුණු බවත් සඳහන්වේ.

පුවත්පතේ සඳහන් වාර්තාව බොහෝ දුරට විශ්වසනීය බව ස්වාධීන මාර්ගවලින් අනාවරණය විය.

සිදුවීම පිළිබඳව 'බිබිසි සංදේශයට'  අදහස් දැක්වූ දොස්තර ක්‍රිස් නෝනිස්: "ජනමාධ්‍ය විසින් දැනටමත් වාර්තා කොට තිබෙන ආකාරයට, පසුගිය සැප්තැම්බර් 24 වැනි දින විදේශ අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ත්‍රීවරයා විසින් නිවුයෝක් නුවරදී මට නීතිවිරෝධී ලෙස පහර දුන් බව මම සනාථ කරමි," යනුවෙන් සඳහන් කළේය.

ඉන් අනතුරුව වහාම සාදයෙන් පිටව ගිය මහකොමසාරිස්වරයා පසුදින උදෑසන රෝහලට ගොස් සිය කන පරීක්ෂා කරවා ගෙන ජනාධිපතිවරයා හමුවීමට ගොස් තිබේ.

"එදිනම ඒ පිළිබඳව ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කළ මම මගේ ඉල්ලා අස්වීමේ ලිපිය එදිනම භාරදුන්නෙමි. එදින සවස් යාමයේ මම ලන්ඩනය බලා පැමිණියෙමි."



වතිකාන සංචාරය



සිදුවීම පිළිබඳව පරීක්ෂණයක් පවත්වා සාධාරණය ඉටු කරන බවට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රතිඥා දුන්න ද  පරීක්ෂණයක් පැවැත්වීමට ජනාධිපතිවරයා නියෝග කරන්නේ ඉන් දින දහයකට පසුවය. 


විදේශ ලේකම් ක්ෂෙනුකා සෙනවිරත්න විසින් දොස්තර නෝනිස්ට එරෙහිව ඉදිරිපත් කරනු ලැබ ඇති පැමිණිල්ලක් සම්බන්ධයෙන්ද විභාගයක් පවත්වන බව ආණ්ඩුව නිවේදනය කළේය.

ඉන් අනතුරුව පසුගිය සිකුරාදා ඔහුගේ ඉල්ලා අස්වීම ආණ්ඩුව විසින් භාරගෙන තිබුණි. ඒ ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස වතිකානයේ සංචාරයක නිරතව සිටි අතරවාරයේය. 

"මගේ රටට සහ ජනතාවට සේවය කිරීම පිණිස මේ අවස්තාව ලබාදීම පිළිබඳව ජනාධිපතිවරයාට මගේ හෘදයාංගම ප්‍රණාමය පුද කරන්නෙමි. මට භාරදුන් කාර්යය මට හැකි උපරිම අයුරින් ඉටු කළ බව මම විශ්වාස කරන්නෙමි. ජනාධිපතිතුමාට සහ එතුමාගේ පවුලේ සාමාජිකයන් කෙරෙහි මගේ පක්ෂපාතීත්වය කිසිදින වෙනස් නොවන්නකි," යනුවෙන්ද දොස්තර ක්‍රිස් නෝනිස්ගේ නිවේදනයේ දැක්වේ.

ජනමාධ්‍යවලට ලබාදුන් මෙම නිවේදනය හැරුණු කොට වෙනත් විස්තර හෙළි කිරීම දොස්තර ක්‍රිස් නෝනිස් ප්‍රතික්ෂේප කළේය.

මේ චෝදනා පිළිබඳව විමසීම පිණිස සජින් ද වාස් ගුණවර්ධන මන්ත්‍රීවරයා සහ විදේශ ලේකම් ක්ෂෙනුකා සෙනවිරත්න ඇමතීමට  දැරූ උත්සාහය සාර්ථක නොවීය.

(බීබීසී සංදේශය)

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us