ඒඩ්ස්‌ හැදුණු පියාගේ අතවරයෙන් දියණියටත් ඒඩ්ස්‌

Published in පුවත්
Saturday, 05 July 2014 08:56

දහසය හැවිරිදි තම වැඩිමල් දියණිය බලෙන් දූෂණය කර ඇය "ඒඩ්ස්‌" රෝගියකු බවට පත් කළ "ඒඩ්ස්‌" රෝගී පියකු මීගමුව මූලස්‌ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ සහය ඇතිව නුගේගොඩ පිහිටි ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය මගින් මීගමුව තිඹිරිගස්‌කටුව හරිස්‌චන්ද්‍රපුරයේ පිහිටි ඔහුගේ නිවසේදී අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකාර පියා 40 හැවිරිදි පෙදරේරුවකු වන අතර ඔහු තිදරු පියෙකි. මෙම සැකකරු සහ ඔහුගේ බිරිඳ ඒඩ්ස්‌ රෝගීන් දෙදෙනෙකි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පැවැති මූලික පොලිස්‌ විමර්ශනවලදී අනාවරණය වූ කරුණු අනුව මෙම රෝගී දෙමාපියෝ තම දරුවන්ට හොරා කොළඹ මහ රෝහලට ගොස්‌ ප්‍රතිකාර ලබති.

මේ අතරතුර පියා තම බිරිඳ නිවසේ නොමැති අවස්‌ථාවක 2013 වසරේ තම වැඩිමල් දියණිය අවස්‌ථා දෙකකදී දූෂණය කර ඇත.

ඉන් ටික කලකට පසු දියණියගේ ශරීරයේ පලු මතුවී කුෂ්ට රෝගී බවක්‌ පෙන්නුම් කර ඇත. තම පියා රහස්‌ රෝගයකට ප්‍රතිකාර ලබා ගන්නා බව දැන සිටි එම දියණිය ඒ පිළිබඳව සැක සිතී කොළඹ මහ රෝහලට පැමිණ වෛද්‍යවරුන්ගේ උපදෙස්‌ මත ඇගේ රුධිරය පරීක්‍ෂණයට ලක්‌ කර ඇත.

පසුව රුධිර පරීක්‍ෂණයේදී ඇය "ඒඩ්ස්‌" රෝගියකු බව අනාවරණය වී ඇත. ඉන් අනතුරුව මේ පිළිබඳ රෝහලේ වෛද්‍ය බලධාරීන් නුගේගොඩ පිහිටි ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය දැනුවත් කර ඇත.

එම පැමිණිල්ල අනුව බාලවයස්‌කාර 16 හැවිරිදි තම වැඩිමල් දියණිය දූෂණය කිරීමේ චෝදනාවට එම නරුම පියා මීගමුව පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ සහය ඇතිව නුගේගොඩ පිහිටි ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය මගින් මීගමුව හරිස්‌චන්ද්‍රපුර තිඹිරිගස්‌කටුව ඔහුගේ නිවසේදී අත්අඩංගුවට ගෙන ඇත.

සැකකාර පියා අධිකරණය හමුවට පැමිණ වීමට නියමිතය.

(මීගමුව සමූහ - විමල් කීර්ති)

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us