ජපානයෙන් දුන් ‘සයුරු' 18 සයුරට

Published in පුවත්
Wednesday, 15 October 2014 10:07

රුපියල් කෝටි අනූවක් වටිනා නෞකාවක් ජපන් රජය විසින් ශ‍්‍රී ලංකාවට පරිත්‍යාග කර ඇත.

 ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කලේ ජපාන ජාත්‍යන්තර සහයෝගීතා නියෝජිතායතනය විසින් මෙම නෞකාව පරිත්‍යාග කර තිබෙන බවයි. 

සයුරු නමින් නම් කර ඇති මෙම නෞකාව ධීවර අමාත්‍යාංශයේ ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවට භාරදීමේ උළෙල ලබන 18 වනදා පස්වරුවේ සිදුවේ. ඒ දික් ඕවිට ධීවර වරායේදීය.

බහුකාර්යය යාත‍්‍රාවක් වන මෙහි දිග මීටර 49 යි දශම 9 ක් වන අතර එය ටොන් හයසිය විසි හතරක බරකින් යුක්තය. 

කැණීම් යාත‍්‍රාවක් ලෙස යොදා ගන්නා මෙම නෞකාව තුළින් රටවටා පවතින ධීවර වරායන්හී කැණීම් කටයුතු ඉටු කිරීමට පහසුවක් වන අතර සාගර පර්යේෂණ ක්ෂේත‍්‍රයට ද ඉතා වැදගත් බව ධීවර අමාත්‍යාංශය නිවේදනය කරයි.

 ජපාන රජය විසින් ලක් රජය වෙත මීට පෙර ද රුහුණු පුතා කැණීම් යාත‍්‍රාව ලබා දී තිබිණ.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us