හරින් :ජංගි ඇන්දවීම තවම නිමාවක් නැත

Published in පුවත්
Saturday, 18 October 2014 11:00

එක්සත් ජාතික පක්ෂයේ තනතුරු බෙදීම තවමත් නිමා වී නැත. උෟව පළාත් සභා විපක්‍ෂ නායක, හරීන් ප්‍රනාන්දු එක්සත් ජාතික පක්‍ෂයේ නියෝජ්‍ය ජාතික සංවිධායක ලෙස පත් කිරීමට තීරණය කර ඇති බව එජාප ජාතික නායක රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (17)  පැවසීය.



ඔහු මේ බව සඳහන් කළේ, ඉදිරි ජාතික මැතිවරණයක දී, පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය නියෝජනය කරමින් මෙහෙයුම් කටයුතු සිදු කිරීම සඳහා පත් කරන ලද විශේෂ කමිටුව අද සිරිකොත මන්දිරයේ දී හමුවූ අවස්ථාවේදී ය.

ඒ අනුව ජාතික සංවිධායක දයා ගමගේට හරීන් ප්‍රනාන්දු සහාය වනවා ඇත. එජාප ජාතික සංවිධායක සහ නියෝජ්‍ය ජාතික සංවිධායක යන දෙදෙනාම පළාත් සභා මන්ත්‍රීවරුන් වීම විශේෂත්වයකි.

එක්සත් ජාතික පක්ෂය නායක කාරකාදීන් ජාතික මැතිවරණයක් කටේ තිබියදී ඊට අදාලව ත්‍රෛයි භාෂා මාධ්‍ය සම්බන්ධීකරණ කමිටුවක්, මුද්‍රිත, විද්‍යුත් මාධ්‍ය ප්‍රචාරක කමිටුවක්, දත්ත විශ්ලේෂන කමිටුවක්, කලාකරුවන්ගේ කමිටුවක්, ශිෂ්‍ය ව්‍යාපාරය මෙහෙයවීමේ කමිටුවක්, වෘත්තීය සමිති මෙහෙයවීමේ කමිටුවක්, කාන්තා කමිටුවක්, සමාජ ජාල මෙහෙයුම් කමිටුවක්, දුරකථන මෙහෙයුම් කමිටුවක්, ප්‍රවාහන පහසුකම් සඳහා කමිටුවක්, පොලිසි සහ ආරක්ෂක අංශ සම්බන්ධීකරණ කමිටුවක්, නීති ආධාර වෙනුවෙන් නීතිඥ කමිටුවක්, විවිධ දේශපාලන සහ සිවිල් සංවිධාන සම්බන්ධීකරණ කමිටුවක්, මුදල් ආධාර ලබා ගැනීමේ කමිටුවක්, ජාත්‍යන්තර තානාපති කාර්යාල අතර සම්බන්ධීකරන කමිටුවක්, පිටරට සිටින ඩයස්පෝරා ප්‍රජාව සම්බන්ධීකරණ කමිටුවක් ආදී ලෙස ප්‍රබල යාන්ත්‍රනයක් හනිකට හදා ගන්නවා වෙනුවට ලාහට ගෙම්බන් එකතු කරන්නා සේ එක් එක් පුද්ගලයන් අල්ලා තනතුරු ජංගි අන්දමින් සිටිනවා දකින්නට ලැබේ.

(මුලාශය- ලංකා ඊ නිව්ස්)

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us