අපි ජනාධිපතිතුමා එක්ක තරහක් නැහැ - ගම්මන්පිල

Published in පුවත්
Saturday, 18 October 2014 12:01

"පහුගිය දවස්වල අපට නිරන්තරයෙන් දුරකතන ඇමතුම් එනවා හෙළ උරුමේ ආණ්ඩුවෙන් ඔන්න ගියා මෙන්න ගියා කියලා අපෙන් අහනවා. සමහරු අපට දුරකතනයෙන් කතා කරලා අහනවා ඇයි මේ ජනාධිපතිතුමත් එක්ක ඔච්චර තරහා කියලා. ඉතා පැහැදිලිව කියන්න ඕනේ අපියි ජනාධිපතිතුමයි අතරේ කිසිම තරහක් නැහැ. කිසිම ගැටුමකුත් නැහැ." උදය ගම්මන්පිල අමාත්‍යවරයා මෙම අදහස් පල කළේ අත් පෙහෙකම් ප‍්‍රදර්ශණයේ සමාරම්භක අවස්ථාවට සහභාගී වෙමිනි. 




මෙහි ප‍්‍රධාන ආරාධිතයා ලෙස ජලසම්පාදන සහ ජලාපවාහන නියෝජ්‍ය ඇමැතිනී නිරූපමා රාජපක්ෂ මහත්මිය සහභාගී විය.



අපේ ඉල්ලීම් දිනාගන්න:



එහිදී වැඩිදුර අදහස් දැක්වූ අමාත්‍යවරයා,

"මොකක්ද අපි එහෙනම් මේ උත්සාහ කරන්නේ. දැන් ජනාධිපතිවරණයක් ලඟ එනවා. ඒක රහසක් නැති රහසක් බවට පත්වෙලා තියෙනවා. ඉතින් මේ ජනාධිපතිවරණය වෙලාවේ රටට ජයග‍්‍රහණ ලබා දෙන්නයි අපි උත්සහයක යෙදිලා ඉන්නේ. මේ දවස්වල අපි දකිනවා වෙනදට වඩා වැඩ වර්ජන එහෙම වැඩියි. ඇයි ? හැමෝම හිතනවා මේක තමා අපේ ඉල්ලීම් දිනාගන්න අවස්ථාව. පරණ දෙමළ කියමනක් තියෙනවා තැටිය රත්වෙච්ච වෙලාවේ රොටිය පුච්චගන්න ඕනේයි කියලා. 


ඉතින් මේ හැමෝම ජනාධිපතිවරණය පාවිච්චි කරලා තමතමන්ගේ ඉල්ලීම් දිනාගන්න උත්සාහ කරනවා. ජාතික හෙළ උරුමයේ ඉල්ලීම් අතර අපට ඇමැතිධූර මෙච්චරක් ඕනේ. නියෝජ්‍ය ඇමැතිධූර මෙච්චරක් ඕනේ. සංස්ථා සභාපතිකම් මෙච්චරක් ඕනේ තානාපතිකම් මෙච්චරක් ඕනේ, මුදලින් සල්ලි කුට්ටියක් ඕනේ වගේ ඉල්ලීම් නෑ.

අපි ඉල්ලීම් ඉල්ලන්නේ මේ රටේ ජනතාව ජයග‍්‍රහණය කරවන්න. ඒ වගේම අද අපේ ආණ්ඩුවට සුවිශේෂී බලයක් තියෙනවා. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලයක් තිබෙනවා. ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා හරි අපූරු කතාවක් කියනවා. සිරිමාවෝ බණ්ඩාරණායක මැතිණිය කියනවා විපක්ෂයේ ඉඳිමින් අපි බලයට පත්වුණාම විධායක ජනාධිපතිධූරය අහෝසි කරනවායි කියලා. එතකොට ජේ.ආර්. ජනාධිපතිතුමා ඒකට උත්තරයක් දෙනවා එතුමිය කවදා හරි දවසක බලයට එයි. හැබැයි මේක අහෝසි කරන්න ඕනේ තුනෙන් දෙක නම් මේ ව්‍යවස්ථාව යටතේ කාටවත් ගන්න බැහැයි කියලා. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා මේ ව්‍යවස්ථාවේ නිර්මාපකයා කාටවත් ගන්න බැහැයි කිව්ව තුනෙන් දෙක වර්තමාන ආණ්ඩුව අරන් තියෙනවා. යුධ ජයග‍්‍රහණයට පින් සිද්ධවෙන්න.


තුනෙන් දෙක මලකඩ කන්න දෙන්න බැහැ :


ඉතින් මේ ලැබිච්ච තුනෙන් දෙක මලකඩ කන්න දෙන්න බැහැ. මේකෙන් වැඩක් ගන්න ඕනේ. මේකෙන් රටට ප‍්‍රයෝජනයක් ගන්න ඕනේ. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියට ලංකා ඉතිහාසයේ ප‍්‍රථම වතාවට තුනෙන් දෙකේ බලයක් ලැබුණා. අන්න ඒ බලයෙන් තමයි එතුමිය මේ රට ජනරජයක් බවට පත් කළේ. ඒ තුනෙන් දෙකේ බලයෙන් තමයි මේ රටේ සිංහල භාෂාව රාජ්‍ය භාෂාව විය යුතුයි කියන කාරණය ව්‍යවස්ථාවට අඩංගු කළේ. ඒ තුනෙන් දෙකේ බලයෙන් තමයි අපේ රට බුද්ධාගමට ප‍්‍රමුඛස්ථානය දෙන්න ඕනේයි කියන වගන්තිය ව්‍යවස්ථාවට එකතු කළේ. ඒ තුනෙන් දෙකෙන් රටට වැඩක් ගන්න පුළුවන් වුණා.

ඊළඟට ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාට 1977දී තුනෙන් දෙකේ බලයක් ලැබුණා. එතුමත් ඒ තුනෙන් දෙකේ බලයෙන් වැඩක් කළා. මොන විවේචන තිබුණත්, මොන අඩුපාඩු තිබුණත් විධායක ජනාධිපතිධූරය එතුමා හදුන්වලා දුන්න නිසා තමයි අපේ රටේ සීග‍්‍ර සංවර්ධනයක් කරන්න පුළුවන් වුණේ. ලෝකයේ භයානකම ත‍්‍රස්තවාදය වෙච්ච කොටි ත‍්‍රස්තවාදය අවසන් කරන්න අපිට පුළුවන් වුණේ. මොනතරම් අඩුපාඩු තිබුණත් සමානුපාතික ක‍්‍රමය ඒ තුනෙන් දෙකේ ක‍්‍රමයෙන් හදුන්වාදුන්න නිසා තමයි රටේ විපක්ෂ නායක ධූරය දෙමළ ජාතික සන්ධානයට නොයා රනිල් වික‍්‍රමසිංහ මැතිතුමාට ලැබිලා තියෙන්නේ. එතුමා ගැන අපි එච්චර සතුටු නැහැ. 



අපි රනිල් ගැන සතුටු නැහැ :



මොනවා වුණත් ඉතින් සම්බන්ධන් මහත්තයාට ලැබෙනවාට වඩා රනිල් වික‍්‍රමසිංහ මහත්තයා අතේ විපක්ෂ නායක ධූරය තියෙන එක හොදයි. ඒ වගේම ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාට ලැබුණු තුනෙන් දෙකේ බලය නිසා තමයි මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වුණොත් ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න පුළුවන් කියන වගන්ති අපේ ව්‍යවස්ථාවට එකතු වුණේ.

එතකොට මීට කලින් තුනෙන් දෙකේ බලය ලැබුණු අවස්ථා දෙකේම ඒ තුනෙන් දෙක පාවිච්චි කරලා රටට යම් යම් ජයග‍්‍රහණ ලැබිලා තියෙනවා. වර්තමාන තුනෙන් දෙකේ බලයට අවුරුදු පහකට ආසන්න කාලයක් ගතවුණත් තවමත් මේ තුනෙන් දෙකේ බලයෙන් රටට ජාතියට ජයග‍්‍රහණ ගෙන එන්න අපිට පුළුවන්කමක් වෙලා නැහැ. 


අපි දැන් ඉන්නේ තුනෙන් දෙකේ බලයේ අගිස්සේ. සාමාන්‍ය සම්ප‍්‍රදාය තමයි ජනාධිපතිවරණයක් තියලා ඉවරවුණ ගමන්ම පාර්ලිමේන්තුව විසිරුවා හැරීම. පාර්ලිමේන්තුව  විසිරුවා හැරියායින් පස්සේ ඊළග ඡන්දෙන් අපිට ආයේ තුනෙන් දෙකක් ලැබෙන්නේ නැහැ. එහෙනම් මේ ගතවන මාස දෙක තුන තමයි තුනෙන් දෙකේ බලය පාවිච්චි කරලා ව්‍යවස්ථා සංශෝධනයක් කරගන්න තියෙන අන්තිම මාස දෙක තුන අපි මේ ගතකරන්නේ. මේ අන්තිම මොහොතේ හරි අපි මේ උත්සහ දරන්නේ මේ තුනෙන් දෙකෙන් රටට ජාතියට වැඩක් කරගන්න.

ඉතින් ඒ කාරණයේ දී අපි උපරිම උත්සහයක් දරණවා ජාතියට රටට ජයග‍්‍රහණ ගේන්න. එහෙම මිසක් කාත් එක්කවත් තරහටවත් කාත් එක්කවත් වෛරයෙන්වත් නෙවෙයි. ජනතාව ගැන රට ගැන තිබෙන ඇල්ම නිසාමයි මේ සටන කරන්නේ කියන එක සිහිපත් කරන්න කැමතියි."

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us