හෙළ උරුමයේ සහය කරුට ?

Published in පුවත්
Tuesday, 21 October 2014 09:28

දේශපේ‍්‍රමි නායකයෙකු එක්සත් ජාතික පක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂකයා ලෙස නම්කර තිබුණේ නම් ඔවුන්ට සහය දීම පිළිබඳ සලකා බැලිමට තිබු බව ජාතික හෙල උරුමය පවසයි.

එහි නියෝජ්‍ය මහලේකම් බස්නාහිර පළාත් සභා අමාත්‍ය උදය ගම්මන්පිල මහතා, බස්නාහිර පළාත් කෘෂිකර්ම අමාත්‍යංශයේ ඊයේ පැවති උත්සවයට එක්වෙමින් පැවසුවේ රනිල් වික‍්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂකයා විය හැකි බැවින් ඒ පිළිබඳ සාකච්ඡුාවක් හෝ පැවැත්වීය නොහැකි බවයි.

ඔහු එහිදී මෙසේද කීය.

ඊයේ ජාතික හෙළ උරුමයේ පක්ෂ සමුළුවේදී මම සඳහන් කළා යෝජනා මාළාවක්. අපි පක්ෂ සමුළුවේදී ඒක සම්මත කරගත්තා. මේ යෝජනා මාලාව හෙට (21) අපි බලාපොරොත්තු වෙනවා ජනාධිපතිතුමත් එක්ක සාකච්ඡා කරන්න. 

ජනාධිපතිතුමන්ගෙන් අපිට සුභවාදී ප‍්‍රතිචාරයක් නොලැබුණොත් මේ රටේ නිහඩ බහුතරය වෙන සිංහලයින්ගේ හඩ වෙනුවෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. 

හැබැයි අපි සූදානම් නැහැ රනිල් වික‍්‍රමසිංහ මහත්තයා ජයග‍්‍රහණය කරන්න කටයුතු කරන්න.


එක්සත් ජාතික පක්ෂයේ ඇතුළෙත් දේශපේ‍්‍රමී නායකයින් ඉන්නවා. අපි ඒක පිළිගන්නවා. ඒ දේශපේ‍්‍රමී නායකයෙක් එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා වෙලා තිබුණා නම් අපිට එක්සත් ජාතික පක්ෂයට සහය දීම ගැන සලකා බලන්න ඉඩ තිබුණා. 

අපේ යෝජනාවලිය ගැන එක්සත් ජාතික පක්ෂයත් එක්ක සාකච්ඡාක කරන්න ඉඩ තිබුණා.

 නමුත් රනිල් වික‍්‍රමසිංහ මැතිතුමාගේ අතීත ක‍්‍රියාකාරකම් පැත්තකින් තිබ්බත් වර්තමාන ක‍්‍රියාකාරකම් ගැනවත් අපිට සතුටු වෙන්න බැහැ.''

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us