පාප් වහන්සේගේ සැපත්වේද ? නැද්ද ?

Published in පුවත්
Wednesday, 22 October 2014 18:54

පාප් වහන්සේගේ ශ‍්‍රී ලංකා සංචාරය පැවැත්වෙන කාලසීමාවේදී ජනාධිපතිවරණයක් පවත්වන්නේනම් ඒ පිළිබඳ පැහැදිලි කිරීමක් සිදු කරන්නැයි කතෝලික සභාව රජයෙන් ඉල්ලීමක් සිදු කරනයි.

එහි ප‍්‍රකාශක සිරිල් ගාමිණි පියතුමන් ප‍්‍රකාශ කළේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත මේ පිළිබඳ ලිපියක්ද යොමු කර ඇති බවයි.     

 අති උතුම් ෆ‍්‍රැන්සිස් පාප් වහන්සේගේ ශ‍්‍රී ලංකා සංචාරය  සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බවද සිරිල් ගාමිණි පියතුමන් සඳහන් කළහ.

අති උතුම් ෆ‍්‍රැන්සිස් පාප් වහන්සේ ලබන ජනවාරි 13 වනදා දෙදින නිළ සංචාරයක් සඳහා ශ‍්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. 


උන්වහන්සේ කොළඹ ගාලූමුවදොරදී පැවැත්වෙන ප‍්‍රධාන ආශිර්වාද දේව මෙහෙයකට සහ මඩු දේවස්ථානයේ නිරීක්ෂණයකටද එක් වනු ඇත.

කෙසේ වෙතත් ඉදිරි ජනාධිපතිවරණය ලබන ජනවාරි හත, අට හෝ නවය යන එක් දිනක පැවැත්වෙනු ඇති බවට මේ වන විට මත පලව ඇත. එය හරහා පාප් වහන්සේගේ ශ‍්‍රී ලංකා සංචාරයට බාධා එල්ල විය හැකි බවටද ඇතැම් පාර්ශව අදහස් පල කරති.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us