දිනකට කෝටි 15 ක් ගසා කන වංචාවක් ! Featured

Published in පුවත්
Saturday, 25 October 2014 09:00

හිටපු බලශක්ති ඇමැති පාඨලි චම්පික මහතා වෙත කෝටි 150 ක චෝදනාවක් නඟා, ඒ පිලිබඳ පරීක්ෂන පැවැත්වීමට නියෝග දෙන වත්මන් විදුලිබල ඇමැතිනි පවිත්‍රා දේවි වන්නිආරච්චි මහත්මියගේ පාලනය යටතේ දිනකට කෝටි 15 ක් වංචා සිදුවන බව වාර්තාවේ. 

විදුලි බල අමාත්‍යංශයෙන් ලැබුනු මහදැන මුත්තාගේ නියෝගයකින් මේ වන විට ළක්විජය බලාගාරයේ එක් යන්ත්‍රයකුත්, කැළනිතිස්ස බලාගාරයේ කොම්බයින්ඩ් සයිකල් බලාගාරයත් සපුගස්කන්ද ඩීසල් බලාගාරයත් නවතා දමා ඇත. 

ලැබුනු මෙම අපූරු නියෝගයේ සඳහන් වන්නේ එම බලාගාර වලින් අහිමිවන විදුලිය කෙරවලපිටිය පුද්ගලික තාප විදුලි බලාගාරයෙන් ලබා ගන්නා ලෙසය.

 ඒ අනුව මාස ගණනාවක් නවතා තිබූ කෙරවලපිටිය බලාගාරය නැවතත් විදුලි ජනනය අාරම්භ කර ඇත.

මේ හේතුවෙන් දිනකට මෙගා වොට් පැය 6000 ක ප්‍රමාණයක් එ්කකයක් රුපියල් 25 ක මුදලට මිලදී ගැනිමට සිදුව තිබේ. 

එනම් මහජන මුදල් කෝටි 15 ක් (6000x1000 කි.වො.පැ. x 25) දිනකට කාබාසිනියා වේ. 

කෙරවලපිටිය නොහොත් ‍යුගදනවි බලාගාරය LTL සමාගමට අයත් එකකි. LTL සමාගම යනු විදුලි බල මන්ඩලයේ සාරය උරා බොමින් වැජඹෙන පරපෝෂිතයෙකි. 

LTL සමාගමේ ප්‍රධාන කොටස් කරුවන් වන්නේ විදුලි බල අමාත්‍යංශයේ සහ ලංකා විදුලි බල මන්ඩලයේම උසස් නිලධාරීන් ය.

මීට පෙර අණාවරනය කළ පරිදි , ලක්විජය බලාගාරයේ දෙවන හා තෙවන අදියරයන්හි ජනනය අාරම්භ වූ විට නතර කරන්නන්ට සිදුවූ එක් බලාගාරයක් නම් කෙරවලපිටිය බලාගාරයයි.

 එහෙත් මෙහි අායෝජනය කර ඇති අමාත්‍යංශ ලේකම් වරයා තමන්ගේ බලාගාරය ක්‍රියාත්මක කර ගැනීමට මෙවැනි නියෝගයක් නිකුත් කර ඇත. 

පෙර සිටි අැමතිවරුන්ගේ කිල්ලෝට වල හුණු සෙවීමට ප්‍රථම, තමන්ගේ ලොටයේ සිදුවන වංචා ගැන පරීක්ෂන නොකරන්නේ වෙන කිසිවක් නිසා නොව පවිත්‍රාද මෙම වංචා දූෂණ වලට සම්බන්ධ නිසා  දැයි සේවකයින් ප්‍රශ්න කරති. 

-කරන්ට් මෑන්-


(ලංකා ඊ නිව්ස්) 

Last modified on Saturday, 25 October 2014 09:16

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us