ආර්යාවගේ බලපෑමට ජනපතිවරණය මාර්තුවට ! Featured

Published in පුවත්
Tuesday, 28 October 2014 09:46

කිතුනුවන්ගේ හිත දිනා ගැනීම සඳහා ජනාධිපතිවරණය මාර්තු දක්වා කල් දැමීමට ජනාධිපතිවරයා තීරණය කර ඇතැයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග වලින් වාර්තා වේ.

දැඩි කතෝලික බැතිමතියක් වන  වන ජනාධිපති ආර්යා ශිරාන්ති රාජපක්ෂ මහත්මියගේ දැඩි බලපෑම මත මෙම තීරණය ගෙන ඇතැයි පැවසේ. 

පාප් වහන්සේ 2015 ජනවාරි 13 දා දිවයිනට පැමිණීමට නියමිත අතර, එම වකවානුවේ ජනාධිපතිවරණයක් පවත්වන්නේ නම් උන්වහන්සේ නොපැමිණීමට ඉඩ ඇති බව එම සංචාරය සංවිධානය කිරීමට මෙරටට පැමිණ සිටින වතිකානුවේ නියෝජිතයින් පවසා තිබේ.


කේන්ද්‍රයේ ග්‍රහ පිහිටීම් : 

ලංකා කේන්ද්‍රයේ ග්‍රහ පිහිටීම් අනුව එම දිනවල ජනාධිපතිවරණය නොපැවැත්වෙන්නේ නම් ජනාධිපතිවරණය 2015 මාර්තු මාසය දක්වා කල් යාමට බොහෝ ඉඩ කඩක් පවතින බවත් ඊට හේතුව රටේ අනාගතය තීරණය කරන කඩඉමක දී ලංකා කේන්දරයේ ග්‍රහ ගැළපීම් ඉතිහාසයේ පැවති ජනාධිපතිවරණ සියල්ලේදීම විවිධ සමානතා පෙන්වීම බව ජනාධිපති ප්‍රවීණ ජ්‍යෙතිෂවේදී සුමනදාස අබේගුණවර්ධන මහතා 'රිවිර' පුවත්පතට පවසා ඇත. 

ඒ අනුව ජනාධිපතිවරණය ජනාවාරි මුල් සතියේ නොපැවැත්වෙන්නේ නම් ජ්‍යෙතිෂ්‍යානුකූලව ඒ සඳහා සුදුසුම කාලය 2015 මාර්තු මාසය බවද හෙතෙම වැඩිදුරටත් කියා සිටියි. 

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us