රතනහිමිගේ විහාරයට එල්ලවූ තර්ජනය හෙළා දකිනවා-කැෆේ

Published in පුවත්
Thursday, 20 November 2014 15:05

දැනට සුඵ මොහොතකට පෙර ජාතික හෙළ උරුමය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් වැඩ වාසය කරන විහාරස්ථානයට එල්ල වු තර්ජනය  කැෆේ සංවිධානය දැඩිව හෙළා දකී. මෙහිදී විහාරස්ථානය තුළට ගල් ප්‍රහාර දෙකක් එල්ල වු බව ආරංචි මාර්ග සදහන් කරයි.

රාජගිරිය ගෝතමී පාරේ පිහිටි මෙම විහාරස්ථානය අසලට රැස්වු 20 - 30 ක පමණ පිරිසක් මෙම තර්ජණය එල්ල කර ඇති අතර , ඒ අතර එජනිස ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරුන් ද සිටි බව එම විහාරස්ථානයේ වැඩ වාසය කරන පුජ්‍ය වත්තේහේනේ විජිත හිමියෝ සදහන් කලහ .

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්වීමට විනාඩි කිහිපයකට පෙර මෙය සිදුවීමද විශේෂත්වයකි.

රතන හිමියන් මේ වන විට තමන් දැරූ තනතුරු ගණනාවකින් ඉවත්ව ජනාධිපතිවරණයේ දී පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීම සදහා වන වැඩ පිළිවෙලක් ද, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට නව සංශෝධනයක් ද ඉදිරිපත් කර ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි.  ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ක්‍රියාකාරී අන්දමිමෙහිදී න් කටයුතු කරන රතන හිමියන් ගේ ආරක්ෂාව තහවුරු කිරීම පොලීසිය සතු වගකීමක් බව කැෆේ සංවිධානය දැඩිව අවධාරණය කරයි.

සබැදි පුවත්

රතනහිමිගේ ආශ්‍රමයට ගහන්න සූදානමක්

 

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us