ඉන්දීය ධීවරයින් 14 ක් නාවික හමුදා අත්අඩංගුවේ

Published in පුවත්
Monday, 24 November 2014 11:28

මෙරට මුහුදු සීමාව උල්ලංඝණය කරමින් ධීවර කටයුතු වල නිරත වූ ඉන්දීය ධීවරයින් 14 දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

යාපනය ඩෙල්ෆ් ආසන්න මුහුදු ප්‍රදේශයේ දී මොවුන් අත්අඩංගුවට ගත් බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් කෝසල වර්ණකුලසූරිය මහතා සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් ධීවරයින් පිරිස යාපනය කරෙයිනගර් ධීවර පරීක්ෂක කාර්යාලය වෙත බාරදී ඇත.

මෙම ධීවරයින් පිරිස තමිල්නාඩු, රාමේෂ්වරම් සහ ජගදපටිනම් ප්‍රදේශ වල පදිංචිකරුවන් බව සඳහන්ය.

මේ අතර මත්කුඩු ජාවාරමක් සම්බන්ධයෙන් සිදුකල නඩු විභාගයකදී මරණ දඩුවමට නියම වූ උතුරේ ධීවරයින් තුන් දෙනා ද නිදහස් කරන ලෙස බල කරමින් ඊයේ (23) යාපනය ගුරුනගර්හීදී විරෝධතාවක් පැවැත් වුණි. ඉන්දීය ධීවරයින් පස් දෙනාට පමණක් නිදහස ලබා දීමෙන් එම වරදටම මරණ දඩුවමට ලක්වූ මෙරට ධීවරයින් තිදෙනාට දැඩි අසාධාරණයක් සිදුව ඇති බව උතුරේ ධීවරයෝ පවසති. ගුරුනගර්හී පදිංචිකරුවන් වන අදාල ධීවරයින් තිදෙනා ද නිදහස් කරන තුරු උතුරේ ධීවර උද්ඝෝෂණ අඛණ්ඩව කි‍්‍රයාවට නගන බව උතුරු පළාත් ධීවර සමුපකාර සංගමය ප‍්‍රකාශ කළේය.

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us