කොටියො පෙන්නල මුවෝ මරන්න ඉඩ දෙන්නෑ

Published in පුවත්
Tuesday, 25 November 2014 12:43

පක්ෂ විපක්ෂ සියළු දෙනාගේ එකමුතුවෙන් පාර්ලිමේන්තුවේ යහපාලනය හා ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කළ යුතුව ඇති බව හිටපු තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ජාතික හෙළ උරුමය විසින් රටේ සමාජ ආර්ථීක දේශපාලන ප්‍රතිසංස්කරණයක් සඳහා වූ යෝජනාවලියක් ඉදිරිපත් කළ අතර එය ජනතාව අතර ව්‍යාප්ත කිරීමේ වැඩපිළිවෙළ දළඳා සමිඳුන් වැඳ පුදාගෙන නුවරින් ආරම්භ කළ බවත්, එය අද කොටුව, බොරැල්ල, මහරගම, නුගේගොඩ ආදී නගරවල ක්‍රියාත්මක කරන බවත් ඔහු සඳහන් කළේය.

අද (24) කොළඹ, කොටුව ප්‍රදේශයේ අත්පත්‍රිකා බෙදාහැරීමේ අවස්ථාවට එක්වෙමින් රණවක මහතා මේ බව කියා සිටියේය.

එහිදී ඔහු වැඩිදුරටත් මෙසේද සඳහන් කළේය.

මේ රටේ ඒකීයභාවයට අනතුරක් කිරීමට කිසිම පුද්ගලයෙකුට කිසිම විටක අපි ඉඩ තබන්නේ නැහැ. යුධ අපරාධ චෝදනාවලට මුවා වෙමින් රටේ ප්‍රජාතන්ත්‍රවාදය යටපත් කිරීමට හෝ යහ පාලනය යටපත් කිරීමට හැකියාවක් නෑ. යහ පාලනය දැන් රටට ඉතා අත්‍යාවශ්‍යයි. දූෂණ වංචා මැඩලන්න, ඒ වගේම සාධාරණ මැතිවරණ පවත්වන්න, විශේෂයෙන්ම අධිකරණය ස්වාධීන කරන්න, රාජ්‍ය සේවය කාර්යක්ෂම කිරීම රට ඉදිරියට යාමට අත්‍යාවශ්‍ය වී තිබෙනවා. එමෙන්ම විධායක ජනාධිපතිවරයාට ඇමතිවරුන් තමන්ට රුචි ප්‍රමාණයක් පත්කිරීමට තිබෙන බලය තමන්ට කැමති ඕනෑම කෙනෙක් ශ්‍රේෂ්ඨාධිකරණයට පත්කිරීමට තිබෙන බලය තමන්ට කැමති ඕනෑම කෙනෙක් අමාත්‍යාංශ ලේකම් කෙනෙක් බවට පත්කිරීමට තිබෙන බලය ආදී අත්තනෝමතික බලතල වහාම පාලනය කළ යුතුයි.

මැතිවරණ ක්‍රියාදාමය මේ අනුපාත ඡන්ද ක්‍රමය වෙනස්කළ යුතුයි. ඒක යුධ අපරාධ චෝදනාවලට මුවාවෙලා යටපත් කරන්න දෙන්න බෑ. ඒක කොටියො පෙන්නල මුවෝ මරනව වගේ වැඩක්. ඒ නිසා අපි මේ දෙක දෙකක් ලෙස සැලකිය යුතුයි. අපි ජනතාවට ප්‍රකාශ කරනව ව්‍යාජ ප්‍රචාරවලටල එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන්ගේ විදේශගත බලවේගවල ප්‍රචාරවලට අපි හසුවිය යුතු නෑ. අපි බොහොම පැහැදිලිව මේ රටේ ඒකීය භාවයත්, මේ රටේ භෞමික අඛණ්ඩතාවයත්, රණවිරුවන්ගේ අයිතියත් වෙනුවෙන් එදත් පෙනී සිටිය. අදත් පෙනී ඉන්නව. ව්‍යාජ බලවේග කුමක් කීවත් මේ කටයුත්ත අභීතව ඉටුකළේ ජාතික හෙළ උරුමය. ඉදිරියටත් අභීතව ඒ කටයුතු අපි ඉටු කරනවා.

මේ අවස්ථාවේ ප්‍රමුඛතාවය වී අැත්තේ යහපාලනය ප්‍රශ්නය විසඳීම බවත් ඒ සදහා රටපුරා බලගතු උද්ඝෝෂණයක් ගෙනයන බවත් ඔහු සදහන් කළේය. ඒ සඳහා එකතු කළ හැකි සෑම කෙනෙක්ම එකතුකරගෙන මේ රටතුළ පක්ෂ විපක්ෂ සියළු දෙනාගේ එකමුතුවෙන් පාර්ලිමේන්තුවේ යහපාලනය ඇති කිරීම හා ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමට කටයුතු සිදුකිරීමට බලාපොරොත්තු වන බව ඔහු සදහන් කළේය.

Last modified on Tuesday, 25 November 2014 12:45

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us