මාලනී මහින්දගේ දෑත් අත්හරින්නේ ඇයි? Featured

Published in පුවත්
Saturday, 29 November 2014 17:21
පාර්ලිමේන්තු මන්ත්‍රිනි ජනප්‍රිය නිලි මාලනී ෆොන්සේකා මහත්මිය වත්මන් රාජපක්ෂ පාලනය කෙරෙහි කළකිරීමෙන් සිටින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
 
මේ හේතුවෙන් එළැඹෙන ජනාධිපතිවරණයේදී ෆොන්සේකා මහත්මිය සහාය පළ කරන්නේ කාටදැයි යන්න පිළිබඳ දෙගිඩියාවකින් සිටින බවද සඳහන්ය. 
 
කෙසේවෙතත් ඊට ආසන්න හේතුව ලෙස ජාතික චිත්‍රපට සංස්ථාව විසින් චිත්‍රපටයක් වෙනුවෙන් පිටපත් 60ක් නිකුත් කිරීම සඳහා  අවසර ලබා දීම හේතු වී ඇති බව පැවසේ.
 
පැවතුණු නීතියට අනුව චිත්‍රපටයක් වෙනුවෙන් නිකුත් කිරීමේ හැකියාව පැවතියේ පිටපත් 35ක් පමණි. 
 
සෝමරත්න දිසානායක, ජැක්සන් ඇන්තනි වැනි චිත්‍රපට අධ්‍යක්ෂවරු පසුගිය වකවානුව පුරාම මෙම පිටපත් 35ක් පමණක් නිකුත් කිරීමේ නීතිය සංශෝධනය කරන ලෙස දිගින් දිගටම ඉල්ලා සිටි නමුත් සංස්ථාවේ හිටපු සභාපති අශෝක සේරසිංහ මහතා ඊට අනුමැතිය ලබා දුන්නේ නැත. නමුත් ඉහළින් ආ නියෝග මත මෙම මහා පරිමාණ නිශ්පාදකයන්ගේ චිත්‍රපට පිටපත් 50 කට අධික සංඛ්‍යාවක් නිකුත් කිරීමට අවසර ලබා දුන්නේය.
 
ඊට විරුද්ධව අශෝක සේරසිංහට එරෙහිව මාලනී ෆොන්සේකා ඇතුළු විශාල පිරිසක් උද්ඝෝෂනික ක්‍රියාමාර්ග මාර්ග වලට පවා ගියේය. එහෙත් නිශ්පාදකයින් පිටපත් 35 නිතීය ඉවත් කරන ලෙස ඉල්ලා මහා පරිමාණ චිත්‍රපට නිශ්පාදකයින් අශෝක සේරසිංහ මහතා සමඟ පසුගිය කාලයේ ගැ‍ටුම ඇති කර ගන්නා ලදී. 
 
ජැක්සන් ඇන්තනී, සෝමරත්න දිසානායක මෙහිදී පෙරමුණේ කටයුත්තක නිරත වූ අතර මෙම පිටපත් 35 ප්‍රශ්නය නිසාම පසුගියදා මෙවර ජනාධිපතිවරයට සහය දක්වන්නේ නැතැයි කියමින් ප්‍රසිද්ධ ප්‍රකාශයක්ද දිසානායකක මහතා විසින් සිදු කළ අතර විපක්ෂය සංවිධානය කළ මාධ්‍ය හමුවකටද සහභාගි විය.  
 
 
ගියවර ජනාධිපතිවරණය සඳහා ජනාධිපතිවරයාට සහාය දුන් ප්‍රධාන කලාකරුවන් කිහිපදෙනෙකු මෙවර ජනාධිපතිවරයා අත්හැරීම වළක්වා ගැනීම සඳහා අශෝක සේරසිංහ මහතාව එම තනතුරෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කළේය.
 
පසුව එම තනතුරේ පුරප්පාඩුව පිරවීම සඳහා ජයන්ත ධර්මදාස පත්විය. ධර්මදාස මහතාව ඉහළින්ම පිළිගැනීමට මාලනී ෆොන්සේකා ඇතුළු කණ්ඩායමක් කටයුතු කළද දිගින් දිගටම  රාජපක්ෂවරුන් වෙනුවෙන් පෙනී සිටි මෙකී කලාකරුවන්ව ජනාධිපතිවරණය සඳහා පාවිච්චිකර ගැනීමේ වුවමනාව මත  අලුතෙන් පත්වීම් ලද ජයන්න ධර්මදාස මහතා  පැවැති නීතිය සංශෝධනය කරමින් එක චිත්‍රපටයක් වෙනුවෙන් පිටපත් 60ක් නිකුත් කිරීමේ අවස්ථාව ලබාදීමට කටයුතු කළේය.
 
කෙසේවෙතත්  පිටපත් 35 වෙනුවෙන් පෙනී සිටි මාලනී ෆොන්සේකා ඇතුළු කණ්ඩායම ඔහු පිටපත් 35 සීමාව ඉහළිම රකිනු ඇතැයි බලාපොරොත්තුවිය. 
 
මාලනී ෆොන්සේකා සිය මන්ත්‍රී ධූර කාලය තුළ ලංකීය සිනමා කර්මාන්තය සාධනීය යමක් කිරීමට උත්සහා ගත්තේනම් ඒ පිටපත් 35 සීමාව වෙනුවෙන් සටන් කිරීමය. එය සිනමාව ජවාරමක් කර ගත් අයවලුන් හැර අන් සැමගේ පැසසුමට ලක්වූ කරුණකි. එහෙත් මේ වනවිට ඒ පරාජය වී ඇත. එමන් ඇයව රාජපක්ෂ ජනාධිපති වරුයා විසින නොසලකා හැරීමය. ඇය වත්මන් පාලකයා වෙනුවෙන් කළකිරීමට හේතුව වී ඇත්තේ එයයි. 
 
මාලනී ෆොන්සේකා ජනාධිපතිවරයාගේ දෑත් කිරීමට ගියද සාම්ප්‍රධායික එජාප පාක්ෂිකාවක් ලෙස ප්‍රකටය.
 
 
 

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us