මැතිවරණ රැළියට නොගියොත් මහපොළ නෑ

Published in පුවත්
Sunday, 30 November 2014 18:17

මැතිවරණ ප‍්‍රචාරක රැස්වීම් සඳහා සරසවි සිසුන් යොදා ගැනීමට ආණ්ඩුව දරන උත්සහය තරයේ හෙළා දකින බව අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය පවසයි. දෙසැම්බර් මස 2 වෙනිදා පැවැත්වෙන මැතිවරණ රැළියකට සරසවි සිසුන් සහභාගි කරවා ගැනීමට ආණ්ඩුව උත්සහ දරමින් සිටින බව එහි කැඳවුම්කරු නජිත් ඉන්දික පෙන්වා දෙයි.

මහපොළ ශිෂ්‍යාධාර ලබාදෙන මුවාවෙන් සිසුන් ඊට සහභාගි කරවාගැනීමට සැලසුම් කරන බවත්, මෙම උත්සවයට පැමිණෙන සිසුන්ට මහපොළ වාරික 3ක මුදල් එකවර ලබාදෙන බවත් දැනුම් දී අැත. එමෙන්ම උත්සවයට සහභාගි නොවන සිසුන්ට ශිෂ්‍යාධාර නොලැබෙන බව දැනුම් දී ඇති බව නජිත් ඉන්දික කියා සිටියි. එමෙන්ම උත්සවයට පැමිණෙන සියලූ සිසුන් සුදු ඇඳුමෙන් සැරසී පැමිණිය යුතු අතර, ජංගම දුරකථන රැුගෙන ඒම ද තහනම් කර අැත.

කෙසේවෙතත් සරසවිවලට ඇතුළු වූ නවක ශිෂ්‍ය කණ්ඩායම් සඳහා මෙතෙක් මහපොළ ශිෂ්‍යාධාර ලබා දී නොමැත. එවැනි තත්ත්වයක් යටතේ ආණ්ඩුවේ මෙම උත්සහයට විරෝධය පළ කරන බවත් මෙම තත්වය පිළිකුළෙන් යුතුව හෙළා දකින බවත් නජිත් ඉන්දික පවසයි.

Last modified on Sunday, 30 November 2014 18:18

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us