සුදොතුම්පියතුමාව දේශපාලන වාසි ලබා ගන්න යොදා ගන්න එපා

Published in පුවත්
Wednesday, 03 December 2014 11:16

සුදොතුම්පියතුමාගේ සංචාරය මැතිවරණ ප‍්‍රචාරණ කටයුතු සඳහා යොදා ගනිමින් විවිධ පාර්ශ්චව දේශපාලන වාසි ලබා ගන්නට උත්සාහ කරමින් සිටින බව කිතුනු හඬ සංවිධානය චෝදනා එල්ල කරයි.

කතෝලික සභාව හෝ අප සංවිධානය එම අවභාවිතාවන් කිසිසේත් අනුමත නොකරන බවද ඒ සම්බන්ධව නිල ප‍්‍රකාශයක් කොළඹ පදවියේ ජනසන්නිවේදන අධ්‍යක්ෂ අතිගරු සිරිල් ගාමිණී පියතුමන් පසුගියදා මාධ්‍ය වෙත ඉදිරිපත් කළ බවද ඔවුන් පෙන්වා දෙයි.

ඉන් සුදොතුම් පියාණන්ව පෝස්ටර්, කටවුට්, බැනර් හා වෙනත් මැතිවරණ ප‍්‍රචාරණ කටයුතු සඳහා යොදා නොගන්නා ලෙස ඔවුන් ඉල්ලා සිටී.

ඔවුන් විසින් නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.


සුදොතුම්පිය ලංකාගමනය වෙනුවෙන් වර්ථමානයේ ඇතිවී ඇති තත්වයත්, සුදොතුම්පියාණන්ව මැතිවරණ ප‍්‍රචාරණ කටයුතු සදහා යොදාගෙන අවභාවිතා කිරීමත් සම්බන්ධයෙන් ‘දිවැසිවරුන්’ නම් අළුතින් බිහිවූ කතෝලික සංවිධානයක් කතෝලික සභාවට ප‍්‍රබල ලෙස චෝදනා කර තිබුණි. එසේම ඔවුන් ‘කිතු හඩ’ සංවිධානයත් දැඩි දෝශ දර්ශනයට ලක්කර තිබුණි.

ඔවුන්ගේ එම චෝදනාවට පිළිතුරු දීම අපගේ යුතුකම යැයි සලකන්නෙමු. පළමුව ‘දිවැසිවරයන්’ නමින් බිහි වූ අළුත් කතෝලික සංවිධානයට සුබ පතමු. කතෝලික සභාව තුළ එවැනි සංවිධානවල අවශ්‍යතාවයක් ඇති සමයක එසේ බිහිවීම අගය කළ යුත්තකි.

‘දිවැසිවරුන්’ සංවිධානය පවසන පරිදි වර්ථමානයේ සුදොතුම්පියගේ සංචාරය මැතිවරණ ප‍්‍රචාරණ කටයුතු සඳහා යොදා ගනිමින් විවිධ පාර්ශ්චව දේශපාලන වාසි ලබා ගන්නට උත්සාහ කරන බව සැබෑවකි. කතෝලික සභාව හෝ අප සංවිධානය එම අවභාවිතාවන් කිසිසේත් අනුමක කරන්නේ නැත. ඒ සම්බන්ධව නිල ප‍්‍රකාශයක් කොළඹ පදවියේ ජනසන්නිවේදන අධ්‍යක්ෂ අතිගරු සිරිල් ගාමිණී පියතුමන් පසුගියදා මාධ්‍ය වෙත ඉදිරිපත් කර තිබෙනු දක්නට හැකිවිය. ඉන් සුදොතුම් පියාණන්ව පෝස්ටර්, කටවුට්, බැනර් හා වෙනත් මැතිවරණ ප‍්‍රචාරණ කටයුතු සඳහා යොදා නොගන්නා ලෙස පැහැදිලිව ඉල්ලා තිබුණි.

දෙවැන්න නම් ඔබ කණ්ඩායම චෝදනා කරන පරිදි කතෝලික සභාව හා රජය හා එක්ව කලින් සැළසුම් කර මෙම සුදොතුම්පිය සංචාරය ජනාධිපතිවරණය මූලික කර ගනිමින් යොදා ඇති බව සිතන්නට බැරි කරුණකි. එනම් මුල සිටම කතෝලික සභාව හා රදගුරු මණ්ඩලය රජයෙන් ඉල්ලා සිටියේ සුදොතුම්පිය සංචාරය ලංකර ජනාධිපතිවරණයක් නොපවත්වන ලෙසය. ඒ වෙනුවෙන් කාදිනල් හිමිපාණන් ජනාධිපතිවරයාට ලිපියකින් පවා දැනුම් දුන් බව අප දන්නා කරුණකි. නමුත් ජනාධිපතිවරණය සුදොතුම් පිය ආසන්නයේම යෙදීමේ වගකීම බාර ගත යුත්තේ කතෝලික සභාව නොව එය තීරණය කළ රජයයි. කතෝලික සභාවට ඒ සඳහා දොස් කීම සාධාරණ නොවේ.

තෙවැන්න ජනාධිපතිවරණයක් ආසන්නයේ සුදොතුම්පියාණන් ලංකාවට සැපත්වීම සම්බන්ධයෙන් ඔබ කණ්ඩායම පවසන පරිදි ගැටළු සහගත තත්වයක් ඇත. ඔබ පෙන්වා දෙන පරිදි ජනවාරි 8 වෙනිදා පැවැත්වෙන මැතිවරණය නිමා වීමට අඩුම තරමේ 11 වෙනිදා දින තෙක් බලා සිටිය යුතුය 13 වෙනිදින සුදොතුම් පිය ලංකාවට සැපත්වීම වෙනුවෙන් සූදානම් වීමට ඇත්තේ දිනක් හෝ දෙකක් තරම් ඉතා සීමිත කාලයකි. පශ්චාත් මැතිවරණ ප‍්‍රචන්ඩ ක‍්‍රියා සිදු වන්නට පටන් ගතහොත් ඇතැම් විට රට තුළ ඇදිරිනීතිය පැනවීමට සිදුවන අවස්ථාවන් උදා විය හැක.

එවිට තත්වය අවිනිශ්චිතය. දෙවැන්න සමහර විටෙක රජයේ අපේක්ෂකයා ජයග‍්‍රහණය නොකර විපක්ෂයේ අපේක්ෂකයා ජයග‍්‍රහණය කළහොත් එවිට තත්වය තවත් බැරෑරුම් වේ. එවිට විපක්ෂයේ අපේක්ෂකයින් සමග සුදොතුම්පිය සංචාරය සංවිධානය කරන්නට කිසිම සූදානමක් වී නොමැත. තවත් කරුණක් නම් මේ වකවානුව වන විට කතෝලිකයින් පවා පක්ෂ දේශපාලනය නිසා විවිධ බෙදීම් වලින් සිටින සමයකි. එවිට ඔවුන් එකට එක්වී සුදොතුම් පියාණන් පිළිගැනීමට කටයුතු කරන්නේ කෙසේදැයි ගැටළුවකි.

මෙවැනි ප‍්‍රායෝගික ගැටළු රැසක් ඔබ සංවිධානය මතු කරන ලෙසම අපටද පෙනෙන්නට තිබේ. මැතිවරණයක් අස්සේ අප ශ්‍රේෂ්ඨ නායකයාණන්ව වැඩම කරවා උන් වහන්සේට මදිපුංචිකම් සිදු කිරීම සම්බන්ධයෙන් අප ‘කිතුහඬ ’ සංවිධානයද කැමැත්තක් නැත. කතෝලික සභාව හා රදගුරු මඩුල්ලද එවැන්නකට කිසිසේත් කැමති වන්නේ නැති බව අප දන්නා කරුණකි.

නමුත් මේ අවස්ථාවේ අනිකුත් සියළුම කාරණා සුළු කාරණා ලෙස සිතීමට කතෝලික නායකයින් හා කතෝලිකයින් පෙළඹෙන ප‍්‍රධානම කාරණාව වන්නේ එම කාරණාවලට වඩා විශාල බලාපොරොත්තුවක් කතෝලිකයින් තුළ තිබෙන නිසාය. එනම් අප කවුරුත් ආදරය කරන අපගේ සභා එඬේරාණන් අපව ආසාරි ගැන්වීමට ලක්දිවට වැඩම කිරීමේ භාග්‍යයයි. එවැනි ශුද්ධවන්ත චරිතයක් ලංකාවට සැපත් වීමම ලාංකේය කිතුනු ජනතාවට ආශිර්වාදයකි.

දෙවැන්න ප‍්‍රථම වතාවට එතුමාණන් අතින් ආසියාවේ ප‍්‍රථම සාන්තුවරයාණන් ලෙසින් ජුසේ වාස් පියතුමාණන් සාන්තුවරභාවයට එසැවීමය. එවැනි දැවැන්ත බලාපොරොත්තු හමුවේ අනෙකුත් කාරණා සුළු කොට ඉවසා දරා සිටීමට සිදුවේ. මේ සම්බන්ධයෙන් කතෝලික සබාව හා කතෝලික ජනතාව ජ්වලිතව ආත්මීයව හා ශාරීරිකව සූදානම් වෙමින් පවතී. සෑම මීසමක්ම ඒ සඳහා ආත්මීය පඩුරු සූදානම් කරති. එනිසා එම බැතිය දඩමීමා කර ගනිමින් කිසිවෙකු ශුදොතුම් පියාණන්ව මැතිවරණ කටයුතු ස`දහා යොදා ගන්නේනම් අපිද නිර්භීතව එයට එරෙහි වන්නෙමු. එයට එරෙහිවීම සමස්ථ කතෝලික ජනයාගේද වගකීම හා යුතුකමවේ.

එනිසා දිවැසිවරු සංවිධානය පවසන පරිදි ‘කිතු හඩ ’ කිසිවෙකුගේ තර්ජන හමුවේ මෙවැනි කාරනා සම්බන්ධයෙන් මුනිවත රකිනවා නොව, ආණ්ඩුවට කඩේ යනවාත් නොව. අපිව කිසිවිටෙකත් මර්ධනය කිරීමට හෝ කඩේ යැවීමටද නොහැකි වේ. අපි නිරතුරුව කි‍්‍රස්තුන් වහන්සේත්, උන් වහන්සේගේ විමුක්තියේ ගමන් මගත් වෙනුවෙන්ම පෙනී සිටින්නෙමු, කඩේ යන්නෙමු. මෙම කරුණු මතු කිරීම ගැන ‘දිවැසිවරුන්’ කණ්ඩායමට නැවත ස්තුති කරමු.

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us