ජනාධිපති කලා උපදේශක සමන් සිරගෙට

Published in පුවත්
Thursday, 04 December 2014 13:47

ජනාධිපති සම්බන්ධීකරණ ලේකම්වරයකුවන මෙන්ම ලේක්හවුස් සහකාර කළමණාකරුවකුද වන බී.එම්. චන්දන සමන් දිසානායකව 16වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කොට අැත.

සැකකටයුතු මරණයකට ගොදුරු වූ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂක නාලක වෙදමුල්ල මහතාගේ බිරිඳ චන්දි රණතුංග මහත්මිය අපයෝජනය කිරීම සම්බන්ධයෙන් ළමා හා කාන්තා කාර්යංශයෙන් අත්අඩංගුවට ගෙන ඊයේ (03) දින කඩුවෙල මහේස්ත්‍රාත් උසාවියට ඉදිරිපත් කරන ලද අවස්ථාවේ මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය ලබාදී තිබේ.

මෙයට පෙරද අදාළ චූදිතයා මෙම නිලියට අයුතු යෝජනා කිරීම සම්බන්ධයෙන් ගංගොඩවිල උසාවිය හමුවේද පැමිණිල්ලක් විභාග වෙමින් පවතින අතර මෙම සිදුවීම බත්තරමුල්ල ආසන්නයේදී සිදුකළ බව අධිකරණයේදී හෙළි විය.

සමන් දිසානායක නැමැත්තා ජනාධිපතිවරයාගේ කලා උපදෙශකවරයකු ලෙසද පෙනි සිටින වංචාකරුවකු වන අතර ඔහු වෙනුවෙන් ප්‍රවීන නිළි වසන්ති චතුරානී ඇතුලු කණ්ඩායමක්ද පෙනී සිටියහ.ඔහු හා ජනාධිපතිවරයා අතර පවතින සම්බන්ධය උපයෝගී කරගෙන නීතියෙන් බේරීම සඳහා දැඩි උත්සාහයක්ද ගනු ලැබීය.ඔහු වෙනුවෙන් මිරිහාන පොලීසියද පෙනී සිටියේය.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us