කලාකරුවන්ට කෙරෙන ආරාධනයයි..!

Published in පුවත්
Sunday, 14 December 2014 19:34

ශ්‍රී ලංකාව සන්ධිස්ථානයකට පැමිණ ඇත. එය ඔබ තීරණයක් ගතයුතු ඓතිහාසික මොහොතකි. ප්‍රජාතන්ත්‍රවාදයේ සකල ප්‍රමිතීන් අද වන විට උල්ලංඝණය කෙරී ඇත. අධිකාරීවාදය - දූෂණය - පවුල්වාදය සහ අශිෂ්ඨත්වය අද අපේ සමාජය අරක්ගෙන තිබේ.

යුද්ධයෙන් ලැබුවා වූ හමුදා ජයග්‍රහණයේ කීර්තිය පාලන කල්ලියක බල තණ්හාව උදෙසා යොදා ගැනෙමින් තිඛෙන අතර, 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය වැනි ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාමාර්ග අද වන විට නීතිගත කෙරී ඇත. ජනතා බලය වෙනුවට, තනි පුද්ගලයෙකු සකල බලධාරියා බවට පත්කිරීම එහි ප්‍රතිවිපාකයයි.

කලාකරුවා වූ කලී, සමාජ ප්‍රගමනයේ පෙරගමන්කරුවාය. යම් සමාජයක් පරිහානියට පත්වන විට කලාකරුවන් අහක බලාගෙන සිටීම නොවටී. එවැනි පරිහානියක් නතර කිරීමට පෙරමුණ ගත යුත්තේ කලාකරුවාය. මන්ද යත්, රටක වඩාත් සංවේදී සමාජ තීරුව ඔවුන් වන බැවිනි.

ලංකාවේ යහපත් හෙට දවසක් අපේක්ෂා කරන, සබුද්ධික පුරවැසියන් වශයෙන් කලාකරුවන්ගේ මැදිහත් වීම පිළිබඳ සාකච්ඡා සම්මන්ත්‍රණයක් දෙසැම්බර් 16 වැනි අඟහරුවාදා සවස 3.00 ට කොළඹ 07 නිදහස් මාවතේ පුස්තකාල සේවා මණ්ඩල ශ්‍රවනාගාරයේදී පැවැත්වේ.

කෙටි නාට්‍ය සහ සංගීත අංග වලින් ද සමන්විත මේ සම්මන්ත්‍රණය තුල ඔබගේ සහභාගිත්වය අපි උදක්ම අගය කරමු.


ධර්මසේන පතිරාජ
ධර්මසිරි බණ්ඩාරනායක
කේ. බී. හේරත්
පරාක්‍රම නිරිඇල්ල
ලුෂන් බුලත්සිංහල
ප්‍රසන්න විතානගේ
ගාමිණී වියන්ගොඩ
චූලානන්ද සමරනායක
චන්ද්‍රගුප්ත තේනුවර
ඩබ්ලිව්. ජයසිරි
ලක්ෂ්මන් මෙන්ඩිස්
අනෝමා රාජකරුණා
ලක්ෂ්මන් විජේසේකර
ඛෙනට් රත්නායක
කෞෂල්‍යා ප්‍රනාන්දු
දීපානි සිල්වා
නලින් ප්‍රදීප් උඩවෙල
සෞම්‍ය ලියනගේ
කසුන් කල්හාර
මොහාන් හෙට්ටිආරච්චි
මාලක දේවප්‍රිය
ජගත් මනුවර්ණ
සමනලී ෆොන්සේකා
ජෙහාන් ශ්‍රීකාන්ත අප්පුහාමි
කෞෂල්‍ය කුමාරසිංහ
දමින්ද මඩවල

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us