ජනාධිපති සටනට සයිබර් සටනත් එක්වෙයි

Published in පුවත්
Monday, 15 December 2014 10:29

එක්සත් ජනතා නිදහස් සන්ධානයට හිමිව තිබූ ෆේස්බුක් ගිණුම පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් බලෙන් අත්පත් කරගත් බව සඳහන් කරමින් සන්ධානයේ මහලේකම් සුසිල් ප්‍රේම්ජයන්ත මහතා විසින් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ ආයතනයට (ICTA) පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

සන්ධානයේ මහලේකම්වරයා මේ පිළිබඳ පැමිණිලි ඉදිරිපත් කරමින් පවසන්නේ අදාළ ෆේස්බුක් ගිණුම සන්ධානයේ නමින් නැවත ස්ථාපිත කළ යුතු බවයි.

කෙසේ වෙතත් පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මාධ්‍ය ප්‍රකාශකවරයා වශයෙන් කටයුතු කරන හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සඳහන් කරන්නේ අදාළ ෆේස්බුක් ගිණුම භාවිත කිරීමට පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට හිමිකමක් පවතින බවය.

සර්ට් ආයතනයට මේ පැමිණිල්ල ලැබී තිබෙන බව පවසන අයි.සී.ටී.ඒ. ආයතනයේ සන්නිවේදන අධ්‍යක්ෂ අතුල පුෂ්පකුමාර මහතා පවසන්නේ මෙම ගැටලුව ෆේස්බුක් බලධාරීන් සමග කළමනාකරණය කිරීමට බලාපොරොත්තු වන බවයි. මේ වනවිට පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට වෙනම ෆේස්බුක් ගිණුමක් පවතින අතර එය https://www.facebook.com/maithripalas ලෙස නම්කර තිබේ. එයට ෆේස්බුක් 165,201 දෙනෙකු (ඊයේ (14දා) වනවිට) කැමැත්ත පළකර තිබේ. Maithripala Sirisena Politicians (මෛත්‍රී පාලනයක් යනුවෙන්) යනුවෙන් එම ගිණුම නම්කර තිබේ.

කෙසේ වෙතත් සන්ධාන මහලේකම්වරයා පවසන්නේ https://www.facebook.com/slupfa යන ෆේස්බුක් ගිණුම පිළිබඳවයි. මෙම ගිණුම UPFA – a Bright Future ලෙස නම්කර තිබේ. ඒ සඳහා 103,104 දෙනෙකු (ඊයේ (14දා) වනවිට) කැමැත්ත පළකර තිබෙන අතර, මෙම ගිණුමේ මාතෘකාව ලෙස %සුපිරිසුදු අනාගතයක් වෙනුවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපි මෛත්‍රී සමගයි යනුවෙන් සඳහන් කර තිබේ. මෙම ගිණුමට මෛත්‍රීපාල සිරිසේන මහතාගේ වීඩියෝ දර්ශන, ඡායාරූප හා කතා ඇතුළත් කර තිබේ.

කෙසේ වෙතත් පෙරේදා (13දා) මෙම ෆේස්බුක් ගිණුමේ පරිපාලනය (Admin) ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා තිබුණේ 2010 වසරේ පැවැති ජනාධිපතිවරණයේදී මෙන්ම මහ මැතිවරණයේදීද ජනාධිපති මහින්ද රාපජපක්ෂ මහතාගේ ජයග්‍රහණය සඳහා ස්වෙච්ඡාවෙන් සේවය කළ පිරිසක් මෙම ෆේස්බුක් ගිණුම කළමනාකරණය කළ බවයි.


ඒ සත්‍ය වශයෙන්ම සුබ අනාගතයක් වෙනුවෙන් බවත්, වර්තමාන පාලනය තුළ එවැන්නක් පෙනෙන්නට නැති හෙයින් මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා ලෙස පත්වීමෙන් පසු ඔහුට සහාය දැක්වීමට තීරණය කළ බවත් ඔවුන් නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.


එසේම නොවැම්බර් මස 21 වැනිදා (මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂක ලෙස පත්වූ දිනය) වනවිට ෆේස්බුක් මනාප (Likes) 40000ක්ව පැවැති එම ගිණුම තමන් මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දැක්වීමට තීරණය කිරීමත් සමග ගත වූ දින කිහිපය තුළ 60,000කට ආසන්න ප්‍රමාණයකින් වැඩි වූ බවද ඔවුන් නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.

මේ අතර ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කිරීමෙන් පසු ව්‍යාජ ෆේස්බුක් ගිණුම් පිළිබඳව පැමිණිලි 5200කට ආසන්න ප්‍රමාණයක් ලැබී ඇති බවත්, එයින් 500කට ආසන්න ප්‍රමාණයක් ක්‍රියාවිරහිත කළ බවත් සර්ට් ආයතනය පවසයි. මේ අතර විදේශයන්හි සිට ක්‍රියාත්මක වන දේශපාලන වෙබ් අඩවි 25කට අධික ප්‍රමාණයක් පිළිබඳවද පැමිණිලි ලැබී තිබෙන බව පුෂ්පකුමාර මහතා සඳහන් කරයි.

ඒ අතරන් බොහොමයක් රාජ්‍ය විරෝධී ඒවා බවත්, ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කිරීම හේතුවෙන් මෙම වෙබ් අඩවි රජය විසින් ක්‍රියාවිරහිත කිරීමට ඉඩ ඇති බවත් ඔහු කියා සිටියේය.
සන්ඩේ ටයිම්ස් ඇසුරින්

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us