රූපවාහිනියෙන් තැපැල් ඡන්දයට බලපෑම්

Published in පුවත්
Tuesday, 23 December 2014 11:47

තැපැල් ඡන්දයට ජනාමාධ්‍ය මගින් බලපෑම් කිරීම පිළිබද කැෆේ සංවිධානයේ ස්ථාවරය මැතිවරණ කොමසාරිස්තුමා සහ ජනාධිපතිවරණයට තරග වදින සියලුම දේශපාලන පක්ෂ වෙත යොමු කරන ලදී.  මෙහි දැක්වෙන්නේ තැපැල් ඡන්දයේ පළමු දිනයේ ඇති වූ තත්වය සම්බන්ධයෙන් කැෆේ සංවිධානයේ මතය යි.

කැෆේ සංවිධානය මේ සම්බන්ධෙයෙන් මැතිවරණ කොමසරිස්වරයාට යොමු කළ ලිපිය
 
 
මැතිවරණ කොමසාරිස්තුමා
රාජගිරිය  සහ
ජනාධිපතිවරණයට තරග වදින සියලු දේශපාලන පක්ෂ ලේකම්වරුන් වෙත.
 
 
තැපැල් ඡන්දය - 2015  - මැතිවරණ පැමිණිලි  අංක 8 රුපවාහිනී සජීවි විකාශන
 
එජනිසයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වීමේ අවස්ථාව මේ වන විට රජයේ සහ පුද්ගලික  රුපවාහිනී නාලිකා මගින් ද සජීවිව විකාශනය කරමින් සිටින බව ඔබ දන්නා කරුණකි.
 
තැපැල් ඡන්දය පැවැත්වෙන අතර එක් දේශපාලන පක්ෂයක් සජීවී රූපවාහිනී විකාශනයක් සිදු කිරීම ඇදහිය නොහැකි තරමේ මැතිවරණ නීති උල්ලංඝණය කිරීමකි. 
 
මැතිවරණ දිනය සියලු කටයුතු මැතිවරණ කොමසාරිතුමාගේ පාලනය යටතේ පවත්වා ගැනීමේ අවශ්‍යතාව පිළිබද ඔබ සියලු දෙනා ද එකගවන්නේ යැයි සිතමි.  මෙම සජීවි විකාශනය තැපැල් ඡන්දදායකයින් ලක්ෂ පහකට සෘජුව බලපෑම් කෙරෙන මෙම ක්‍රියාවකි. 
 
ඡන්ද විමසීම පැවැත්වෙන අතර රුපවාහිනී නාලිකා සියල්ලේම සජීවි විකාශනයක් පැවැත්වීම නවතා දැමීමට හෝ තැපැල් ඡන්ද විමසීම වෙනත් සුදුසු දිනයකට කල්දැමීම සුදුසු බව කැෆේ සංවිධානයේ මතය බව ඔබගේ දැන ගැනීම සදහා මෙම ලිපිය යොමු කරමි.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us