ම්ලේච්ඡයෝ ශිෂ්‍ය මානව හිමිකම් කඩ කළා(ඡායාරූප)

Published in පුවත්
Tuesday, 23 December 2014 13:42
අන්තර් උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමා පාඨමාලාව සුරැකීමේ ශිෂ්‍ය එකමුතුවේ මූලිකත්වයෙන් සහ දිවයිනේ සියළු උසස් තාක්ෂණ ආයතන ශිෂ්‍යන්ගේ සහභාගිත්වයෙන් ඊයේ (22) දහවල් පැවැත්වූ දැවැන්ත විරෝධතා පාගමනට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටදී ම්ලේච්ඡ පොලිස් ප්‍රහාරයක් එල්ල වුණි.
එම පහර දීමට එරෙහිව අද(23) දින දහවල් 12.00ට මානව හිමිකම් සුරැකීමේ ශිෂ්‍ය ව්‍යාපාරය හා අන්තර් උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලොමා මාඨමාලව සුරැකීමේ ශිෂ්‍ය එකමුතුව විසින් මානව හිමිකම් කඩ විම සම්බන්ධව පැමිණිල්ලක් ඉදිරිපත් කරන බව අන්තර්විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර සිටියි.
 
HNDA පාඨමාලාවට හිමිව තිබූ උපාධි සමානතාව නැවත බලාත්මක කරනු !
උසස් තාක්ෂණ ආයතන තුල ඇති පාඨමාලා මුදලට විකිණීමේ යෝජනාව හකුලා ගනු ! 
ශිෂ්‍ය නිදහස තහවුරු කරනු ! යන සටන්පාඨ මුල් කරගෙන, සිසුන් දිගින් දිගටම සටන් කල අතර පසුගිය දෙසැම්බර් 5 වන දිනද කොටුව දුම්රිය පොල ඉදිරිපිට සිට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය දක්වා පාගමනක් පැවැත්විය. එහිදී උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සුනිල් ජයන්ත නවරත්න මහතා සමඟ සාකච්චාවක් පැවැත් වූ අතර එහිදී සති 2ක් ඇතුලත විසදුම් ලබා දෙන බවට පොරොන්දු වී ඇත.නමුත් පාලකයන් විසින් පොරොන්දු ඉටු නොකිරීම හේතුවෙන් ඊයේ දිනද සිසුහු උසස් අධ්‍යපන අමාත්‍යාංශය දක්වා විරෝධතා පා ගමනක් පැවැත්වූහ. 
 
එම පා ගමනට පොලිසිය ජල ප‍්‍රහරක, කදුළු ගෑස්, බැටන් පොළු හා රබර් උන්ඩ භාවිතා කර ප‍්‍රහාරයක් එල්ල කර කරන ලදී. එම ප‍්‍රහාරයෙන් තුවාල ලැබූ සිසුන් 28 දෙනෙක් රොහල් ගත කලහ.පහර දීමෙන් අනතුරුව පොලිසිය විසින් ශිෂ්‍ය ක‍්‍රියාකාරින් 4 දෙනෙකු අත් අඩංගුවට ගෙන තිබුණි. ශිෂ්‍ය ක‍්‍රියාකාරින් 4 දෙනා නිදහස් කරන ලෙස බල කරමින් සිසුන් විරොධතාවයේ නිරත වීම හේතුවෙන් ශිෂ්‍ය ක‍්‍රියාකාරින් 4 දෙනා නිදහස් කරන ඇත.
20141222 161440
 
20141222 161447
 
20141222 161503
 
20141222 161515
 
20141222 161543
 
20141222 161614
 
20141222 161753
 
P1040488
 

 

Last modified on Tuesday, 23 December 2014 14:23

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us