මෛත්‍රීගේ ප්‍රතිපත්ති ගැන මට ගැටළුවක් නැහැ - මහින්ද

Published in පුවත්
Friday, 26 December 2014 14:44
විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය පිළිබඳ කිසිඳු ගැටළුවක් නැතැයිද ඒ පිළිබඳ කතාකිරීමටවත් දෙයක් මෙැති බවද  ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතා පවසයි. 
 
ඔහු තම අයවැය කොපි කර හදන ලද ලියැවිල්ලක් මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය ලෙස ඉදිරිපත් කොට ඇති බව මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දෙයි.ඔහු මේ බව පවසා සිටියේ   රුවන්වැල්ල ජනරැලියට රුවන්වැල්ල මහජන ක්‍රීඩාංගණයේ දී පැවැති ජන රැළියට එක්වෙමිනි.
 
වැඩිදුරටත් අදහස් දැක්වමින් ඒ මහතා මෙසේද පැවැසීය.
 
එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ ජනාධිපති අපේක්‌ෂක, ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීමේ අරමුණෙන් සංවිධාන කෙරෙන ජනරැලි මාලාවේ රුවන්වැල්ල ජනරැලිය ද අතිවිශාල ජනතාවකගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.
 
ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා එහිදී වැඩිදුරටත් මෙසේද පැවසීය.
 
අද මෙතැනට මුළු තුන් කෝරළයේම, මුළු සතර කෝරළයේම ජනතාව අපට සහයෝගය දක්‌වන්න පැමිණ සිටිනවා. මේ මහා ඓතිහාසික ප්‍රදේශයක්‌. ඔබ පැවත එන ඒ මහා රජ උරුමයන්ගෙන් හා මේ රට වෙනුවෙන් පෙනී සිටිය උරුමයක්‌ තිබෙන පිරිසකගේ නිජබිමක්‌. මේ රටේ හිටපු වමේ නායකයන්ගේ නිජබිමක්‌. අපි හැමවෙලාවෙම ඒ ඒ ප්‍රදේශවල මේ රට වෙනුවෙන් සේවය කරපු පැරණි නායකයින්, අප රට වෙනුවෙන් ඉදිරිපත් වුණු වමේ නායකයින් සැමරීම අපේ යුතුකමක්‌ ලෙස හැම වෙලාවේම සළකනවා. 
 
ඒ විතරක්‌ නෙවෙයි, ඔබ දන්නවා 2005 දී මම ජනතාව ඉදිරියට ආපු අවස්‌ථාවේ ඔබ මට සහයෝගය දැක්‌වූවා. එදත් මේ භූමියේ තමයි අපි
 
රැස්‌වීම තිබ්බේ. අද මේ පිට්‌ටනිය එදා තිබුණාට වඩා ලස්‌සනයි. එය හදලා තියන්න කියලා මම ඒ වෙලාවේම පැවසුවා. අද මෙය ලස්‌සන පිට්‌ටනියක්‌ බවට පත්කර ජනතාවගේ අයිතියට ලබාදී තිබෙනවා. ඒ අයට ස්‌තුතිවන්ත වෙනවා මම.
 
මම අද සුබ නැකතින් රටටම ඉදිරිපත් කළා, ලොව දිනන මඟ මහින්ද චින්තන ප්‍රතිපත්තිය. අපි දන්නවා 2005 දී ඔබට තිබුණේ එකම පැතුමයි. එකම බලාපොරොත්තුවයි. ඒ රට දෙකට කැඩෙන එක නවත්වලා, උතුර නැගෙනහිර එක්‌ පැත්තකට ගිහින්, කෑලිවලට කැඩෙන්න ගිය මේ ලංකාව එක්‌සේසත් කරලා, ඒකීය රටක්‌ තුළ ජනතාවට බියෙන් හා සැකෙන් තොරව ජීවත් වීමේ අයිතිය ලබාදීමේ එකම අරමුණයි තිබුණේ. මම ඒ අරමුණ ඉටු කළා. ඉන් පසු ඔබ මට වරමක්‌ දුන්නා නැවත වරක්‌ මේ රට ගොඩනඟන්න. 
 
අපි ඔබගෙන් අහනවා, අපි මේ අතින් එක හොර ගිවිසුමක්‌ හෝ අත්සන් කළාද? එක්‌ පාවාදීමක්‌ හෝ කළාද? මේ රටේ සම්පත් විකුණන්න මේ අත්සන ගැසුවාද? නැහැ. අපි දන්නවා එදා පුබුදමු ලංකා වැඩපිළිවෙළ ගෙනාවා. ගෙනැවිත් රටේ තිබුණු සම්පත් විකුණුවා. රටේ තිබුණු තේ වතු, රබර් වතු සමාගම්වලින් අරගෙන ජනතාව සන්තක කළාම ඒවා එක්‌ කණ්‌ඩායමක්‌ විසින් විකුණා දැමුවා. අනෙක්‌ කෙනා ඇවිත් මානුෂික මුහුණුවරකින් ආර්ථිකයේ කළමනාකරණය වෙනස්‌ කරනවා කියලා විකුණා දැමුවා. දැන් එනවා අලුත් මුහුණක්‌ එයා එන්නේ සිංගප්පූරු ක්‍රමයට ආර්ථිකය කළමනාකරණය කරන්න. කර්මාන්තශාලා පමණක්‌ නොවෙයි එතකොට වරාය, රේගුව, බැංකුව, ගුවන් තොටුපළ මේ සියල්ල විකුණා දමන්න, මේවා විකුණන වැඩපිළිවෙළ තමයි, ගෙනැවිත් තිබෙන සිංගප්පූරු මොඩලය. 
 
ලංකාවට ගැලපෙන්නේ නැහැ සිංගප්පූරු මොඩලයක්‌. ලංකාවට ඕනෑ ශ්‍රී ලංකා මොඩලයක්‌. එයයි අපි පාවිච්චි කරන්නේ. මේ රටේ අවුරුදු තිහක්‌ තිබුණු ත්‍රස්‌තවාදය අපි පරාජය කළා. ඒ පරාජය කළේ පිටරටින් ගෙනාපු මොඩලයකට නෙවෙයි. ලංකාවේ මොඩලයටයි. අද ඒ ලංකා මොඩලය තමයි, බලගතු ජාතීන් පවා අද ත්‍රස්‌තවාදය පිටුදකින්න ක්‍රියාත්මක කරන්නේ. 
 
ඔබ අපි කෙරේ විශ්වාසය තබන්න. අපි මේ රටේ තරුණ පිරිසට රැකියා අවස්‌ථා ලබාදෙන්න, ව්‍යාපාර ආරම්භ කරන්න, ස්‌වයං රැකියා අවස්‌ථා ලබාදෙන්න, සහනාධාර ලබාදෙන්න කටයුතු කරපු රජයක්‌ අපි. මගේ අයවැය කතාවේ තිබෙන කාරණාවලට සුළු එකතු කරලා එය කොපි කරලා තමයි, ඒ අයගේ ප්‍රතිපත්ති ප්‍රකාශය සකස්‌ කර තිබෙන්නේ. කිසිදු වග විභාගයකින් තොරව හදපු ලැයිස්‌තුවක්‌. මගේ අයවැය තමයි කොපි කර ඉදිරිපත් කර තිබෙන්නේ. මෙහෙම නායකයන් ගැනද විශ්වාසය තබන්න කියන්නේ. 
 
ජනතාව ඉදිරියට ඇවිත් අපි ඔබට පොරොන්දු වුණා වගේ අද මේ රටේ ජනතාවගේ, දෙමාපියන්ගේ, දරුවන්ගේ, ස්‌වාමිපුරුෂයන්ගේ, භාර්යාවගේ ඇස්‌වල තිබුණු කඳුළු අපි පිස දැමුවා. තිස්‌ වසරක්‌ හඬ හඬා සිටි ඔබගේ කඳුළු අපි පිස දැමුවා. නායකයින් කියන්නේ ජනතාවගේ කඳුළු පිසදමන අය මිසක්‌ කැමරාවක්‌ ඉදිරියට ඇවිත් ඉකි ගසමින් හඬන නායකයන්ට නොවෙයි. ඔබ දුටුවා නේද? එයාලටද නායකයන් කියන්නේ. ජනතාවගේ කඳුළු පිස දමන්න ඉන්න කෙනා අඬලා කොහොමද? මේක මහා විහිළුවක්‌. එහෙම අයට නායකයින් වෙන්න බැහැ. ජනතාවට පුළුවන්කමක්‌ නැහැ නායකයන්ගේ කඳුළු පිස දමමින් ඉන්න. විශ්වාසයක්‌ තිබෙන්න ඕනෑ වැඩක්‌ කරන්න.
 
යමක්‌ කිව්වොත් කරනවා කියලා එය කරන්න ඕනෑ. මම කරන දේ කියන, කියන දේ කරන නායකයෙක්‌ කියා පැහැදිලිව ඔබට මතක්‌ කරනවා. ඒ නිසා අපි බොහොම පැහැදිලිව රටේ ආරක්‌ෂාවට මුල් තැන දෙනවා. රටේ හමුදාව උතුරෙන් ඉවත් කරන්නේ නැහැ. යුරෝපයට අවශ්‍යද උතුරෙන් හමුදාව ඉවත් කරන්න. ඒ ප්‍රදේශ වෙන්කර ගන්න. මම කිව්වා ගෙනෙන්න බැහැ කියලා. හමුදාව සියයට 50කින් අඩු කරන්න කියනවා. අපි එයට බැහැ කිව්වා. අද මේවා ගැන කතා කරන්නේ නැහැ කවුරුත්. අද ඔවුන්ට අපහාස කරනවා.
 
රාජ්‍ය සේවය ලක්‌ෂ 14 - 15 දක්‌වා ගෙන ආවා. තවත් සාමාන්‍ය පෙළ, උසස්‌ පෙළ සමත් තරුණ තරුණියන් 150000 කට රජයේ රැකියා ලබාදීමේ වැඩසටහන අපි දියත් කරනවා. ඒවාට මුදල් වෙන්කර තිබෙනවා. ඒවා ගැන මෙයාලා කතා කරන්නේ නැහැ. ඔබ විශ්වාසය තබන්න රටේ සම්පත් වැඩි කරපු අපිට.
 
නොයෙක්‌ චෝදනා කරනවා කටට එන. අධිවේගී මාර්ග හැදුවාම කියනවා ඒ අය ඒ වියදමෙන් තුනෙන් එකකින් කරනවා කියනවා. අපි ඒ අයට කරන්න දීලා වසර ගණනාවක්‌ බලා සිටියා. තුනෙන් එකෙන් නෙවෙයි භාගයකින්වත් කරන්න බැරි වුණා. කෙනෙකුට අත දිගු කරලා මඩ ගසන්න ලේසියි. ධර්මපාලතුමාටත් රට අතහැරලා යනතුරු මඩ ගැසුවා. සිරිමාවෝ මැතිනියටත් චෝදනා කළා. අවසානයේ කේම්බ්‍රිඡ් කාර් එකක්‌ ගත්තා කිව්වා. කොමිසමක්‌ දාලා ප්‍රජා අයිතිය අහිමි කළා. එහෙම කරපු අයත් එක්‌ක අද මැතිනියගේ දුව හවුල් වෙලා. මට කනගාටුයි ඒ ගැන. මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කර තිබුණා වසර 17 ක්‌. මේක තමයි තත්ත්වය. මඩ ගසන වැඩපිළිවෙළ විශ්වාස කරන්න එපා.
 
අපි සියලුදෙනා අත්වැල් බැඳගෙන මේ රට ගොඩ නඟමු. ඔබේ දරුවාට සුරක්‌ෂිත ලංකාවක්‌ බිහිකරමු. ඔබේ දරුවා ලොව දිනන දරුවෙක්‌ බවට පත් කරන්න ඔබ සූදානම් වෙන්න. ඔබට පුළුවන්. සුසන්තිකා වැනි අය මේ රට දිනලා තිබෙනවා. ලොව දිනලා තිබෙනවා. ලොව දිනන්න පුළුවන් තව පිරිසක්‌ මේ රට තුළ බිහිකිරීමේ අභියෝගය භාරගන්න අපට හැකියාව තිබෙනවා. ශක්‌තිය තිබෙනවා. 

 

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us